Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

5/5

Cafe Kumbuk

3/1 Thambiah Avenue, Independence Ave, Colombo 07


Simple and healthy, Kumbuk does everything right with local, seasonal and organic ingredients.



ඒ ඒ කාලෙට ලංකාවේ හැදෙන එළවළු පළතුරු පාවිච්චි කරල හෙල්ති විදියට කෑමබීම හදන තැනක් තමයි කැෆේ කුඹුක් කියන්නෙ. නිස්කාංසුවේ පොතක් පතක් බලන්න, පොඩි කයියක් දාගෙන ඉන්නත් මෙතන මරු.

තැන

පරණ කොලෝනියල් බිල්ඩිමක තමයි කැෆේ කුඹුක් එක තියෙන්නෙ. යෝගා, භාවනා පංති වගේ දේවල්වලට වෙන්වුණු ප්‍රාණ ලෝන්ජ් එකත් තියෙන්නෙ මේ බිල්ඩිමේමයි.

ලොකුවට වැඩ දාලා නෑ; අර පරණ පෙණුම ඒ විදියට ම තියෙනවා. වැඩි සද්ද බද්දත් නෑ; හරිම නිස්කලංකයි. අපි යන වෙලාවෙ නම් ලොකු සෙනගක් හිටියෙත් නෑ.

කෑම

අපි කන්න ගත්තෙ නේකඩ් බරි‌ට‌ෝ  බෝල් (රු. 1000) එකයි ටෙරියාකි චිකන් බර්ගර් (රු. 950) එකකුයි. බොන්න සිලොන් පන්ච් (රු. 450) එකකුයි ඔරේන්ජ් ජූස් (රු. 400) එකකුයිත් ගත්තා.

ඕඩර් කරලා විනාඩි 15ක් යන්නත් කලින් කෑම ටික මේසෙ උඩ. කෑමවල ප්‍රසන්ටේෂන් එක නම් මරු.

මුලින් ම අපි කාලා බැලුවේ නේකඩ් බරිටෝ එක. මී කිරියි, ටොමාටො සල්සායි, ග්වාකමෝලියි, එක්ක නාචෝස්, චිකන්, කව්පි, හැලපිනෝස් තට්ටුවට යටින් බත්! කොහෙන් කන්න පටන්ගන්නද කියල හිතාගන්න බෑ. මේ හැම දෙයකින් ම එන වෙනස් වෙනස් විදියේ රස එකතුවෙලා එද්දි පට්ට රසයි.

බර්ගර් එකේ තියෙන ජූසි ගතියෙ තරමට ගෑරුප්පුවෙන් කන්නත් බෑ, අතින් කන්නත් බෑ ජූස් නාන්නෙ නැතුව. චිකන් පැටී එකයි බිත්තරෙයි එක්ක ග්‍රිල් කරපු අන්නාසි පෙති දෙකකුත් එනවනේ. අන්නාසි රස වැඩියි වගේ නම් (අපි වගේ) එක අන්නාසි පෙත්තක් පැත්තකින් තියල කන්න; ඉතුරු අන්නාසි පෙත්තෙන් එනවා චිකන් එකයි බිත්තරෙයි එක්ක ගාණට කැපෙන ඇඹුල් රහක්. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වෙනුවට මේකත් එක්ක එන්නෙ පොටෙටෝ වෙජස්.

 

ඔරේන්ජ් ජූස් එක කෝල්ඩ් ප්‍රෙස් නෙ. සීනි අනං මනං මුකුත් නෑ, තනිකර දොඩම් රස තමයි. හැබැයි ඉතිං අයිස් කැට ටික දියවෙලා කූල්වෙනකල් අපට පොඩ්ඩක් වෙලා මේක කලවම් කරන්න නම් වුණා.

මෙනූ එකේ තියෙන හැටියට සිලෝන් පන්ච් එකට නාරං, දෙහි, පොල් වතුර, ලුණු එක්ක මින්ට් ලීව්සුත් දානවා. ඒ වුණාට අපට නම් වැඩිපුර දැණුනේ නාරං සහ දෙහි රස තමයි. මින්ට් රසක් ආවෙ ම නැති තරම්. හැබැයි මේකත් මාර රිෆෙෂිං.

සර්විස් එක

මෙතන කවුන්ටරෙන් තමයි අපට ඕන ජාති ටික ඕඩර් කරන්න ඕන. විනාඩි 15කින් විතර කෑමබීම ටික ඒගොල්ලො මේසෙට ම ගෙනත්දෙනවා. සර්විස් එක නම් හරි ම ප්‍රෙන්ඩ්ලි. අපි ෆොටෝ ගන්න ගිහින් ඔරේන්ජ් ජූස් එක මේසෙ උඩ හලාගත්තමත් අපට ටක් ගාලා වෙන මේසයක් සෙට්කරල දුන්න.

අවසාන වශයෙන්

කෑමවල කොලිටි එකත් එක්ක බලද්දි මේගොල්ලන්ගෙ ගණං අසාධාරණයි කියන්න බෑ. අනික මෙතන හරි නිස්කලංක නිසා පැය ගාණක් වුණත් මෙතනට වෙලා පොතක් බලන්න, චැට් එකක් දාන්න පුළුවන්. වැඩ කරන අයත් හරිම ෆ්‍රෙන්ඩ්ලි නෙ.


TIP

Hit up the Chilli Salt to spice up your meal!

Address

3/1 Thambiah Avenue, Independence Ave, Colombo 07

Directions

From Nelum Pokuna roundabout, head down Horton Place and it's to your right, right next to Flamingo House. If you're coming from Baseline Road, it's to your left.

Contacts

E-Mail Website Facebook

Report Inaccuracy

Similar Places

User Reviews
D
1

1/5

0

dili.t

Ordered a slice of vegan chocolate cake. The slice was half the size of the one posted on their Instagram page. Not worth rs 650 :(

Avatar for effdog
3

1/5

0

effdog

nahhh never again. food was bad. service was bad. ambiance was bad. nothing was good. there's a nicer place next to this actually, go there lol

M
1

4/5

0

maria123

A lovely place!
Savoury food is delicious although not quite sure if portions are worth the price.
Dessert option a bit limited.

D
1

1/5

0

dili.t

Ordered a slice of vegan chocolate cake. The slice was half the size of the one posted on their Instagram page. Not worth rs 650 :(

Avatar for effdog
3

1/5

0

effdog

nahhh never again. food was bad. service was bad. ambiance was bad. nothing was good. there's a nicer place next to this actually, go there lol

M
1

4/5

0

maria123

A lovely place!
Savoury food is delicious although not quite sure if portions are worth the price.
Dessert option a bit limited.

P
3

4/5

0

Pudding

This place never fails to amaze me. I’ve tried many of their dishes including breakfast, lunch & dinner options & all I can say is that it’s superb. Food always takes a looong time to arrive (roughly 30 mins at least) which can be really annoying. It’s sad that they close so early & don’t have the option of all day Breakfast

Avatar for Dinithi
1

5/5

Dinithi YAMU STAFF

Rated 5/5

Avatar for Imaad
7

3/5

0

Imaad

Not as consistent as I hoped it would be.

See 9 Comments