97, Hill Street, Dehiwala
Open 12.00PM to 10.00PM
Cafe Asiana is an established affordable restaurant down Hill Street that, as the name suggests, serves Sri Lankanized Asian food - their portions are huge and their seafood is spicy and delicious.
දෙහිවල තියෙන කැෆේ ඒෂියානා එක, ඒ පැත්තේ ගොඩක් දෙනා යන එන “පොකට් ෆ්රෙන්ඩ්ලි” රෙස්ටෝරන්ට් එකක් විදියට ප්රසිද්ධයි. ලංකාවේ තාලෙට හැදෙන ඒෂියන් කෑම සෑහෙන්න සාධාරණ ගාණකට මෙතැනින් ගන්න ලැබෙනවා. කාලෙකින් මෙහෙට එන්නත් බැරි වුණු නිසා, පහුගිය දවසක මං කැෆේ ඒෂියානා එකට ඔලුව දැම්මේ මගේ යාලුවෙකුත් අඬගහගෙනමයි.
දෙහිවල හිල් ස්ට්රීට් එක දන්නවනේ? මේක තියෙන්නෙ ඒ පැත්තේ. හැබැයි කරගම්පිටිය හන්දියට කලින්. මැලේ රෙස්ටෝරන්ට් එකට පොඩ්ඩක් මෙහා පැත්තේ.
නිකමට හිතන්නකෝ ගෙදර කාණ්ඩෙ ම එක්කාසු කරගෙන එළියේ කෑමකට යනවා කියලා. මේක ඒ වැඩේට හොඳට ගැළපෙන තැනක්. පවුල් පිටින් එකට වාඩිවෙලා කෑම ගන්න පුළුවන් විදියට ඉඩකඩ හදලා තියෙනවා. රෙස්ටෝරන්ට් එක ඇතුළ ටිකක් අඳුරුයි වගේ. පොඩ්ඩක් එලිය තිබුණනම් තවත් හොඳයි.
කිව්වත් වගේ චයිනීස්, සිංගප්පූරු හුරුවේ කෑම කැෆේ ඒෂියානා එකෙන් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඉන්දියානු කෑමත් තියෙනවා. බීම විදියට තියෙන්නේ ජූස්, මොක්ටේල්, මිල්ක්ෂේක් වගේ ජාති. ඔය අතරින් අපි තෝරගත්තේ “සීෆුඩ් තායි රයිස්” (රු.720) එකකුයි, “ඩයිස්ඩ් චිකන් විත් චිලි ඇන්ඩ් පයින්ඇපල් ප්රිසර්ව්” (රු.450) එකකුයි, “හොට් බටර් කට්ල්ෆිෂ්” (රු.640) එකකුයි. බීම මෙනුවෙන් “ලයිම් ජූස්” (රු.180) එකකුයි, “වින්ටර් ක්රම්බල්” (රු.250) මොක්ටේල් එකකුයි ඕඩර් කළා.
මුලින් ම මේසෙට ආවේ අපේ බීම දෙක. ලයිම් ජූස් එක ගොඩක් හොඳයි. සීනි ගානට දාලා නිසා දෙහි රස හොඳින් ම තේරුණා. හරි ම රිෆ්රෙෂින්. මේ වින්ටර් ක්රම්බල් එක අපි කාලෙකට පස්සේ බිව්ව රස ම මොක්ටේල් එකක්. බ්ලැක් බේරි එක්ක ඇපල් දාලා හදපු මේක නියමයි. ළා ඇඹුල් රැසකට එකතුවෙච්ච පැණි රසක් මේ මොක්ටේල් එකෙන් ආවා.
සීෆුඩ් තායි රයිස් එකේ මදි නොකියන්න ඉස්සෝ දාලා තිබුණා. මේ බත මාර ස්පයිසි. කටට සැරට කන්න කැමැති අයට එකෙන් ම හරියන බත් එක. ගොඩක් තෙල් ගතියක් ඇත්තෙත් නැහැනේ. අනික අපි ගත්තේ දෙන්නෙක්ට හරි යන පෝෂන් එක. ඒ වුණාට තුන්දෙනෙක්ට කන්න පුළුවන් සයිස් එකට බත් මේකේ තිබුණා.
අපි ගත්ත ඩයිස්ඩ් චිකන් එකත් පට්ට. හතරැස් වෙන්න කපපු චිකන් කෑලි චිලී සෝස් එකක ගිල්ලලා අන්නාසි කෑලිත් එකතු කරලා තමයි මේක පිළිගැන්වුණේ. බත් එකට මේ චිලී සෝස් ටිකක් දාගත්ත ම තවත් නියමයි. ස්පයිසි ගතිය ඕනේ තරම්. අන්නාසි කෑලිවලින් මේ චිකන් කරියට එකතුවෙන ඇඹුල් රසින් නියම කික් එකක් එනවා.
