Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

4/5

Café La Défense (Bambalapitiya)

No. 10, Kotelawala Avenue, Colombo 04


Café La Défense has a new outlet in Bambalapitiya, down Kotelawala Avenue.



සතියකට දෙකකට වුණත් දුර යනකොට දුකයිනෙ. ඒ නිසාමයි මම කල්පනා කලේ, යන්න කලින් පොඩි කෑමකට හරි එළියට එක්කගෙන යන්න ඕන කියල. එහෙම හිතල, හොඳ තැනක් බලන්න නිකමට ගොඩවුණා යමු සයිට් එකට. වෙලාව කියන්නෙ, ඒකත් ගොඩවුණා විතරයි සෙට් වුණා කියන්නකො නියම ම ප්ලේස් එකකුත්. හොඳ නිදහස් වගේම කෝපියක් බිබී, මොනවහරි කකා පොඩි චැට් එකක් දාන්න කියාපු.

ආයෙ ඉතින් දෙපාරක් හිතන්න දෙයක් තියෙනවයැ. එයාට කෙළින්ම බස් එකේ, එතනින් බහින්න කියල මම ගියා පටස් ගාලා වීල් එකක් අරගෙන.

ස්කූල් ටයිම් එකට කලින් නිසා මිසක්.. නැත්නම් හැරෙන්නවත් හම්බවෙන්නෙ නෑ.

කොහොමහරි, දෙයියනේ කියල දෙන්නම එකම වෙලාවට, අදාළ ස්ථානයට...

පාරට කිට්ටුව ම තිබ්බ දොරකඩින් අපි කැෆේ එකට ඇතුළ් වුණේ ආස කරන රස තොගයක් හිතේ තියාගෙන. අනික... එයාගෙ මුල් ම ඉල්ලීම වුණෙත්,

“අපි කෝපි බොමු නේ... කන්නත් මොනවහරි ගමුද?”

“ගමු ගමු. බර්ගර්, සබ්මැරින්... නැත්නම් පැස්ට වගෙත් ඇති. ඉන්නකො මෙනුව බලල ඉමුකො”

හෙමිහිට කිට්ටු කළා කැෂියර් එක ළඟට.

“ගුඩ් මෝනින් සර්. වට් ඩු යු ලයික් ටු හැව්. ඇන්ඩ්... සිට් එනි වෙයාර් යු ලයික් සර්. අයිල් බ්‍රින්ග් ද මෙනියු”

“ඔහ්... ඔකේ ඕකේ. වෙල්... අයිල් ගෝ දෙයාර්”

අයිනට වෙන්න තිබ්බ දොරකින් ඇතුළෙ ප්ලේස් එකක් මම පෙන්නුවෙ ඇත්තටම, එතනට මගේ හිතගිය නිසා. මොකද එතන මාර නිදහස්, හුදකළා තැනක්!

කොහොම හරි අපි ගිහින් වාඩි වෙනවත් එක්කම හිනාමුසු මූනින්, සර්විස් එක ආදරයෙන් දෙන සේවක මිත්‍රයත් මෙනු දෙකක් අරගෙන අපේ ළඟ. ඒ විතරක් නෙවෙයි, මෙනු දෙක අතට දීලා කෑම තෝරන්නත් එයා උදව් කළා. ම්... ඒ උදව්වෙන්ම, අපිට ඇත්තටම හොඳ කෑම වේලක් තෝරගන්නත් චාන්ස් එක ලැබුණ. සිග්නේචර් සබ් එකකුයි (රු. 750), චිකන් පැස්ටා එකකුයි (රු. 750), මොකා එකකුයි (රු. 420)... එතකොට ඩෙසට් එකට චොකලට් කේක් (රු. 450), චොකලට් චීස් කේක් (රු. 450) එහෙමත්!

ම්ම්... ඔයාලා හිතනවද?

පොඩි කාලයකට හරි වෙන්වෙන්න යන දෙන්නෙක්ට... එක තප්පරයක්වත් තියෙයි කියල කතා නොකර ඉන්න.

