Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for New internal sidebar 10.08.2020

3/5

Cafe Chill

Wellawaya Road, Ella

This is truly a chill spot with beanbags, good food and decent WiFi.

ඇල්ල කියන්නෙ හරිම කූල් පැත්තක්. මම කියන්නෙ මෙහේ තියෙන සීතල දේශගුණේ ගැන ම නෙවෙයි.

ඇල්ල හංදිය කිට්ටුව ම තියෙන කැෆේ චිල් කියන්නේ අවුරුදු කීපයක් ඇතුලත ඇල්ලට එන අය අතර ගොඩක් ජනප්‍රිය වුණු තැනක්. කඳුකරේ වුණාට වෙව්ලන තරම් සීතල නැති, ළාවට චිල් හැන්දෑවක අපි කැෆේ චිල් එකට ගියේ කලින් වතාවක මෙතනට ආපු අපේ යාළුවා කලින් දවසේ ඉඳන් මෙතන ගැන කියපු රසකතාත් ඔළුවේ පුරවගෙන.

තැන

අපි යද්දිත් මේස ඔක්කොම පිරිලා; ටික වෙලාවක් බලන් ඉන්න ඕන මේසයක් හිස්වෙනකල්. ළා මියුසික් එකයි කනබොන මිනිස්සු කතාකරන හිනාවෙන සද්දෙයි ඔක්කොම එකතුවෙලා මට මතක් වුණේ අපි අර ඇමරිකන් ෆිල්ම්වල එහෙම දකින බිසී රෙස්ටූරන්ට් එකක්. හැබැයි මේ කලබල ඔක්කොම අස්සෙත් මෙතන හරිම චිල් මූඩ් එකක් නම් තියෙනවා.

සර්විස් එක

චිල් මූඩ් එක ගැන කතාකරද්දි මුලින් ම කියන්න ඕන මෙතන වැඩකරන කට්ටිය ගැන. සාමාන්‍යයෙන් කොළඹ තියෙන ටිකක් ගණන් ආර්ටි රෙස්ටෝරන්ට්වල දි වුණත් සමහර වෙලාවට අපට මුණගැහෙනවා මෙළෝ රහක් නැති මුස්පේන්තු වේටර්ලා. ඒත් මේසවල ඉඩ නැතිවෙන ගානට සෙනග ආවත් මෙතන වේටර්ලාගේ (සහ ඕපන් කිචන් එකේ උයන කට්ටිය) චිල් එක නම් නැතිවෙන්නෙ නැති පාටයි. කෑ ගහන්නෙ උඩ පනින්නෙ නැතුව, ඉක්මණට, ඒත් හදිස්සියක් නැතුව කට්ටිය කූල් එකේ වැඩ. පිටරට ලංකාවේ කියල වෙනසක් නැතුව කවුරුත් එක්ක මිත්‍රශීලි ව වැඩකරන මේ වේටර් මල්ලිලාගේ (අයියලා?) චිල් මූඩ් එක ටිකක් වෙලා බලන් ඒ දිහා ඉද්දි අපේ ඇඟටත් එනව වගේ.

කෑම

මේසයක් හිස්වෙනකල් හිටගෙන ඉද්දි ම මෙනු එක අපේ අතට ආවා. ඒත් අපිට විනාඩි දෙකක්වත් හිටගෙන ඉන්න ඕන වුණේ නෑ. වේටර් අයියා කෙනෙක් ටක් ගාලා හිස් වුණු මේසයක් අපිට සෙට් කළා. මෙතන හැම වර්ගයකම කෑම තියෙනවා, රයිස් ඇන්ඩ් කරිවල ඉඳන් පීසා, බර්ගර් වෙනකල්. මෙයාලා ළග තියෙන කොක්ටේල් වර්ග ගොඩක් ඒවා මෙහෙට ම ආවේණික ඒවා; අපේ කුරුඳු, අපේ තේ, අපේ අරක්කු රස එකතුකරලා හදපුවා. මගේ යාළුවෝ ශ්‍රී ලංකන් ස්පෙෂල් (රු. 500) සහ එලිෆන්ට් රොක් (රු. 600) ඕඩර් කළා.

