Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

Café La Défense

125, Park Road, Colombo 05


The newest cafe entrant in Colombo's growing coffee shop scene.



ඇත්තම කියන්න මේ තැනේ නම දැක්කම අපි බැලුවෙ ආරක්ෂක අමාත්‍යංශය කෝපි බිස්නස් එකකට බැහැලද කියල. ඒ වුණාට බලං ගියාම මේක ප්‍රංස රටේ පළාතක නමක් ලු.  එහෙම නම ගහල තියෙන එකේ ප්‍රංස රටේ තරං ම හොඳට කෑම බීම තියෙනවද කියල බලමු එහෙනං.

තැන

කොළඹ පාක් වීදියේ තියෙන මේ කැෆේ එක විවෘත කරලා මාසෙකට වැඩි නැහැ. ඇන්ඩර්සන් මහල් නිවාසවලට කිට්ටුව ෆයිෆ් පාරයි, පාර්ක් සර්කස් පාරයි, පාර්ක් වීදියට වැටෙන තැන් අතරමැද තමයි කැෆේ එක පිහිටලා තියෙන්නෙ. පොඩ්ඩක් පරිස්සමින් බලාගෙන යන්න. බෝඩ් එක එහෙම මිස් වෙන්න පුළුවන්.

ඇතුලේ නං මේක පොඩි ගෙයක්. ගෙදර ඉස්සරහ ඇතුළුවීමේ කොටස ඔය කොකෝ වැරැන්ඩා, බැරිස්ටා වගේ තැන්වල ස්ටයිල් එකටම තද දුඹුරු රාක්ක දාල, කළු ලෑල්ලක මෙනුව ලියල, සාමාන්‍ය කොෆී හවුස් ආරෙටම තියෙනවා. ඊට එහා ගෙදර පොඩි සාලේ කෑල්ලයි, ඒකට එහා පැත්තෙ තියෙන පොඩි කාමරේකුයි, ඊටත් එහා පොඩි එළිමහන් කෑල්ලකුයි, කුෂන් පුටුයි මේසයි තියල පාරිභෝගිකයින්ට ඉන්න හදල තියෙනවා.

මෙතන හොඳටම දැනෙනවා ඉඩ අඩු තැනක් කියල. ඉතින් එන හැමෝටම එකිනෙකාට කිට්ටු වෙලා ඉන්න වෙන්නෙ. මෙතැන එළියත් හරි අඩුයි. ඉතින් ඔය රහස් කතාවකට ශේප් එකේ වගේ කාවහරි හම්බ වෙන්න ඕනේ නං මේක හොඳ තැනක්.

කෑම බීම

අපි ගිය දවස නං එච්චරම හොඳ නැහැ.. දිග නිවාඩුවකට පස්සෙ පළවැනි දවසේ තමයි අපි කඩං පාත්වුනේ. ඒක හින්ද වෙන්නැති වැඩිය කෑම තිබුණේ නැත්තෙ. ඒ ගොල්ලන්ගේ ෆේස්බුක් පිටුවෙයි, වෙබ් අඩවියෙයි තියෙන විදියට සැලඩ්, සැන්ඩ්විච් එහෙමත් තියෙන්න ඕනේ. ඒ වුණාට අපි ගත්තේ කේක් කෑලි තොගයක්‌ විතරයි: චොක්ලට් කේක් රු.350, මැන්ගෝ ඩිලයිට් රු.450, මෆින් එකක් රු.250, ස්ට්‍රෝබෙරි ටොපිං එක්ක චීස් කේක් රු 450.

චීස් කේක් එකේ නං අසාමාන්‍ය ගුණයක් නැහැ. ටිකක් විතර හයියයි. වේලිලා. ඒ වුණාට ලොකු අවුලක් නැහැ. ස්ට්‍රෝබෙරි ටොපිං එකෙන් තමයි රස වැඩිපුර එන්නෙ. එකේ ඇඹුලට චීස් කේක් එකේ කිරි රස කැපිල යනවා. තව ටිකක් ක්‍රිමි ගතියක් චීස් කේක් එකේ තිබුණනං තමයි මේක නැගල යන්නෙ.