කටවල් දෙකම එක දිගටම වැඩ. ඊටත් වෙලාව යනව තේරුනෙත් නෑ. ‘හැහ්...’ ගාලා ඔලුව කෙළින් ක‌ළේ කෑම ටික මේසෙට ආවට පස්සෙ.

ෂප්පේ.. උණු උණු පැස්ටා එක!

“ආ... ඒක මෙයාට. මට සබ් එක. ලටේ එකත් මෙයාට...”

කියල දුන්නට... පැස්ටා පළවෙනි කට ම ආවෙ මට.

“ම්... උණුයි. හැබැයි රසා...යි. චිකන් බලන්නකො නේ. සෑහෙන්න දාලා. අනික ලුණු ඇඹුල්, මොසරැල්ල චීස් අඩුමකුඩුමත් නූලට. හැබැයි මං නං ආසම මේක පැස්ටා, පදම් වෙලා තැම්බිච්ච ගානට. මොකද ගොඩක් තැන්වල එක්කො පැස්ටා තැම්බිලා වැඩියි. නැත්නම් තැම්බිලා මදිනෙ”

“ඒක නම් ඇත්ත” දෙවනි කට හෙමිහිට රස බලන ගමන් එයත්, එයාගෙ කමෙන්ට් එක දුන්න. 

ඊට පස්සෙ ඉතින් මම නිකම් ඉන්නයැ. සබ් එකේ පළවෙනි කෑල්ල එයාට. නිකම් නෙවෙයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දෙක, තුනකුත් එක්කම.

“ෂා... ඒක නම් හරිම රසයි. මේ ගර්කිනුත් දාලා. ස්මෝක් චිකන් ගොඩායි...

අනේ බලන්නකො, මම මුලින් හිතුවෙ හැම් පෙත්ත විතරයි කියල. බැලින්නම් බිත්තර ඔම්ලට් එකකුත් තියෙනව. අනික ගොඩක් වටින්නෙ මේකට මයොනිස්, සෝස් අනංමනං දාලා විනාස කරල නෑනෙ. ඉතින් මස්, එළවලුවල නියමම රසවල් හොඳට එනව. ඇත්තටම මේක නම් හෙල්දි ෆුඩ් එකක් විදියටත් මරු නේ..”

කතාවෙන්..

දිගටම කතාවම තමයි.

හැබැයි ඒ අතරට හෙමින් සැරේ මොකා උගුරකුත් ගියා. මොකද ඒකෙනෙ තිබ්බෙ අමුතුම ගැම්ම. ඇත්තටම පංකාදු මොකා එක ඈ... කියල වැඩක් නෑ යාළු, තද කෝපි රස මැදින් ලා කිරි රසත් එනවා... හොඳ හැටියට ආ...

ඊට දෙවනි නැති චොකලට් කේක් කෑල්ලයි, චොකලට් චීස් කේක් කෑල්ලයි. හප්පේ... ඒක නම් ඩෙසට් එකකට විතරක් නෙවෙයි, මේන් එකක් විදියට වුණත් කන්න කියාපු. ඒ තරම් රස යාළු. චොකලට් දාලා තියෙනව, වගකීමෙන් කිව්වහැකි සුපිරි ම, ප්‍රිමියම් චොකලට් එකක් තමයි පාවිච්චි කරල තියෙන්නෙ. අනික චීස් කේක් එකටත් එහෙමයි. මාර සොෆ්ට් වෙන්න, චොකලට් වගේම චීස් රසත් හොඳ හැටියට තියෙන්න...

වැඩක් නෑ ඉතින් කියල. අන්තිමට ඉතුරු වෙච්ච චුට්ට පවා ඔතල අරගෙන ගියේ... ඉතින් කියන්න ඕන නෑනෙ නේ, රසවල්!

User Reviews
S
1

5/5

0

ShenaliP

The Hazelnut frappe and spicy chicken sandwich were amazing!! The prawn pasta was a tad bit under cooked but had great flavours. The prices were reasonable and staff was really friendly!

S
1

5/5

0

ShenaliP

The Hazelnut frappe and spicy chicken sandwich were amazing!! The prawn pasta was a tad bit under cooked but had great flavours. The prices were reasonable and staff was really friendly!

See 1 Comment