මම ඕඩර් කරපු කියුබා ලිබ්රේ (රු. 600) එක වෙනුවට මාරුවෙලා ඇවිත් තිබුණේ  පීන කොලාඩා එකක් වෙන්න ඕන. අන්නාසියි පොල්කිිරියි එක්ක රම්. පීන කොලාඩා එකක් හැටියට නම් අවුලක් නැතුව ඇති, ඒත් මම මේකේ පොල්කිරි රසට එච්චර ආසා නෑ.

එලිෆන්ට් රොක් එක නම් ටිකක් අරක්කු රස දැනෙනවා වැඩියි. කුරුඳු රස විස්කියි, ඉඟුරුයි දෙහියි දානව කීවට අපිට නම් ආවේ නිකං විස්කි ජින්ජර් බියර් එක්ක් සැන්ඩි කළා වගේ රසක්.

ශ්‍රී ලංකන් ස්පෙෂල් එකට දාන්නෙ අරක්කුත් එක්ක ජින්ජර් බියර්, ලයිම් වොඩ්කා සහ රෙඩ්බුල්. මේක නම් රසයි.

පොටේටෝ වෙජ් (රු. 320) එකක් මීට වඩා රස වෙන්න විදියක් නෑ. ළාවට ලුණු රසත් එක්ක හැපෙන පොත්තට ඇතුලෙන් හරි ම සොෆ්ට්.
කෑමට මම ගත්තේ කැෆේ චිල් ස්පයිස් ස්පෙෂල් පීසා (රු. 1400) එකක්. මෙයාලගේ පීසා එකට ටොපින්ස් ගොඩක් දාන්නෙ නෑ. හැබැයි සෝස් රසයි චීස් රසයි ඔක්කොම ගාණට. අපේ මේසේ එහා පැත්තෙ හිටිය බ්‍රිටිෂ් කෙල්ල නම් කීවේ එයා ලන්ඩන්වල කන පීසාවලටත් වඩා මේක හොඳයි කියලා. ඒත් ඉතිං එයා ලන්ඩන් මිසක් ඉතාලි නෙවෙයිනේ, ඒ නිසා පීසා ගැන එයාගේ තක්සේරුව කොච්චර අදාළද කියල මම දන්නෙ නෑ.

චිකන් බර්ගර් (රු. 800) එකට කැරමලයිස් කරපු ළූණු එහෙමත් දානවා. පැටි එක වෙනුවට ලෝබ නැතුව දාලා තියෙන්නේ තියෙන්නෙ ෆ්‍රයි කරපු චිකන්.

ඩෙවිල් චිකන් එක්ක ආපු බත් එක හොඳට කටදැවිල්ලට ලංකාවේ අය ආසා විදියට හදපු එකක්. ෂොට් එකක් දාල එහෙම කන්න මරු.

මම නම් වැඩිපුර ම ආසා සීෆුඩ් පාස්තා (රු. 980) එකට. ස්පයිසි සීෆුඩ් සෝස් එකක් එකක් ප්‍රෙෂ් තක්කාලියි බැසිල් කොළයි දාලා. සීසනිනුත් ගානට.

එදා රෑ කෑම අල්ලලා ගිය නිසා අපි පහුවෙනිදා දවල්ට කන්නත් ගියේ චිල් එකට. මගේ යාළුවෝ තුන්දෙනාම ගත්තේ ලම්ප්‍රයිස් (රු. 790). කලින් දවසේ පාස්තා එක අල්ලලා ගිය නිසා මම ගත්තා ඇරබියාටා පාස්තා (රු. 650) එකක්.

සාමාන්‍යයෙන් ලම්ප්‍රයිස් එකකට දාන දේවල් නෙවෙයි, අපි බත් එක්ක කන හැම කරි එකක් ම වගේ මෙයාලා ලම්ප්‍රයිස් එකට දානවා. එහෙම බලපුවම ‘ඔතෙන්ටික්’ ලම්ප්‍රයි එකක් නෙවෙයි. හැබැයි ඒ හැම කරියක් ම මේකත් එකක් හරියට ම ගැලපෙන විදියට හදල තියෙනවා.