මැන්ගෝ ඩිලයිට් එකේ නං වැඩි ඩිලයිට් එකක් නැහැ. මේ තට්ටු තුනේ කේක් එකේ යටම තට්ටුව චොක්ලට්. නමට චොක්ලට්. කුඩු වෙලා ගියේ වේලිච්ච ස්පොන්ජ් කෑල්ලක් වගේ. ඊට උඩ වැනිලා තට්ටුව වේලිලා නැහැ. ඒ වුණාට මෙලෝ රහකුත් නැහැ. උඩින්ම තිබුණා අඹ තට්ටුව නං පට්ට. නියම අඹ රස ආව. කොටින්ම කියන්න ඒක ගලවල අරගෙන ඒක විතරක් කන්න තිබුණා.

චොක්ලට් කේක් එක නං මැන්ගෝ ඩිලයිට් එකේ යට තට්ටුව වගේ තමයි. කේක් එක වැහිලා තිබුණ ගනාෂ් අයිසින් එකෙන්වත් එක නැගල ගියේ නැහැ.

මේක මෆින් එකක් කියල නම දැම්මට රැවටෙන්න එපා. හන්දියේ බේකරියේ තියෙන ස්පන්චියක්. හොඳ ස්පන්චියක්. නරක නැහැ. බ්ලුබෙරි කෑලි පොඩ්ඩක් එකතු කරලා තිබුණා.

බොන්න අපි ලාටේ (රු.350) එකකුයි චෝකෝ චිප් ෆ්රැපේ (රු.350) එකකුයි ගත්තා. ලාටේ එකනං හොඳයි. කෝපි සහ කිරි ගානට බැලන්ස් කරලා රසට තිබුණා. සාමාන්‍යයෙන් කොෆි ෂොප් එකක ගාණට වැඩිය ටිකක් අඩු හින්ද තවත් රසයි.

ෆ්රැපේ එක එච්චර ම ගතියක් නැහැ. ලොකු විදුරුවක අයිස් ක්‍රීම් හැන්දකුත් එක්ක මේක ආවට, ටිකක් විතර දියාරු ගතියක් තිබුණා. ඒක හින්ද චොක්ලට් රස හොඳට ආවේ නැහැ. චොක්ලට් චිප්ස් කියල තිබුණෙත් චොක්ලට් බාර් එකක් කෑලිවලට කඩල දාල. ඉතින් ඒ චොක්ලට් කෑලි ඔක්කොම අඩියේ ඉතුරු වෙනවා.

අවසානයට

තැන අලුත් හින්ද වැඩිය මුකුත් කියන්න බැහැ. තව හදාගන්න දේවල් තියෙනවා. ඒ ටික පොලිෂ් වෙලා ආවට පස්සෙ මේක නියම තැනක් වෙයි. දැනට නං මේ පැත්තෙ එනවනං මෙතන කෝපි බොන්න ආවට කමක් නැහැ.


TIP

Try their sandwiches.
All Reviews

Café La Défense is a full functioning cafe down Park Road. Grab a cuppa before you head to work!

A new (and date-friendly) coffee spot on Park Road.

සිංහල කෝපි රසෙන් වගේ ම, කිරි රසෙනුත් අනූන... සීනි මට ම දාගන්න තිබ්බ නිසා ඒකත් ගාණටම ගැළපුණ, උණු උණු ම භාණ්ඩෙ... උගුරක් රස බලනවා... ෆ්‍රයිස් එකක් කනවා, උගුරක් රස බලනවා... ෆ්‍රයිස් එකක් කනවා.

සිංහල කෝපි කෝප්පයක රස බලන ගමන්, පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න හොඳ තැනක් විදියට කැෆේ ලා ඩිෆෙන්ස් හඳුන්වන්න පුළුවන්.

සිංහල මේ තැනේ නම දැක්කම අපි බැලුවෙ ආරක්ෂක අමාත්‍යංශය කෝපි බිස්නස් එකකට බැහැලද කියල. ඒ වුණාටමේක ප්‍රංස රටේ පළාතක නමක් ලු. ප්‍රංස රටේ තරං ම හොඳට කෑම බීම තියෙනවද කියල බලමු එහෙනං.

Address

125, Park Road, Colombo 05

Directions

It's on Park Road, in between Udyanapura Road and Park Circus.

Contacts

E-Mail Website

Report Inaccuracy

Closed right now

Dish Types

Brownies Cakes Coffee Iced Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
3
Similar Places

User Reviews
V
4

5/5

0

vlabuna

Love this place!! The staff is friendly and the food is really good.

V
4

5/5

0

vlabuna

Love this place!! The staff is friendly and the food is really good.

See 4 Comments