Artwork for Playtrix Top Banner Ladies Night
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for TSING TAO sidebar banner 2

3/5

Cafe 993

280/3, Alvitigala MW, Colombo 08


Tucked in a little road down Elvitigala Mawatha, Cafe 993 is a mix between a cafe and a Chinese-Sri Lankan resto.



බොරැල්ල නාරාහේන්පිට අතරෙ ඇල්විටිගල මාවතේ තියන කැෆේ 993 කියල චයිනීස් රෙස්ටොරන්ට් එකක් ගැන අපිට ආවා ආරංචියක්. ඒ පාරේ ඕන තරම් එහෙට මෙහෙට ගිහින් තිබ්බට මේ කැෆේ එක මෙච්චර කල් දැක්කෙ නැත්තෙ මොකද කියල හිත හිත ම අපි හැන්දෑ වරුවක ගියා එතන හොයාගෙන.

තැන

කිව්වත් වගේ මේක පාරට ඒ තරම් පේන්නේ නැති මුල්ලක තියෙන්නෙ. නමේ හැටියට කැෆේ එකක් කිව්වට කැෆේ එකක්මත් නෙමෙයි, හැබැයි ලොකු විච්චූරණ තියන රෙස්ටොරන්ට්  එකකුත් නෙමෙයි. බල්බ් වැල් එල්ලලා ලස්සන කරලා තිබුණ මෙතන තරමක පාකිං ස්පේස් එකකුත් තියනවා. අපි ගියේ හැන්දෑවේ නිසා අපිට අව් රශ්මියෙන් කරදරයක් තිබුණේ නෑ. ඉතිං අපි එළියේ දාල තිබුණ ලී මේසයක් වටේට වාඩි වුණා. දවල් වරුවක යනවා නං ඒසී කරපු ඇතුළෙ තැනකින් වාඩි වෙනව නං තමයි හොඳ.

කෑම

මෙයාලගේ මෙනු එකේ ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වගේ චයිනීස් කෑම එක්ක ම සැන්ඩ්විචස් එහෙමත් තිබුණා. වෙජි පැත්තට බර අයට වගේ ම මස්මාළු කන අයටත් තෝරගන්න ඩිෂස් ඕන තරම්. අපේ ඇහැ ගියේ මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් එකට (රු. 680). ඒ එක්ක ම අපි තේරුවා සිංගපෝ චිලි චිකන් ඩිෂ් එකයි (රු. 780), මෂ්රූම් ජාති තුනක් එක්ක ආපු ෆ්‍රයිඩ් බීන් කර්ඩ් ඩිෂ් එකයි (රු. 550).

මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් ස්මෝල් පෝෂන් එක සාමාන්‍යයෙන් ටිකක් කන දෙන්නෙකුට ෂෙයාර් කරගන්න පුළුවන්. මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් කිව්වට මොකද සොසේජස්, කැරට්, ලීක්ස් වගේ කෑලි ටිකක් විතරයි මේකට මික්ස් කරල තිබුණෙ. බත් එකක් විදිහට ශේප් එකේ කන්න පුළුවන් තරමින් පදමට රස කරලා තිබුණට මික්ස්ඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් විදිහට තව දේවල් මික්ස් කරන්න ඕනමයි කියල අපි හිතනවා.

සිංගපෝ චිලි චිකන් එක පෙනුමෙන් හායිහූයි ගෑවෙන ගාණට සැරයි වගේ. හැබැයි ඒක ඇත්තට ම බර වෙලා තිබුණෙ පැණි රස පැත්තට. බැටර් කරපු චිකන්වලින් වැඩිපුර ආවෙ තක්කාලි සෝස්වල රස. ඉතිං මේක සමස්තයක් විදිහට සැර මදි. තව ටිකක් ස්පයිසි ගතිය වැඩි කරන්න පුළුවන් වුණා නම් හොඳයි.

අපේ ඉහළ ම කැමැත්ත දිනාගත්තෙ මෂ්රූම් ජාති තුනක් එක්ක ආපු ෆ්‍රයිඩ් බීන් කර්ඩ් ඩිෂ් එක. අමුතු විදිහකට හදපු චොප්සි එකක් වගේ පෙනුණ මේකට ගාණට ලුණු ඇඹුල් එකතු කරල තිබුණා. ඒ වගේ ම මේ බීන් කර්ඩ් එක තමයි අපි මෙච්චර කාලෙකට කාපු සොෆ්ට් ම බීන් කර්ඩ් එක. හිතාගන්න බැරි තරම් මේක සොෆ්ට් කරල තිබුණා. ඇති තරම් මෂ්රූමුත් දාල නිසා මේ ඩිෂ් එකට නම් අපි එක පයින් කැමතියි.

ෆ්‍රයිඩ් රයිස්වලට අමතරව අපි ට්‍රයි කරල බැලුවෙ ක්ලබ් සැන්ඩ්විචස්. (රු. 950) තක්කාලි, චීස්, ක්‍රීමි ටූනා, චිකන් හැම්, සලාද කොළ, බිත්තර, අබ එහෙම පුරවල තට්ටු පහකින් ආපු මේ සැන්ඩ්විච් එක, එක කටකට කන්න බැරි තරම් ලොකුයි. පාන් පෙති ටිකේ තිබුණු වේලුණු ගතිය නිසා අනික් ජාතිවල ෆ්ලේවර්ස් යට ගිහින් බවක් දැනුණා. මේක එක්ක ආපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එක ලොකුයි. හැබැයි ඒකටත් තව ලුණු ටිකක් ඉහින්න පුළුවන් වුණා නං මරු.

බීම 

කැෆේ 993 එකේ ඩ්‍රින්ක්ස් ගැන අපි ඉන්නෙ හොඳට ම පැහැදිලා. අපි ඕඩර් කරපු ලයිම් ජූස් එකයි (රු. 250), චොක්ලට් මිල්ක්ෂේක් එකයි (රු. 600) දෙක ගැන ම දෙන්න තියෙන්නෙ සතුටුදායක කමෙන්ට්ස්. නියම ලයිම් රස එක්ක ගාණට සීනි මිශ්‍ර වුණ ලයිම් ජූස් එක මුලින් ආවෙ කූල් කරන්නෙ නැතුව. අපි කූල් කරලා ඉල්ලුවම ඒගොල්ලො අයිස් කැට දාල වීදුරුව ආයෙත් පුරවලම ගෙනාවා.

ගාණ ටිකක් වැඩි වුණත් චොක්ලට් මිල්ක්ෂේක් එකත් නියමයි කියන්න පුළුවන් මට්ටමේ තිබුණා. උකු ක්‍රීමි ගතියට හදල, චොක්ලට් ගොඩක් එකතු කරල ආපු මේකේ පැණි රස එහෙම තිතට.

සර්විස් එක 

කෑම බීම ටික විනාඩි 10-15ක් ඇතුළත ආපු නිසා වගේ ම, ස්ටාෆ් එක අපිට සුහද ව සහ අවධානය දෙමින් සර්ව් කරපු නිසා සර්විස් එක හොඳයි කියන්න පුළුවන්.

අවසාන වශයෙන්

බොරැල්ලේ සාමාන්‍යයෙන් දවස පුරා තියන කලබලය මඟ ඇරලා නිවාඩු පාඩුවෙ කෑම වේලක් කන්න කැෆේ 993 හොඳ තැනක්. ඉතින් කෑම පැත්තෙන් තව ටිකක් වැඩිදියුණු වෙන්න ඒගොල්ලන්ට පුළුවන් කියල අපි විශ්වාස කරනවා.

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment