Artwork for Playtrix Top Banner Ladies Night
Artwork for Yamu Promo Top Banner
Artwork for Movenpick Coffee promo sidebar banner 1 test Artwork for TSING TAO sidebar banner 2

4/5

Café La Défense

125, Park Road, Colombo 05


The newest cafe entrant in Colombo's growing coffee shop scene.



නිදහසේ කයියක් දාගෙන වැඩක් කරන්න ඉතින් කැෆේ එකක් හැර වෙන මොන තැනක්ද?

ඒ නිසාමනෙ මහ දවාලෙ වුණත්, ඒසී සීතලේ ඉඳගෙන කෝපියක් බිබී හරි වැඩ කරන්න කියල මම ළඟම තියෙන හොඳම තැනට යන්න කල්පනා කලෙත්.

ඇත්තටම ලා ඩිෆෙන්ස් එකට ඇතුළ් වෙද්දි ම ලැබෙන සුහදශීලි පිළිගැනීම ම ඇති, කෑම සුවඳක් එක්ක එන බඩගින්න ඩබල් වෙන්න. ඊටත්... හොඳ හැටි කාලා, නිදහසේ කෝපියකුත් බීලා, හෙමින් සැරේ ඉඳගෙන වැඩ කරන්න පුළුවන් කියල දැන දැනම යන නිසා, දෙපාරක් හිතන්න දෙයකුත් නෑනෙ.

කොහොම හරි මමත් ප්ලේස් එකට ගොඩවුණ අනික් පැත්තට, සුවපහසු ඉන්ටීරියර් එකේ... හොයාගෙන ගිහිල්ල ගිහිල්ල වාඩි වුණේ ටිකක් ඇතුළට ම වෙන්න තිබුණ තැනකින්. වෙන දෙයක් නිසා නෙවෙයි, ඒසී එකෙන් බේරෙන්න හිතාගෙන. එහෙම වාඩිවෙලා ඉතින් වැඩටික පටන් ගන්න කලින් ම දැම්ම ඕඩරෙත්. මොකද ඒ වෙද්දි සේවක මිත්‍රයත් එතනට ඇවිල්ලනෙ හිටියෙ. හැරත් වැඩෙත් ලේසියිනෙ.

“ම්... චිකන් පැස්ටා එකයි (රු. 590), ක්ලබ් සැන්ඩ්විච් එකයි (රු. 650), ෆෙරිරෝ ෂේක් එකයි (රු. 990), ලටේ එකයි (රු. 400). ඩෙසට් එකට චොක්ලට් චීස් කේක් එකයි (රු. 450)”

දාලා... වැඩටික කරගෙන යන අතරට එනව ඔන්න ක්ලබ් සැන්ඩ්විචුයි, පැස්ටා එකයි. ඒකත් අවුලක් නෑ, ආවට පස්සෙ... සුවඳනෙ ඉවසන්න බැරි. අන්තිමට වැඩ පැත්තක, මම ගජරාමෙට දෙසනව.

කිව්වට විශ්වාස කරන්න යාලු. සුප්ප ක්ලබ් සැන්ඩ්විච් එක. හැබැයි එළවළු රස ටිකක් වැඩියි. ඒ කියන්නෙ, හොඳ හැටි හැම් පෙත්තකුයි, චීසුයි එහෙම දාලා තිබුණෙ. ඒත් ගර්කින් හැපෙද්දි... එන්නෙම ඒකෙ රස. ඔයාලට නම් කොහොමද කියන්න මම දන්නෙ නෑ, හැබැයි මම නම් අන්තිමට ඒක අයින්කරල කෑවෙ. අනික එහෙම අයින්කරලා... ෆ්‍රෙෂ් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක සෝස් ටිකකුත් සෙට්වෙලා සැන්ඩ්විච් කට දෙක බඩට යද්දී...

ටොප් ආ...

වැඩේ කියන්නෙ ගළපල කරල සැන්ඩ්විච් එක මට ඕන විදියට හදාගත්තට මොකද පැස්ටා එක නම් එහෙම කරගන්න බැරි මට්ටමක් තිබ්බෙ. ඒකේ... චීස් වැඩියි වගේ අනේ. තව... කොත්තමල්ලි කොළ ද එහෙමත් දාලා. ඒවයින් නම් හොඳ රසක් එනව. එතකොට චිකනුත් තඩි කෑලි. මගෙ හිතේ ස්මෝක් චිකන්ද කොහෙද. ඊටත් ලුණු පොඩ්ඩක් වැඩි වගෙත් දැනුන. ඒක නම් අවංකයෙන් ම ගානක් නෑ... කොහොම වුණත් මම පැස්ටා එකෙන් ඒ හැටි ගොඩක් කෑවෙත් නෑ.

