Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Cafe ROMANI

High Level road, Delkanda, Nugegoda


A nice Place to booze having Juice.



උදේට කන්නෙ නැතුව ඉඳල ගැස්රයිටීස් හදා ගත්තු යාළුවෙක් තාමත් විඳවනව. ඕක දැන දැන මමත් නොකා ඉඳල අමාරුවෙ වැටෙන්නෙ ඕන නෑනෙ. ඒ නිසයි වැඩ කෝටියක් තියෙද්දිත් දෙල්කඳ හන්දියෙන් බස් එකට නගින්න කලින් එතනම තිබුනු කැෆේ එකකට ගොඩ වුනේ.

හත් ඉලව්වයි! මේක මාර තැනක්නෙ. සම්භාව්‍ය ගණයේ චිත්‍ර දෙක තුනකින් බිත්තිය පිරිලා. පරණ පොත් පත්, සඟරා පිරුණු රාක්කයකුත් ඇතුල් වෙන තැනම. එතකොට චෙස් බෝර්ඩ් එකක්, ගිටාර් එකක් එහෙමත් බිත්තියෙ පැත්තකින් තියෙනව. වැඩේ කියන්නෙ ටිකක් අඳුරු මුල්ලකට වෙන්න බංකු හතරකින් වටවුනු ස්ටූල් එකක් උඩ තිබුනෙ කාර්ඩ් පැක් එකක්නෙ. මට හිතා ගන්න බෑ කොහෙටද උදේ පාන්දර පත බෑවුනේ කියල.

පර්චස් එකක් නැති ඉඩේ වැඩ කිඩ පිරිලා. දොර ලඟම තියෙන කවුළුවෙන් තමයි ටේක් අවේ වැඩේ යන්නෙ. රොටි, ඉඳි ආප්ප, පිට්ටු වගේ ලෝකල් බ්‍රෙක් ෆස්ට් අතරට සැන්ඩ්විච්, රෝල්, පැටිස්, කට්ලට් එහෙමත් තියෙනව. හැබැයි උදේ 10 වෙද්දි ඉවරයි. බෝර්ඩ් එකේ හැටියට නම් ඊට පස්සෙ යන්නෙ ජූස් බාර් එක විතරයි.

කොහොම වුනත් ඇතුල් වුනු තැනම තක්බීර් වෙලා වගේ හිට ගෙන ඉඳපු මම පියවි සිහියට ආවෙ ඉස්සරහට ආපු ගෑණු ළමයව දැකල.

“ගුඩ් මෝර්නින්ග්, වාඩිවෙන්න”

ලස්සන හිනාවක් දාපු එයා හරිම සුහදශීලී විදියට මට ආරාධනා කලා. මටත් ඉතින් මොනවද ආයෙ, නිදහස් මුල්ලක් අල්ලල වාඩි වෙලා හීන් සීරුවෙ මෙනුව අතට ගත්තෙ කන්න මොනවද තියෙන්නෙ බලන්න. අවාසනාවට වෙලාව උදේ 10ටත් කිට්ටු නිසා එයාලගෙ ටේක් අවේ එකේ කෑම ඉවර වේගෙන යන ගමන් තිබුනෙ. ඉතිරි වෙච්ච ඒවයින් හිතට ඇල්ලුවෙ බිත්තර සැන්ඩ්විචුයි (රු. 50), රොටි (රු. 20), කට්ට සම්බෝලයි විතරයි. මොනවද කරන්න ඉතින් සැන්ඩ්විච් එකකුයි රොටියකුයි ඕඩර් කරපු මම ඒ ගැම්මටම බලල බනානා, හනි මිල්ක් ෂේක් එකකුත් (රු. 200) ඕඩර් කලා.

ඕඩරේ දාලා නිකමට වගේ කුස්සිය පැත්ත හැරිලා බැලුවාම තමයි දැක්කෙ ගෑණු ළමයගෙ හස්බන්ඩ්ද කොහෙදත් කුස්සියෙ ඉන්නව. හරිම සුහදශීලී මනුස්සය. මම ගිටාර් එක අතට ගන්නව දැකල හිනාවකුත් දාගෙන ලඟට ආවා. ඇවිත් කියපු දේ දන්නවද?

“කැමති නම් ප්ලේ කරන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. ජූස් එක බිබී ප්ලේ කලත් කමක් නෑ”

මට ‘හුටා’ කියල හිතුනෙ අන්න ඒ වෙලාව. සත්තයි, දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම කැෆේ එකක්. ඒ ගැම්මටම වගේ මිත්‍රයගෙන් නිකමට ඇහුව

“හතර දෙනෙක් හිටියනම් ඕමියකුත් ගහන්න තිබුනනේ” කියල.

