Artwork for New PickMe Flash banner 8 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

5/5

Cafe Kumbuk

3/1 Thambiah Avenue, Independence Ave, Colombo 07


Simple and healthy, Kumbuk does everything right with local, seasonal and organic ingredients.



කැෆේ කුඹුක් එක කූල් එකේ පොඩ්ඩක් ඉඳල යන්න හොඳ තැනක්. පරණ තාලෙට පෙනුම තියාගෙන. අඩු විසිතුරුකමකින් යුතුව, ඇඟට ගුණ කෑම හදල දෙන්න බලන තැනක් තමයි මේ. වැඩි හරියක් ආසියානු සහ යුරෝපිය වගේ කෑම තමයි කැෆේ කුඹුක් එකේ හැදෙන්නෙ. තේ, කෝපි, පාන් වගේ ඒවාට තමයි වැඩි නැඹුරුව. අපිත් ඉතින් ඒ පැත්තට ඇදුනේ මහන්සි දවසක් පොඩ්ඩක් "චිල්'" එකේ ඉන්න බලාගෙන.

 

තැන


හෝර්ටන් ප්ලේස් එකයි, විජේරාම මාවතයි කැපෙන තැනම වගේ තමයි කැෆේ කුඹුක් එක තියෙන්නේ. කැෆේ එක හොයාගන්නවට වැඩිය ලේසියි සුමිත්‍රයෝ ආයතනය හොයාගෙන යන එක. සුමිත්‍රයෝ ආයතනයට ඇතුළු වෙන පාරෙන් ඇතුලට ගිහිල්ල, සුමිත්‍රයෝ පිටිපස්සේ තියෙන ගෙදර තමයි කැෆේ කුඹුක් එක තියෙන්නෙ. කැෆේ එක සඳුදා ඇරෙන්න අනිත් දවස් හයේ උදේ අටේ ඉඳල හවස පහේ වෙනකං ඇරලා තියෙන්නෙ. ඉතින් හුඟක් හවස් වෙලා යන්න එපා, සඳුදා යන්න එපා. හොයල බලන්නෙ නැතුව ගිහිල්ල කට්ටක් කාපු හින්ද කියන්නේ.

වහල තියෙන වෙලාවට ගියත්, බඩගිනි වුනාට එච්චර අවුලක් නැහැ මොකද තැන මාර නිස්කලංකයි. ඔහේ වාඩි වෙලා ඉන්න හිතෙනවා. වටිනාකම තියෙන්නෙ කඩේ ඇරලා තියෙන වෙලාවටත්, සෙනග හිටිය වුනත් ඒ නිස්කලංක ගතිය නැති කරගන්නේ නැති විදියට හදාගෙන තියෙනවා. පරණ ගෙයක් හදල අරගෙන තමයි කැෆේ එක ඇරලා තියෙන්නේ. ගෘහ නිර්මාණ ශිල්පය විනාස කරල නැහැ. පළුදු වෙච්ච තැන් හදල, තීන්ත පාරක් ගාලා, ගැලපෙන ලී මේස පුටු අරගෙන බොහොම ලස්සනට තැන තියාගෙන තියෙනවා. කෙලින්ම මතක් වෙන්නෙ ගම්පෙරළියේ මහ ගෙදර තමයි. එක ප්‍රශ්ණයයි තියෙන්නෙ. සමහර දවස් වල පොඩ්ඩක් කඩේ වෑර්ලස් එකේ, ඒ කිව්වෙ රේඩියෝ එකේ සද්දේ පොඩ්ඩක් වැඩයි. ඒක අඩු කළා නං ගොඩ.

 

 

කෑම


මෙතැන මෙනුව එච්චර ලොකු නැහැ. තියෙන ටික ඉතාමත් හොඳට හදන්න කියල තමයි මේ අයගේ බලාපොරොත්තුව තියෙන්නෙ. පුළුවන් තරම් දේශීය, හිතකර අමුද්‍රව්‍ය වලින් කෑම හදනවා කියල තමයි කැෆේ එක කියන්නේ. අමුද්‍රව්‍ය වල වාර/අවාර අනුව තියෙන කෑමවෙනස් වෙන්නත් පුළුවන්. අපි කලින් ගිය පාරට වඩා මෙනුව පොඩියි කියල හිතුනට ඒවා විශේෂ කෑම කාණ්ඩයට මාරු කරලා විතරයි.