සේරමත් හරි, ඔක්කොම එපා වුණේ අපි ගත්ත හොට් බටර් කට්ල්ෆිෂ් එකෙන්. මේක නිකන් දැල්ලෝ හැඩේ ගල් ගෙඩි ටිකක් වගේනේ. කටින් කෑලි කඩාගන්නත් බැහැ. හැන්දෙන් ඇනලා බැලුවා. ඒත් බැහැ. ගෑරුප්පුවෙන් ගහලත් බැලුවා. වැඩක් වුණේ නැහැ. මේක කෑලි කඩලා කන්න පුළුවන් එකක් නෙවෙයි. කනවනම් මුළු දැල්ලා පිටින් ම කටේ දාගන්න ඕනේ. අනික හෙන පරණ රසක් ආවේ. හරියට කලින් හදපු එකක් ආයේ සැරයක් තෙලට දාලා දුන්නා වගේ. අපි මේකෙන් කටවල් දෙකකට වඩා කෑවේ නැහැ. මොකද බැරි වැඩ කරන්න ගිහින් හොඳට තියෙන දත් ටික කඩාගන්නේ මොකටද?
ඩෙසර්ට් එක විදියට අපි වටලප්පන් (රු.220) ඕඩර් කළා. අපරාදේ කියන්න බෑ, තඩි වටලප්පන් කෑල්ලක් ලැබුණා. ඔරිජිනල් කිතුල් පැණිවලින් හදපු වටලප්පන්වල ගැම්ම නැතත්, මේක හුඟක් රසයි. ලොකුවට පැණි රසක් ඇත්තෙත් නැහැනේ.
කැෆේ එෂියානා එකේ සර්විස් එක හොඳයි. කෑම බීම සේරම ටික මේසෙට ආවේ විනාඩි 20කින් වගේ. සේවක මිත්රයින් වගේ ම, මැනේජර් මහත්මයත් හරි ම සුහදශීලියි.
දෙහිවල පැත්තෙන් යන වෙලාවක ගෙදර කට්ටියට බඩගින්නක් ආවොත් කැෆේ ඒෂියානා එකට එක්කගෙන යන්න. කෑම ජාති පෝෂන් සයිස් තුනක් තියෙන නිසා, ලොකු ගාණක් වියදම් නොකර බඩ පුරවගන්නත් පුළුවන්නේ.
Cafe Asiana is an established affordable restaurant down Hill Street that, as the name suggests, serves Sri Lankanized Asian food - their portions are huge and their seafood is spicy and delicious.
සිංහල දෙහිවල පැත්තෙන් යන වෙලාවක ගෙදර කට්ටියට බඩගින්නක් ආවොත් කැෆේ ඒෂියානා එකට එක්කගෙන යන්න.
Address
Directions
Turn into Hill Street at the Dehiwala junction and keep going - Cafe Asiana is just before Malay Restaurant, on your left.
Contacts
Report Inaccuracy
Open 12.00PM to 10.00PM
Cuisine
Price Range
Ratings Breakdown
5/5
Dear Ms Umairah,
Many thanks for your constructive comment made to us. Sorry to hear about your dining experience with us. Am having a huge inquiry with regard to your complaint and therefore would like to have more details of your visit. Appreciate your contact mobile number so that I can call you.
2/5
😡😡😡😡😤😤😤😤
This place is the worst place ever
We ordered the food at 7:15 pm and was waiting for abt 50 mins but still no food came then they kept the food at 8:10 but the food was not even hot , dnt know wat the shut r they dng for sooo long , the food is nt at all tasty then we ordered fruit salad actually it was not at all a fruit salad it was jst pieces of fruits that’s all which is nt even nyc to see , I humbly request everyone to nt go to this restaurant ever in ur life 😡😡😡😡
1/5
Shitiest service ever! Order was placed at 9.30 for a Nasi. Called at 10.30 to check and was informed that the order was despatched. But no avail. Called at 11 again to re-check, someone named Amaranath says there was no order as such and the delivery guy is off. Such careless and bull shit service ever. Btw, this is not the 1st time they've messed up the order. I recommend every one NOT to order from Asiana and to avoid this stupid place and order from some restaurant else where staff are responsible. Extremely dissatisfied!
Avoid having fast foods (Subs, Burgers). They tend to mess it up. The other things in the menu are probably better as per this review.
Yamu review says they have parking space. I went there with my family and they said they didn't have parking. It seemed like they didn't care either. We had to go to another place for dinner
I've been dining since 2008, there quality and quantity has always been the same, good food - value for money. There service is also good!
With a review like that I too expected a higher rating. I tried this place thrice last month and I think they deserve something better than three stars.
5/5
cafe asiana
Dear Ms Umairah,
Many thanks for your constructive comment made to us. Sorry to hear about your dining experience with us. Am having a huge inquiry with regard to your complaint and therefore would like to have more details of your visit. Appreciate your contact mobile number so that I can call you.
2/5
umairah Abdul Khalik
😡😡😡😡😤😤😤😤
This place is the worst place ever
We ordered the food at 7:15 pm and was waiting for abt 50 mins but still no food came then they kept the food at 8:10 but the food was not even hot , dnt know wat the shut r they dng for sooo long , the food is nt at all tasty then we ordered fruit salad actually it was not at all a fruit salad it was jst pieces of fruits that’s all which is nt even nyc to see , I humbly request everyone to nt go to this restaurant ever in ur life 😡😡😡😡
1/5
basith292