Artwork for Coke with food - top banner 1
Artwork for Trippy Foods Top Banner 2
Artwork for Isso temp sidebar Artwork for Yamu Promo Slider

2/5

Cafe On The 5th

108 5th Lane, Colombo 3


Cafe On The 5th has been a local favourite for years, serving tasty food in a comfortable al fresco style atmosphere. Their quality has taken a nose-dive recently, though.



මතක ඇති කාලයක් තිස්සේ කුරුඳුවත්තෙ පස්වන පටුමගේ කන්න හොඳ තැනක් කියල කැෆේ ඔන් ද 5ත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. දැන් නං තත්ත්වේ ඊට හුඟක් වෙනස් කියල තමයි කියන්න තියෙන්නෙ.

තැන

කලින් කිව්වා වගේ කුරුඳුවත්තෙ පස්වන පටුමගේ තමයි තියෙන්නෙ. හයිලෙවල් පාර පැත්තෙන් එනවනං විජිත යාපා පොත්හල පහුවෙච්ච ගමන් වම් පැත්තෙ පාරේ තියෙන්නෙ. ඩුප්ලිකේෂන් පාර පැත්තෙන් එනවා නං මහානාම විද්‍යාලය පහුවෙච්ච ගමන් වම් අත පැත්තෙ තියෙන්නෙ. ලේන් එක දිගේ එනකොට කැෆේ එක පේනවා. මිස් වෙන්න විදියක් නැහැ. අලංකරණය නං වෙනස් වෙලාම නැහැ මෙතන. දන්න කාලෙක ඉඳල මේ යකඩ පුටු ටික, මේ එළිමහනේ තියල තියෙන්නෙ. ඇත්තටම මේකේ ගතියක් තියෙනවා. හවස් වෙලා, හොඳ හුළඟක් වදින වෙලාවකට නං පොඩ්ඩක් වාඩි වෙලා හොඳට චිල් එකේ ඉන්න පුළුවන් ගතියක් කැෆේ ඔන් ද 5ත් එකේ තියෙනවා. දවල් වරුවේ නං එච්චරම සැප නැතිවුණත් වටේ තියෙන ගස් කොළං හින්ද අමාරුවක් නැතුව ඉන්න පුළුවන්.

කෑම

තැනේ ලස්සනෙන් තමයි ඉතින් බඩ පුරවගන්න වෙන්නෙ මොකද කෑමෙ නං ගන්න දෙයක් නෑ. ඇතුළට ගිය ගමන්ම නං හිතෙනවා රස කෑම ජාති ගොඩක් තියෙනවා කියල. කොටින්ම එදාට විශේෂ කෑම හදන්න එළියේම කෝකියෙක් ඉන්නව ලිපක් තියාගෙන. ඒවුණාට පළවෙනි කටින්ම අපරාදේ කියල හිතෙනවා.

අපි ගිය දවසේ ස්පෙෂල් එක මොන්ගොලියන් මික්ස් රයිස් එක (රු.450) එතනම පට පට ගාල හදන හින්ද උණු උණුවේ රසට ඇති කියල හිතුව. භාජනෙන් පිඟානට බෙදල දුන්නෙත් මේ දැන් හදපුව කියල මුණට ම කියන ගමන්. ඒ වුණාට මේසෙට පිඟාන ගෙනිහිල්ල කටක් කාපු ගමන් තේරුණා බත් එකේ සීතල. මොන දැන් හැදිල්ලක් ද කියල හිතුන. හරි කමක් නැහැ කියමු බත් එක හොඳ නං. ඒ වුණාට මේකෙ මික්ස් ගතියක් ගෑවිලා නැහැ. මස් මාළු කෑල්ලක් වත් අහුවුණේ නැහැ. නිකං සෝස් දාල ලිප උඩ කරකවල ගත්තු බත් එකක්. හොඳටම බඩගිනි නං මේක කාගෙන යත හැකි, ඒ වුණාට මට නං රස ඇල්ලුවේ නැහැ. බත් ගොඩක් නං හම්බවෙනවා.

මට්න් මැකරෝනි (රු.500) එකකුත් අපි ගත්ත තව මොනවහරි ගන්න ඕනේ හින්ද. මැකරෝනි කිව්වට මේක හදල තිබුණේ “පෙන්නේ” කියන පැස්ට ජාතියෙන්. ඕක ඉතින් සුළු දෙයක් නේ. ලොකු දෙයක් වුණේ මේකේ තිබුණු සීතල. සීතලයි කියන්නේ මේ දැන් ෆ්‍රිජ් එකෙන් ගත්ත වගේ. වටේ ටික විතරයි රත් වෙලා තිබුණේ. ඒ මදිවට මට්න් කියල කියන්න පුළුවන් දෙයක් නෙමෙයි දාල තිබුණේ. සෝස් කොච්චර දාල උයලද කියන්නේ වෙන රසක් එන්නෙම නැති තරං. උඩින් තිබුණ චීස් තට්ටුවෙත් එච්චර ප්‍රියදායි ගතියක් තිබුණේ නැහැ.

එළවළු පැස්ටා (රු.350) එක ගැනත් කියන්න තියෙන්නෙ ඒ කතාවම තමයි. හැබැයි එළවළු ස්ටොක් එකක තම්බපු රසක් නං මේ පැස්ටා එකෙන් තේරුණා. මේ දෙකම ගෙවපු ගාණට කොහොමත්ම වටින්නේ නැහැ. මේ එකක් වත් ඉවර වෙනකං කන්න අපිට හිතක් තිබුණේ නැහැ.