ඉස්සෙල්ලම රස බැලුවේ චිකන් කරි මෙල්ට් සැන්ඩ්විච් එක (රු.600). මේක කඩේ පාන් පෙති දෙකක් මැද්දට චිකන් කරි එක්ක චීස්, තෙල් දාපු ලුනු සහ රොකට් කොළ දාල එනව කියල තමයි තිබුනේ. ඉතින් අපි හිතුවා වෙනද කන සාමාන්‍ය තරමේ සැන්ඩ්විච් එකක් එයි කියල. ඒත් ආවේ රෝස් පාන් බාගයක් විතර වෙන එකක්. ඒකත් එක්ක හීනියට කපපු කැරට් සහ රතු ගෝවා සලාදයක්  පිඟානේ පැත්තකින් ආවා. එකත් ලෝබ නැතුව බෙදල තිබුණා. අලුත් එළවලු, ලාවට විනාකිරි ඇඹුල් රසක් තිබුණා. කියන්න වරදක් නැහැ.

හැබැයි මෙතන තරුව නං සැන්ඩ්විච් එක. කාගෙන කාගෙන යන්න නං බැහැ. ලොකු වැඩියි. කන්න පැයක් විතර ගියා. ඒ පාන් පෙති ලොකු හින්දම නෙමෙයි, මදි නොකියන්න ෆිලින් එක දාල තිබුණ හින්දා. චිකන් වලට හොඳට තුනපහ දාල තිබුණා. ලාවට හැබැයි. සැරට ඕනේ නං මේක හරියන එකක් නැහැ. චීස් දාල තිබුණා පීසා එකක තියෙන තරමට. කෑල්ලක් කඩල ගත්තම අර ටීවී එකේ ඇඩ් වල වගේ චීස් එක ඇදිල ඇදිල එනවා. ලුනු තෙල් දාල තිබුණා හැටියට ටිකක් අමුතු රසක් ආවට එකේ නරකක් නැහැ. කොහොමෙන් හරි ගාණට හුඟක් වටිනවා කියල කිව්වට වරදක් නැහැ.

අපි චිකන් බර්ගර් එකත් අරගෙන බැලුවා. මේකෙ චිකන් පැටී එකට අමතරව අන්නාසි සහ හතු සෝස් එකක් තමයි ආවේ. පිඟානෙ පැත්තෙන් බැදපු බතල පෙති. වෙන තැන්වල දෙන අල පෙති නෙමෙයි.  චිකන් කරි මෙල්ට් සැන්ඩ්විච් එකත් එක්ක ආපු සලාදෙත් මේකත් එක්ක ආවා. බර්ගර් එක නං විශේෂ හොඳක් කියන්න බැහැ. හැමදාම කන චිකන් බර්ගර් වල නැති වෙනස් රසක් තිබුණත් පුදුම කරවන තරම් වෙනසක් අපිට තේරුණේ නැහැ. මස් ඕනවට වැඩිය පුළුස්සල තිබුනේ නෑ, වේලිලා තිබුනේ නෑ. ලා පදමකට තමයි දාපු කුළුබඩුවක් දාල තිබුනේ. බන් එකත් අලුත්. සාමාන්‍යයෙන් ඔය පාරේ කඩේකින් ගත්ත බර්ගර් එකක් වගේ අව්වේ වේලපු ගතියක් නං නැහැ කියල කියන්න ඕනේ. හැබැයි ගානේ හැටියට ටිකක් පොඩියි කියලත් අපිට හිතුනා. බර්ගර් එකත් එක්ක ආපු බතල චිප්ස් නං නියමයි වෙනසකටත් එක්ක. හොඳට කර කර ගාල හැපුණා.

සැමන් රිසොටෝ එක තමයි අපි ඊළඟට රස බැලුවේ. රිසොටෝ කියන්නේ ඉතාලියෙන් එන කෑමක්. බත් හුඟක් දියාරු වෙනකං බ්‍රොත් එකක උයල තමයි හදන්නේ. ඉතින් රිසොටෝ එක නිකං කහ කිරිබතක් වගේ. එච්චර ගොඩක් නං බෙදල එන්නෙ නැහැ. ලස්සනට තිබුණට රස අපි හිතපු තරං තිබුනේ නැහැ. ටිකක් වතුර වෙලා ගිහිල්ල වගේ දැනුනේ. රිසොටෝ එකත් එක්ක ආපු මාළු එක නං පංකාදුයි. ඇල්ලුවම කෑලිවලට කැඩෙන්න තරං මෙලෙක් වෙලා තිබුනේ. එච්චර තම්බලා තිබුන එකෙන් වරදක් වෙලා නැහැ. කටේ මාළු කෑල්ල දියවෙලා යන්නෙ පුදුමාකාර රසයක් දිවට දීල. කිරි රසකට පොඩි තුනපහ රසක් එකතුවෙලා තමයි හැදෙන්නේ. කාලම බලන්නකෝ.

