Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

Café La Défense

125, Park Road, Colombo 05


The newest cafe entrant in Colombo's growing coffee shop scene.



කැෆේ ලා ඩිෆෙන්ස් කියන්නේ පාක් රෝඩ් එකේ තියෙන ටිකක් අලුත් කැෆේ එකකට. මේකට යන්න සාරා ප්ලෑන් එක ගැහුවේ මාර්තු මාසේ මුල ඉඳන්. ඒ වුණාට හැමදාම මොකක් හරි මඟුලක් නිසා ඔය වැඩේ කැන්සල් වුණා.

ඔන්න ඉතින් මාසයක් හමාරක් පෙරුම්පුරපු මේ ගමන, දෙයියනේ කියලා යන්න ලැබුණේ දැන් සති දෙකකට වගේ කලින්.

තැන

අපරාදේ කියන්න බෑ, ෂෝක් කඩ පොඩිත්ත. වැඩිය ඉඩකඩ නැති වුණාට හරි ම සැපපහසුයි. ඕනේ නම් රෙස්ටෝරන්ට් එකේ ඉස්තෝප්පුව හරියේ වාඩි වෙලා කන්නත් පුළුවන්. සිගරට් බොන අයටත් වෙනම හදපු ඉඩක් මේකේ තියෙනවා. රෙස්ටෝරන්ට් එක ඇතුළ හොඳට ඒසී කරලා. ඒ වගේ ම හරි පිරිසිදුයි. තනියෙන් වුණත් ඇවිදින් කිසි අවුලක් නැතුව කෝපි කෝප්පයක් තොලගාන්න හොඳ තැනක්.

කෑම බීම

බීම විදියට “කැපුචිනෝ” (රු.350) එකකුයි, “කොෆි ෆ්ලෝට්” (රු.450) ගත්ත අපි, කෑම මෙනුවෙන් “චිකන් සැන්විච්” (රු.450) එකකුයි, “ආමන්ඩ් බාර්” (රු.350) එකකුයි ඕඩර් කළා.

කැපුචිනෝ එක ගොඩක් හොඳයි. කෝපි එක්ක කිරි නියම ගානට බැලන්ස් වෙලා. සීනිත් හරි පදමට. හැබැයි තවත් පොඩ්ඩක් උණුවට මේසෙට ආවනම් තමයි නියම.

කොෆී ෆ්ලෝට් කියන්නේ අයිස්ක්‍රීම්, කෝපි දෙකට ම ආස අයට හරියන මරු බීමක්. උකුවට හදපු සීතල කෝපි වීදුරුවක් උඩ පාවෙන තඩි අයිස්ක්‍රීම් බෝලයක් මේකේ තිබුණා. අයිස්ක්‍රීම් එකත් දිය වෙවී කෝපි එකට එකතු වෙනකොට තවත් කූල්නේ. ඒ නිසා රස්නේ තියෙන මේ දවස්වලට පංකාදු පහයි!

ෂහ්! කාලෙකට පස්සේ කෑව හොඳ ම චිකන් සැන්විච් එකක් තමයි අපට කැෆේ ලා ඩිෆෙන්ස් එකේදී කන්න ලැබුණේ. මේකේ ඇතුළේ ක්‍රිස්පී රසට දැනෙන චිකන් පුරවලා. එවෙලේ ම ගහෙන් කඩාගත්තා වගේ අලුත් ගතියට තියෙන සලාද කොළත් දාලා නිසා හරි ම රසයි. සැන්විච් එකේ බනිසත් ටෝස්ට් කරපු නිසා උණුවට තිබුණා. ඒ විතරක්යැ, මේකේ මදි නොකියන්න චීස්නේ. අපි දෙන්න මේක කෑවේ පුදුම කෑදරකමකින්.

මෙච්චර රස කෑම බීම ටිකක් කාලා ඉඳපු අපට, වැඩේ පොඩ්ඩක් එපා වුණේ ඊළඟට අපි රස බැලුව ආමන්ඩ් බාර් එකෙන්. මේ කේක් කෑල්ල හරි ම තදයිනේ. ගෑරුප්පුවෙන් කඩාගන්නත් අමාරුයි. ඉතින් ලෝබ නැතුව ආමන්ඩ් දාලා තිබුණත් වැඩක් නැහැ. රුපියල් 350කට අනේ අපරාදේ!

සර්විස් එක  

ඔක්කොමත් හරි, කෑම බීම ටික මේසෙට එන්න බර වෙලාවක් ගිය එක තමයි එපා වුණේ. හැබැයි මේකට හේතුව අපි දැනගත්තේ පස්සේ. මෙතැන ඕඩර් ගන්නේ, හදන්නේ, පිළිගන්වන්නේ, සේරම ටික වෙන්නේ එක්කෙනෙක්ගේ අතින්. ඉතින් වෙලාව යන එක අහන්නත් දෙයක්ද. මොනවා වුණත් මේ වැඩ සේරම බලා කියාගන්න අක්කා හරි ම හොඳයි. සෑහෙන්න මිත්‍රශීලියි.

අවසාන වශයෙන්

කෝපි කෝප්පයක රස බලන ගමන්, පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න හොඳ තැනක් විදියට කැෆේ ලා ඩිෆෙන්ස් හඳුන්වන්න පුළුවන්. ගණනුත් ෂේප් නිසා පොකට් එකටත් අවුලක් නෑනේ. නිවාඩුපාඩු වෙලාවක ගිහින් බලන්නකෝ එහෙනම්.


TIP

Try their sandwiches.
All Reviews

Café La Défense is a full functioning cafe down Park Road. Grab a cuppa before you head to work!

A new (and date-friendly) coffee spot on Park Road.

සිංහල කෝපි රසෙන් වගේ ම, කිරි රසෙනුත් අනූන... සීනි මට ම දාගන්න තිබ්බ නිසා ඒකත් ගාණටම ගැළපුණ, උණු උණු ම භාණ්ඩෙ... උගුරක් රස බලනවා... ෆ්‍රයිස් එකක් කනවා, උගුරක් රස බලනවා... ෆ්‍රයිස් එකක් කනවා.

සිංහල කෝපි කෝප්පයක රස බලන ගමන්, පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න හොඳ තැනක් විදියට කැෆේ ලා ඩිෆෙන්ස් හඳුන්වන්න පුළුවන්.

සිංහල මේ තැනේ නම දැක්කම අපි බැලුවෙ ආරක්ෂක අමාත්‍යංශය කෝපි බිස්නස් එකකට බැහැලද කියල. ඒ වුණාටමේක ප්‍රංස රටේ පළාතක නමක් ලු. ප්‍රංස රටේ තරං ම හොඳට කෑම බීම තියෙනවද කියල බලමු එහෙනං.

Address

125, Park Road, Colombo 05

Directions

It's on Park Road, in between Udyanapura Road and Park Circus.

Contacts

E-Mail Website

Report Inaccuracy

Closed right now

Dish Types

Brownies Cakes Coffee Iced Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
3
Similar Places

User Reviews
V
4

5/5

0

vlabuna

Love this place!! The staff is friendly and the food is really good.

V
4

5/5

0

vlabuna

Love this place!! The staff is friendly and the food is really good.

See 4 Comments