“අපෝ ඔව්, ඕන නම් චෙස් අදින්නත් පුලුවන්. සමහරු නම් පොත් කියවනව. ඒත් කඩේ දැම්මෙ ලඟදි නිසා තවම කට්ටිය හරියට සෙට් වෙලා නෑ”

ඔන්න මිත්‍රයගෙ උත්තරේ.

ඇත්තටම කැෆේ රොමානි එකේ තියෙන්නෙ සුපිරිම කන්සෙප්ට් එකක්. කොහෙද ඉතින් කන්සෙප්ට් එක රස විඳින්න කලින් මම ඉල්ලපු සැන්ඩ්විච් එකයි රොටි ටිකයි මේසෙට ආවනෙ. ඉතින් ගිටාර් එක පැත්තකින් තියපු මම, මගේ වැඩේ පටන් ගත්ත.

වෙන තැන්වල වගේ නෙවෙයි මෙයාලගෙ බිත්තර සැන්ඩ්විච් එකේ නම් ඇත්තටම බිත්තර තියෙනව. ඒ හැරුනාම ලූණු, අමු මිරිස් එහෙමත් නියම ගාණට දාලා. රස පදම එන්න පාන් පෙති වල බටරුත් ගාලා තිබුන නිසා සැන්ඩ්විච් එක කටට දෙකට මගේ බඩේ.

ඊට පස්සෙ අත තිබ්බෙ රොටියකට. පොල් රොටි නොවුනට මොකද කොච්චි මිරිස් දාලා හදපු සැර කට්ට සම්බෝලෙත් එක්ක නැගල යනව. රොටිය කාලා ඉවර වෙනවත් එක්කම කටේ තිබ්බ සැර කැපෙන්න ඉඟුරු ප්ලේන්ටියක් (රු. 20) ගහන්න ඕනමයි කියල හිතුන නිසා මම නිකමට වගේ අහල බැලුවෙ ඉඟුරු ප්ලේන්ටි තියෙනවද කියල.

මොනවද කතා, එ්වත් තියෙනව මෙතන. විනාඩි දෙකට තුනට මේසෙට ආපු ඉඟුරු ප්ලේන්ටිය නම් සිරාම එකක්. ඇති පදමට ඉඟුරු දාගන්න පුලුවන්. අවුලකට තිබුනෙ සීනි ටිකක් මදි එක තමයි. ඊට පස්සෙ සීනි ටිකක් කියල දාගත්තා.

බඩ කට හොඳ හැටි පිරිලා තියෙද්දි මේසෙට ආපු බනානා, හනි මිල්ක් ෂේක් එක ටික වෙලාවකින් බොන්න කියල තියපු මම කඩේ මිත්‍රයත් එක්ක පොඩි කතාවකට සෙට් වුනා. කතාව මැද්දෙදි තමයි මම දැන ගත්තෙ එයා ෆැෂන් ඩිසයිනර් කෙනෙක් කියල. කාලෙක ඉඳන් ඔළුවෙ තිබුනු ඩිසයින් එකක්, කන්සෙප්ට් එකක් තමයි මේ විදියට එළියට දාලා තියෙන්නෙ.

කොහොම වුනත් පැයකට කිට්ටුවෙන්නෙ කැෆේ රොමානි එකේ අමුතුම ආතල් එකට සෙට් වුන මම යන්න කිට්ටු කරල බනනා, හනි මිල්ක් ෂේක් එකත් රස බැලුවා. ෂහ්, කියල වැඩක් නෑ. මිල්ක් ෂේක් නම් අන්න මිල්ක් ෂේක්. නියම පදමට කෙසෙල් රස. කෙසෙල් රස යටින් එන මී පැණි රස. කිරි රසත් ගාණට. කොටින්ම කියනව නම් මතක් වෙද්දිත් කටට කෙල උනන ගාණයි.

පොඩි ගාණකට ලොකු වෙලාවක් සුව පහසුව ඉඳගෙන හොඳ හැටි රිලැක්ස් වුන මම රොමානි එළියට බහින්න කල්පනා කලේ තව වෙලා හිටියොත් දිගටම ඉන්න හිතෙන නිසා. ඉතින් කැෆේ රොමානි එකටයි ඒක නිර්මාණය කරපු මේ අපූරු කපල් එකටයි සමු දුන්නු මම ආයෙත් වෙලාවක අනිවා එන පොරොන්දුව පිට තමයි දෙල්කඳින් බස් එකකට ගොඩ වුනේ.  


TIP

Try Banana Honey Milk Shake.

Address

High Level road, Delkanda, Nugegoda

Directions

Behind the Delkanda bus halt which meets when going from Maharagam side to Colombo

Contacts

Report Inaccuracy

Similar Places

Have you visited this place?

Write your own review!
See 3 Comments