අපි කී ලයිම් පයි එකකුත් ගත්තා. මේක දෙහි වලින් හදන ඇමරිකන් අතුරුපසක්. උකු කිරි වලින් තමයි අයිසින් එක හදන්නේ. අපි කාල තියෙන හොඳම අතුරුපස වලින් එකක් තමයි මේක. තුනී බිස්කට් තට්ටුවක් උඩ, වේලිලා නැති සැහැල්ලු කේක් තට්ටුවක් තියෙනවා. ඊට උඩින් උකු කිරි වලින් හදපු අයිසින් තට්ටුව. මේ තුනටම දැනෙන නොදැනෙන තරමට දෙහි රස කාවද්දල තියෙන්නෙ. ඉතින් හැම කටක්ම කටේ දියවෙනකොට දෙහි රස හොඳට දැනෙනවා. දෙහි වල ඇසිඩ් ගතිය කිරි වලට කැපෙනවා. ඉතින් සැරක් දැනෙන්නෙත් නැහැ.

මේවත් එක්ක බොන්න ගත්තේ අයිස් කෝපි එකකුයි (රු.400), අයිස්ඩ් මයිලෝ ඩයිනෝ (රු.440) එකකුයි. මේ දෙකම නමේ හැටියට තමයි ඉතින් ආවේ. අයිස්ඩ් කෝපි එක හොඳ අයිස් කෝපි රසයි, මයිලෝ එකත් හොඳ මයිලෝ එකක රස තමයි දුන්නේ. එතනින් එහාට අඩුවකුත් නැහැ, වැඩියකුත් නැහැ. හොඳ ප්‍රමාණයක් දාලා ලොකු විදුරුවල නං ආවා. අපි තව වෙනස් ජාතියක බීමක් ගත්ත. ඒ ලයිම් පොප් ක්‍රෂ් එක. මේක දෙහි, මින්ට්, පොල් වතුර දාල හදන සිතල බීමක්. මේකත් එක්ක කොමඩු අයිස් එකකුත් එනවා. අයිස් එක නං පට්ට රහයි. හොඳ පැණිරස කොමඩු දාලා හදල තිබුනේ. බිම නං ටිකක් ඇඹුල වැඩයි. හැබැයි කරන්න ඕනේ අයිස් එක දෙහි බීම එකේ දාල දියකරන්නයි. ඊට පස්සෙ තමයි මේකේ නියම රස එන්නේ. බීගෙන බීගෙන යන්න පුළුවන්.

 

අනුමිතිය


කැෆේ කුඹුක් එක සැහැල්ලු හැන්දෑවක පොඩ්ඩක් කූල්  එකේ ඉන්න හොඳ තැනක්. ගණන් නං ලාබම නැහැ තමයි  එ්ත් මෙනුවේ හුඟක් ඒවා ගාණට වටිනවා කියල අපිට හිතෙනවා. ඔයාලත් ගිහිල්ල බලලා මොකද හිතන්නේ කියල අපිට කියන්නකෝ.

 


TIP

Hit up the Chilli Salt to spice up your meal!

Address

3/1 Thambiah Avenue, Independence Ave, Colombo 07

Directions

From Nelum Pokuna roundabout, head down Horton Place and it's to your right, right next to Flamingo House. If you're coming from Baseline Road, it's to your left.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy

Similar Places

User Reviews
D
1

1/5

0

dili.t

Ordered a slice of vegan chocolate cake. The slice was half the size of the one posted on their Instagram page. Not worth rs 650 :(

Avatar for effdog
3

1/5

0

effdog

nahhh never again. food was bad. service was bad. ambiance was bad. nothing was good. there's a nicer place next to this actually, go there lol

M
1

4/5

0

maria123

A lovely place!
Savoury food is delicious although not quite sure if portions are worth the price.
Dessert option a bit limited.

D
1

1/5

0

dili.t

Ordered a slice of vegan chocolate cake. The slice was half the size of the one posted on their Instagram page. Not worth rs 650 :(

Avatar for effdog
3

1/5

0

effdog

nahhh never again. food was bad. service was bad. ambiance was bad. nothing was good. there's a nicer place next to this actually, go there lol

M
1

4/5

0

maria123

A lovely place!
Savoury food is delicious although not quite sure if portions are worth the price.
Dessert option a bit limited.

P
3

4/5

0

Pudding

This place never fails to amaze me. I’ve tried many of their dishes including breakfast, lunch & dinner options & all I can say is that it’s superb. Food always takes a looong time to arrive (roughly 30 mins at least) which can be really annoying. It’s sad that they close so early & don’t have the option of all day Breakfast

Avatar for Dinithi
1

5/5

Dinithi YAMU STAFF

Rated 5/5

Avatar for Imaad
7

3/5

0

Imaad

Not as consistent as I hoped it would be.

See 9 Comments