ඒකට අනිත් හේතුව වුණේ ලටේ එක!

කෝපි රසෙන් වගේ ම, කිරි රසෙනුත් අනූන... සීනි මට ම දාගන්න තිබ්බ නිසා ඒකත් ගාණටම ගැළපුණ, උණු උණු ම භාණ්ඩෙ... උගුරක් රස බලනවා... ෆ්‍රයිස් එකක් කනවා, උගුරක් රස බලනවා... ෆ්‍රයිස් එකක් කනවා.

ආහ්, ඒක නෙවෙයි. තකටතක ගියපු මගේ ඩෙසට් එක! චොක්ලට් චීස් කේක්...

මල් හතයි ඈ... ටොප් ම ටොප් චොක්ලට් රස. එතකොට චීස් රසයෙනුත් අනූන. අනික ඒකෙ බේස් එක පවා මාර සොෆ්ට්. වැඩක් නෑ යාළු කියල, ඩෙසට් නම් සත්තයි අන්න ඩෙසට් ඈ... බාග වෙලාවට ඒක, ඩෙසට් එකකට වගේ ගත්තොත් දෙන්නෙක්ටත් ඇති ගානයිත් එක්ක.

කොහොම වුණත් අවසානය සනිටුහන් වුණේ නම් ෆෙරිරෝ ෂේක් එකෙන්.

ම්... ඒකත් නරකම නෑ. හැබැයි ගාණෙ හැටියට ඒ තරම් දෙයකුත් නෑ. මොකද නිකම් ම චොක්ලට් මිල්ක් ෂේක් එකකට, තඩි ක්‍රීම් තලියක් උඩින් තියල. ඒකටත් උඩින් රොචර් බෝලයක් තියල. ඊට පස්සෙ චොක්ලට් සිරප් අම්බානක වත්කරල. එච්චරයි, හ්ම්...

ඒ නිසාම ඉතින් හිතටත් පොඩ්ඩක් දුකයි දුකයි වගේ. මොකද ගෙවපු ගාණෙ හැටියට මං කියන්නෙ?


TIP

Try their sandwiches.
All Reviews

Café La Défense is a full functioning cafe down Park Road. Grab a cuppa before you head to work!

A new (and date-friendly) coffee spot on Park Road.

සිංහල කෝපි රසෙන් වගේ ම, කිරි රසෙනුත් අනූන... සීනි මට ම දාගන්න තිබ්බ නිසා ඒකත් ගාණටම ගැළපුණ, උණු උණු ම භාණ්ඩෙ... උගුරක් රස බලනවා... ෆ්‍රයිස් එකක් කනවා, උගුරක් රස බලනවා... ෆ්‍රයිස් එකක් කනවා.

සිංහල කෝපි කෝප්පයක රස බලන ගමන්, පොඩ්ඩක් රිලැක්ස් වෙලා එන්න හොඳ තැනක් විදියට කැෆේ ලා ඩිෆෙන්ස් හඳුන්වන්න පුළුවන්.

සිංහල මේ තැනේ නම දැක්කම අපි බැලුවෙ ආරක්ෂක අමාත්‍යංශය කෝපි බිස්නස් එකකට බැහැලද කියල. ඒ වුණාටමේක ප්‍රංස රටේ පළාතක නමක් ලු. ප්‍රංස රටේ තරං ම හොඳට කෑම බීම තියෙනවද කියල බලමු එහෙනං.

Address

125, Park Road, Colombo 05

Directions

It's on Park Road, in between Udyanapura Road and Park Circus.

Contacts

E-Mail Website

Report Inaccuracy

Open until 09:30 PM

Dish Types

Brownies Cakes Coffee Iced Coffee

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
5
Ambience Rating
3
Similar Places

User Reviews
V
4

5/5

0

vlabuna

Love this place!! The staff is friendly and the food is really good.

V
4

5/5

0

vlabuna

Love this place!! The staff is friendly and the food is really good.

See 4 Comments