Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for NYE 2020 at the Paradise Beach Mount - sidebar Artwork for Coffee post sidebar 1

2/5

Cafe Sigiri

Sigiriya


You must think twice before go!



අපේ හබරණ ගමන ගැන විස්තරයත් ළඟ ළඟම ඒවි. ඒත් ඊට කලින් අපි මේ කඩේ ගැන කියන්න කල්පනා කළේ, පඩි එහෙම එන්න ඔන්න මෙන්න තියෙන දවස් ටිකේ... ඔයාලා ප්ලෑන් කරන පුංචි පුංචි ගමන් බිමන්වලට සප් එකක් වෙන්න කියල.

ඇත්තටම මේකත් හරි අපූරු ප්ලේස් එකක්. සීගිරිය ප්‍රධාන පිවිසුම කිට්ටුවමයි පිහිටල තියෙන්නෙ. මේකෙ පල්ලෙහා තට්ටුවෙ කිචන් එකත් එක්ක, තරමක් ලොකු ඩයිනින්ග් එකකුත් තියෙනව. හැබැයි ඒ ඩයිනින්ග් එකේ කිසිම ලස්සනක් නම් නෑ. ලස්සසන ඩයිනින්ග් එක තියෙන්නෙ උඩ තට්ටුවෙ. ෂැහ්! බලන්න එපැයි ඒකෙ, තනි ලීයෙන් හදල, පොඩි විව් එකක් එහෙමත් තියෙන්න…

ම්... ඒ හැරුණාම මෙයාලගෙ මෙනුවත් සෑහෙන්න හොඳයි. හැබැයි තෝරද්දි ටිකක් අපබ්‍රංස වගේ. මොකද ගොඩක් ඒවා, ෆියුෂන් ෆුඩ්නෙ. ඒ කිව්වේ... කෑම ජාති 2-3 එකට එකතු කරල, ගලපල හදපුවනෙ.

ඒ කොහොමවුණත් අපි නම් කෑම තේරුවෙ දන්න කියන ඒවයින් ම තමයි. මික්ස් රයිස් එකයි (රු. 450), ටුනා සැන්ඩ්විච් එකයි (රු. 350), ලටේ එකයි (රු. 380), සැලඩ් එකයි (රු. 450). වැඩේ කියන්නෙ ඉතින්... කෑම තේරුවට මොකද, ඕඩරේ දාන්න එහෙම සේවක මිත්‍රයෙක්ට... කතාකරල වගේ ගෙන්න ගත්තෙ. කොටින්ම කියතොත් අපි වාඩි වෙලා ඉන්නව පෙනි පෙනි, දැක්කෙ නෑ වගේ යනව කියන්නකො.

එතනින් එහාට ඉතින් සර්විස් එක ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ නේ.

කොහොමහරි ඕඩර් කරපු කෑම ටිකෙන් දෙකක් ටේකවේ. මේසෙට ආවෙ ඉස්ඉස්සෙල්ලාම කියල ටුනා සැන්ඩ්විච් එකයි, ලටේ එකයි.

ඒ වගේම තමයි... ලටේ එකෙන් එක උගුරයි, තුක්! විතරයි…

කටේ තියන්න බෑ යාළු. රස්නයක්වත් නෑ කියන්නකො. ඒ විතරක් නෙවෙයි, ඒකෙ මොන මළජරා කෝපියක් දාලාද මන්දා මෙලෝ රහක් නෑ. ඊටත් කිරි රස විතරයි නොසෑහෙන්න ම. ඔක්කොමත් හරි, මම සේවක ඇන්ටි කෙනෙක්ට කතා කරල කිව්වාම, ‘මේක රස්නෙ නෑ. මට රස්නෙට එකක් දාලා ගෙනැල්ල දෙන්න’ කියල,

‘හා’ කියල ගිහිල්ල, ඒකම මයික්‍රොවේව් එකට දාලා ආයෙ ගෙනාවා කියන්නකො.

එතනින් එහාට ඉතින් කෝපි බීම ඉවරයි.

ඊට පස්සෙ ටුනා සැන්ඩ්විච් එක! ආයෙ සීගිරිය වගේමයි. කෙලින්ම ප්‍රාග් ඓතිහාසික මාළු හොඳේ. කටක් කද්දි තේරෙනව, ඒ මාළු ජීවත් වෙලා හිටියට වැඩිය කාලයක් ෆ්‍රීසර් එකේ ඉඳල කියල. අනික ජරා මාළු, රස කැපෙන්නද කොහෙද දාලා තියෙනව තක්කාලි ගෙඩියක් විතර එක සැන්ඩ්විච් එකකට... ඒකයි... සලාද කොළයි, චීසුයි... මගෙ හිතේ මයොනිස්ද කොහෙදත් දාලා, ගම්මිරිස් පොඩ්ඩක් උඩින් දාලා... බොරුව අමු අමුවෙ ම. මේවා සුද්දොන්ට කන්න දෙනව කියන්නෙ ඉතින්... අනේ මන්දා?

වැඩේ වුණේ ටේකවේ ගත්ත රයිස් එකයි, සැලඩ් එකයි ගිහිල්ල කනකොටනෙ.

බොරු නොකියන්න, සත්තයි රයිස් එක නම් අනිත් ඒවත් එක්ක බලද්දි පංකාදු පහයි. හොඳ හැටි චිකන්, ඉස්සො, දැල්ලො, මාළු, බිත්තර... සොසේජසුත් දාලා තිබ්බද මන්දා, එහෙන් මෙහෙන් කෑල්ලක් දෙකක් නම් ලයින් වුණා. හැබැයි ඒකෙ එළවළු නෑ ඒ හැටියට. බොහෝම අමාරුවෙන් තමයි කැරට්, ලීක්ස් ටිකක් එහෙම හැන්දට එන්නෙ. ‘අජිනො’ දාලා නෑ කියන්නමත් බෑ. මොකද ඒ රසේ හැටියට කට දෙක කද්දි ම...?

සැලඩ් එක…

ගැන කියන්න වචන නාස්ති කරන එකත්, එක අතකින් අපරාදෙ. මොකද ඒකෙ අන්නාසි එක්ක ගෝවා, පිපිඤ්ඤා, කැරට්, කැකිරි වගේ එළවළු ටිකක් තමයි දාලා තිබ්බෙ. ඊට උඩින් ක්‍රීම් චීස්ද කොහෙද දාලා. ම්... එච්චරයි ඉතින්. කොහොමහරි කටේ තියන්න බෑ... සත්තයි ඊට වැඩිය හොඳයි පාන් එක්ක ඇල්වතුර ටිකක් කාලා නිදාගන්න එක.

ඕං... සරලව, කෙටියෙන්...

සීගිරියට යන සමහර ගෙස්ට්ලට හම්බුවෙන කෑම, ඈ...

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment