Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

3/5

Cafe Sociale

No. 252A, Galle Road, Colombo 4.


A retro themed cafe serving filling dishes and average coffee.



බම්බලපිටියේ පාර අයිනේ ම දාපු අලුත් කැෆේ එකක් ගැන විස්තරේ මුලින් ම අපට ගෙනාවේ අපේ රිශානි. හැබැයි නමක් ගමක් ගැන විස්තරයක් එයත් දැනගෙන හිටියේ නැහැ. නම ගම විතරක් නෙවෙයි, එතැන කෑම බීමවල වග තුග ටිකත් බලාගන්න කියලා දිනිතියි මායි ගිය සිකුරාදා මේ රෙස්ටෝරන්ට් එකට ගොඩ වෙනකොට යාන්තමට උදේ 11 පහු වුණා විතරයි. එවෙලේ තමයි අපි දැනගත්තේ මේකේ නම කැෆේ සෝෂල් කියන වගත්.

තැන

කිව්වත් වගේ කැෆේ සෝෂල් එක තියෙන්නේ බම්බලපිටියේ ගාලු පාර අයිනේමයි. හරියට ම කිව්වොත් ශාන්ත පාවුළු පල්ලිය ඉස්සරහ පැත්තේ. මෙතැන නියම රෙට්‍රෝ වයිබ් එකක් තියෙනවා. පරණ තාලේ දුඹුරු පාට දොරවල්, අළු පාට බිත්ති, ලී පුටු මේස විතරක් නෙවෙයි, එක පැත්තක තියෙන චිත්‍ර ඇඳපු ටකරං කෑල්ලෙන් මෙතැන ඉන්ටීරියර් එක තවත් හැඩ වෙලා.

කෑම බීම

බර්ගර්, ෆිෂ් ඇන්ඩ් චිප්ස්, පයි වර්ග, පැස්ටා වගේ කෑම වර්ග තොගයක් මේ කට්ටියගේ කෑම මෙනුවේ තියෙනවා. බීමට තියෙන්නේ කෝපි, මිල්ක්ෂේක්, ස්මූතීස් වගේ දේවල්. මොනවා වුණත් මේ කට්ටියගේ කෑම බීමවල තියෙන නම් මාර ම catchy. Life of Pie, Meat the Parents, Charlie and the Chocolate Factory, Catch Me If You Can; අන්න ඒ වගේ නම් කීපයක්. අනික මස් මාළු කන නොකන ඕනේ ම කෙනෙක්ට ගැලපෙන විදියේ මෙනුවක් තමයි කැෆේ සෝෂල් එකේ තියෙන්නේ.

දිනිති ගත්ත “The Top Bun” (රු.850) එක තඩි ම තඩි වෙජි බර්ගර් එකක්. මේ බර්ගර් එක හැදිලා තිබුණේ ලොකු පනීර් පෙත්තකුයි, ලූණු, තක්කාලි, බෙල් පෙපර් ආදිය යහමින් මේකේ පුරවලා තිබුණා. හැබැයි අවාසනාවකට වගේ මේකේ බන් එක කොලිටි මදි. පොඩ්ඩක්වත් සොෆ්ට් ගතියක් නැහැ.

වැඩේ කියන්නේ බර්ගර් එකටත් වඩා අපට අල්ලලා ගියේ මේකත් එක්ක ආව සැලඩ් එකනේ. ඒකට පාවිච්චි කරලා තිබුණු එළවළු මාර ම ෆ්‍රෙෂ්. අනික නිකන් ම සලාද කොළ, බෙල් පෙපර් විතරක් නෙවෙයි, මේකට දෙළුම් ඇට, ඊළඟට කජු පොඩ්ඩකුත් එක්කාසු කරලා. දෙළුම් ඇටවලින් එක පැණි රස එළවළුවලට එකතු වෙනකොට අමුතු ම ගතියක් තියෙනවා.