අපි අතුරුපසින් වත් හිත හදාගන්න කියල චොක්ලට් කේක් කෑල්ලක් ගත්තා. (රු.140) ලොකු කැල්ලක් තමයි, ඒ වුණාට කේක්වලට වඩා ස්පොන්ජ් එකකට කිට්ටුයි. මේ ඔක්කොමටත් වඩා දුක එක්ලෙයාර්ස් එක ගැන.

කාලයක් කැෆේ ඔන් ද 5ත් එකේ එක්ලෙයාර් එකට ගහන්න එක්ලෙයාර්  එකක් තිබුණේ නැහැ. ලාබ වගේම නියම චොක්ලට් රසක් දුන්න ඒ අතීත එක්ලෙයාර් එක කාගෙත් සිත් ගත්ත. ඒත් දැන් එක්ලෙයාර් එක (රු 90) ඒකෙ අහලකින් වත් තියන්න බැහැ. ටිකක් වේලිලා, ඒ මදිවට පුස් රහයි, චොක්ලට් රහ වෙනුවට තියෙන්නේ මාජරින් රහක්… ඇඬෙනවා.

බීම ගැන නං කතාකරලා වැඩක් නැහැ. රු.90 ෆ්රුට් ඩ්‍රින්ක් එක සන්ක්වික් ගැලුමට, වතුර ගැලුම් එක හමාරක් වගේ දාලා හදපු මිශ්‍රණයක්ද කොහෙද. අයිස් කෝපි එක නං ඔය හැමතැනම ලැබෙන මැෂින් අයිස් කෝපි එකම තමයි. ඒ හින්ද එකට රු 120 ගෙවන එක ටිකක් වැඩියි වගේ.

අවසානයට

කැෆේ ඔන් ද 5ත් එකට එන්න තියෙන එකම හේතුව නං එතන පරිසරය තමයි. මොකද සයිවර් කඩේක වගේ ඇහිරිලා තදවෙලා ඉන්නේ නැතුව, අත පය දිගෑරල ඉන්න පුළුවන් තැනකට ඒ හරියේ තියන්නේ මේක විතරයි. හැබැයි කෑමට නං මීට වැඩිය හොඳ තැන් ඕන තරං තියෙනවා.


TIP

Try their hoppers.
All Reviews

The Cafe on the 5th has been the go to spot for many after-school outings and a watering hole for many mums waiting to pick the kids up. Recently though, they've slowly receded into the nether in terms of quality so our experience here was disappointing all the way.

Cafe On The 5th is a local favorite for good reason. They serve filling, tasty food in a comfortable al fresco style atmosphere. They do good short eats and eclairs as well.

Cafe On The 5th serves reliable Sri Lankan fare in an nice, open setting. They have short eats, biriyani, fried rice, Mongolian BBQ, etc. They also sometimes serve kottu and hoppers during the day, which is rare.

සිංහල මතක ඇති කාලයක් තිස්සේ කුරුඳුවත්තෙ පස්වන පටුමගේ කන්න හොඳ තැනක් කියල කැෆේ ඔන් ද ෆිෆ්ත් ප්‍රසිද්ධ වෙලා තිබුණා. දැන් නං තත්ත්වේ ඊට හුඟක් වෙනස් කියල තමයි කියන්න තියෙන්නෙ.

සිංහල කැෆේ ඔන් ද ෆිෆ්ත් විශ්වාසදායක ශ්‍රී ලාංකික කෑම කදිම එළිමහන් අවන්හලක පිළිගන්වනවා. එතැන ෂෝර්ට් ඊට්ස්, බිරියානි, ෆ්‍රයිඩ් රයිස්, මොන්ගෝලියන් බාබික්යු වගේ දේවල් හදනවා. එතැන සමහරදාට දවල්ටත් කොත්තු, ආප්ප වගේ දේවල් හදනවා. ඒක හරි දුර්ලබයිනේ.

සිංහල කැෆේ ඔන් ද ෆිෆ්ත් (Cafe On The 5th) විවෘත පරිසරයක විශ්වසනීවය ලාංකික ආහාර පිරිනමන හොඳ තැනක්. ඔවුන් ළඟ තිබෙනවා, බුරියානි, ෆ්‍රයිඩ් රයිස්, මොංගෝලියන් බාබකියු ආදිය. සමහර දිවා වෙලාවට ඔවුන් කොත්තු හා ආප්පත් පිරිනමනවා. ඒවා ඒ වෙලාවට ලබාගැනීම අමාරුනේ.

Address

108 5th Lane, Colombo 3

Directions

Turn off Thurstan Road just past the Thurstan College, going past Flower Drum. From Duplication Road, it's the left turn after the Bellagio Casino.

Contacts

Facebook

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Sri Lankan Mongolian Bakery

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Kottu

Ratings Breakdown

Overall Rating
2
Quality Rating
1
Service Rating
3
Ambience Rating
4
User Reviews
A
5

4/5

0

ajlalwani

Hoppers n curries are good. service is a bit slow.

A
5

4/5

0

ajlalwani

Hoppers n curries are good. service is a bit slow.

See 28 Comments