ලම්ප්‍රයිස් එක රසයි නම් ඇරබියාටා එක රසායි! මම සීෆුඩ්වලට එච්චර කැමති නැති නිසා (පාස්තා මෙනු එකේ මම ආසා චිකන් පාස්තා වර්ගත් වැඩිය තිබුණෙ නැති නිසා) මම ඇරබියාටා එක ගත්තත් මස් මාළු මුකුත් නැතුව මේක කන්න පුළුවන් වෙයිද කියල පොඩි දෙගිඩියාවක් ඔළුවේ තිබුණා. ඒත් ඒ සැකය නැතිවෙලා ගියේ පළවෙනි පාස්තා කට කද්දිමයි. තක්කාලි රසට මිරිස් රසයි ඉතාලි සීසනිනුයි වැටිලා චීස් පොඩ්ඩකුත් ඉහලා එද්දි වෙජිටේරියන් ඩිෂ් එකක් කියල තේරෙන්නෙවත් නෑ. (වෙජිටේරියන් අයගේ කෑම අවුල් කියනවා නෙවෙයි, මම කීවේ මම පුරුදු වෙලා ඉන්නේ මස් මාළු එක්ක කන්නනේ.)

අපි බොන්න ගත්ත ෆේමස් මොහිතෝ (රු. 600) එකයි, දෙළුම් යුෂත් එක්ක එන හවුස් මොහිතෝ (රු. 670) එකයි දෙකම මම බීලා තියෙන හොඳම මොහිතෝවලින් එකක් (දෙකක්) කියල තියන්න පුළුවන්.

කිරිපැණි කියන්නෙ ඉතිං කිරිපැණිමනේ කොහොමත්. ඒත් ඒක දාලා තියෙන ලස්සන දැක්කම ඉස්මුරුත්තාවට බඩ පිරිලා තිබුණත් කන්න ආසා හිතෙනවා.

අවසාන වශයෙන්

හරිම කූල් වයිබ් එකක් එක්ක පාස්තාවල ඉඳන් ලම්ප්‍රයිස් දක්වා ඕනම කෑමක් බිමක් රහට කන්න පුළුවන් තැනක්. සර්විස් එකයි කෑමයි ඔක්කොම මේ මට්ටමට තියෙන තැනක් කොළඹ දි වුණත් හොයාගන්න ලේසි නෑ. විශේෂයෙන් ම මෙච්චර කූල් වේටර්ලා! ඉතිං ඇල්ල පැත්තෙ ගියොත් චිල් එක පැත්තෙ ගිහින් පොඩ්ඩක් චිල් වෙන්න අමතක කරන්න එපා.

TIP

This place gets super crowded at night. Go early.

Address

Wellawaya Road, Ella

Directions

It's on the main road in Ella, past the rail tracks and just before Dream Cafe.

Contacts

E-Mail Facebook

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Western

Price Range

More than Rs.1500

Dish Types

Lamprais Rice And Curry Burgers Pizza Alcoholic

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
5

Similar Places

User Reviews
O
1

1/5

0

Orwa K

I went with my mother, I called the waiter (Salindar) twice until he came, he didn't even look at us while he took the order and his breath smells alcohol. A dog came next to my mom and she is scared of dogs, we called him to help us let the dog go away, he didn't assist us at all, we had to talk to another waiter, and on the spot he assisted us. When the food arrived, we asked for an extra plate, he told us he’ll bring one, after 8 minutes of waiting, we told another waiter, he brought it in 5 seconds. He never came to our table to check as he went to all the other tables around us, which was very rude. We tried to speak with the manager, but apparently they work like a gang and none of them want us to speak to the manager, they even brought one waiter and tried to fake it by saying he’s the manager and when we asked for evidence he ran away. It was just pathetic how they dealt with us. Maybe because my mother wore a hijab or something, I’m not sure, but he was very nice to everyone except for us. Very disappointed!!!

S
1

3/5

0

Siddharth

I could have given 4 but the reason for giving 2 is because if Samar the guy in the red sweatshirt he will spoil your mood for sure.Really bad service from him , I have travelled all over the world and never ever given a bad review .This guy trust me has a major attitude problem and should be in some other industry not the hospitality industry.
I need to add the positives as well the the beer was chilled and the other guy serving us was very helpful and polite his name was ranjith kumar.The pizza was very good but the Greek fish was average.
Hope someone in the management tells Samar to treat guests with respect and not lie to them.
Overall I would give this place 4

S
1

5/5

0

Suhana Lye

Great vibe, great staff, great drinks! Must visit!

I
4

5/5

0

imajeed

They've upgraded as of January 1, 2017 and it looks amazing! The structure is turpentine and palmyrah on the top floor with a high ceiling. Ambience upgrade, say whaaa! The drinks are fab and the food is on point as expected

See 6 Comments