මම ඕඩර් කළේ “The Prawn Identity” (රු.1100) එක. ලාවට එන සුදු ලූණු රසකට මික්ස් වුණු උකු සෝස් එකක් වත් කරපු ඉස්සෝ හත් අටදෙනෙක් ම මේ පිඟානේ හිටියා. මේකත් එක්ක ආව කුස්කුස් රයිස් එක නියමයි. ඒකත් පොඩි සිට්‍රික් ට්විස්ට් එකක් දාලා හදපු එකක්. මේ කෑම පිඟානෙත් අර කලින් එකේ තිබුණු රස සැලඩ් එක ම තිබුණා.

“The Chocolita” (රු.350) කියන්නේ චොකලට් සහ කොකාකෝලා එකතු කරලා හදන ෂේක් එකක්. කොකාකෝලා ප්‍රිය නොකරන කෙනෙක්ට නම් මේක එච්චර අල්ලන එකක් නැහැ. නෝමල් චොකලට් මිල්ක්ෂේක් හදන්නේ අයිස්ක්‍රීම් එක්ක කිරි බ්ලෙන්ඩ් කරලනේ. මේකේ කිරි වෙනුවට කොකාකෝලා දාලා තමයි බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් නුහුරු රසක් නිසා ටිකක් අවුල්. අනික කොකාකෝලාවල තියෙන ස්පාර්ක්ලින් ගතිය නැති වෙලා නිසා මේකේ රිෆ්‍රෙෂින් ගතිය බින්දුවයි.

හයියෝ! “Cafe Latte” (රු.380) එක සෑහෙන්න අවුල්. කිරි, කෝපි රසවල් පොඩ්ඩක්වත් බැලන්ස් නැහැ. සීනි හැඳි දෙකක් දාගත්තත් වැඩක් වුණේ නැහැ. ඕනෙවට වඩා රෝස්ට් වෙච්ච කෝපිවල රසක් තිබුණේ.

ඩෙසර්ට් එකට අපි ගත්ත “Charlie and the Chocolate Factory” (රු.350) එක කැෆේ සෝෂල් එකේ සිග්නේචර් චොකලට් මූස් එක. මේකේ ටෙක්ෂර් එක හරියට ම තිබුණා. හෙන ම ක්‍රීමි. ඒත් චොකලට් රස හොඳට ම මදි. සීනි රස තමයි ගොඩක් ම එන්නේ.  

සර්විස් එක

කැෆේ සෝෂල් එකේදී අපට ලැබුණු සර්විස් එක හුඟක් අගය කරන්න ඕනේ. ස්ටාෆ් එකේ අය කඩියෝ වගේ වැඩ. අනික හරි ම ෆ්‍රෙන්ඩ්ලි. කෑම බීමවල අඩුපාඩුකම් ගැන අහන්න අමතක කළෙත් නැහැ.

අවසාන වශයෙන්

කෝපිවලට කෙසේ වෙතත්, කෑමවලට හරි යන කැෆේ එකක් විදියට කැෆේ සෝෂල් එක හඳුන්වන්න පුළුවන්. වෙලාවක මේ පැත්තේ ගියොත් අර Prawn Identity එක ට්‍රයි කරලා බලන්නකෝ.


TIP

Try the Top Bun or any of the salad options.

Address

No. 252A, Galle Road, Colombo 4.

Directions

It's on your left on Galle Road, right after Frankfort Place.

Contacts

E-Mail Facebook Instagram

Report Inaccuracy

Open until 10:00 PM

Cuisine

Western

Price Range

Between Rs. 1000 - Rs. 1500

Dish Types

Pasta Burgers Coffee

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
3
User Reviews
Avatar for Niman Adeesha
1

5/5

0

Niman Adeesha

To begin with, the menu is super creative. Presentation of food and the taste was fabulous. Hope they'll keep up the good work

K
2

5/5

0

K

This place is actually great ! no complaints

Avatar for Niman Adeesha
1

5/5

0

Niman Adeesha

To begin with, the menu is super creative. Presentation of food and the taste was fabulous. Hope they'll keep up the good work

K
2

5/5

0

K

This place is actually great ! no complaints

See 8 Comments