Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Caffe Michelangelo

530 Nawala Road, Nawala


Thin crust, wood-fired pizza, with toppings like Pol Sambol. Michaelangelo is good for delivery, if you're really patient.



අපේ සමහර කට්ටිය හිතන් ඉන්නේ පීසා කිව්වා ම ලංකාවේ අපට යන්න පුළුවන් එක ම තැන පීසා හට් කියලා; නැත්තන් ඩොමිනොස් කියලා. ඕවා පිටරටවල්වලින් ආව ෆ්‍රැන්චයිස් නිසා සමහරුන්ට අලි ලොකුයි. ඒ වුණාට ඊට වඩා සෑහෙන්න රසට පීසා කන්න පුළුවන් රෙස්ටෝරන්ට් කීපයක් ම ලංකාවේ තියෙන වග දන්නේ බොහොම ටිකදෙනයි. මොකද ඒවයේ පීසා හැදෙන්නේ දර පෝරණුවේ. අනික පිටි ගොඩවල්වලට වඩා ඊට උඩින් දාන අඩුමකුඩුමවලට තමයි මේවයේ වැඩි අවධානයක් දීලා තියෙන්නේ. බොරු නම් අපේ බුද්ධික ලියපු මේ ලිස්ට් එක කියවලා බලන්නකෝ.

ඔන්න ඔය ලැයිස්තුවේ තියෙන නාවල මයිකල්ඇන්ජෙලෝ එක ගැන තමයි මේ කතාව.

තැන

කැෆේ මයිකල්ඈන්ජෙලෝ එක තියෙන්නේ නාවල. නුගේගොඩ පැත්තේ ඉඳන් එනවනම් කොස්වත්ත හන්දිය පහු කරලා මීටර් 350ක් වගේ ඉස්සරහට එද්දී පාරේ දකුණු පැත්තේ. මෙතැන ලොකු ඉඩකඩක් නම් නැහැ. ෂේප් එකේ හත් අටදෙනෙක්ට වාඩිවෙලා කෑම ගන්න පුළුවන්. පොඩියට තියෙන තැනක් වුණත්, තැඹිලි පාට ගඩොල් අල්ලපු බිත්තියෙන් මේ රෙස්ටෝරන්ට් එකට ලැබිලා තිබුණේ හරි අමුතු ගතියක්.

කෑම බීම

කැෆේ මයිකල්ඈන්ජෙලෝ එකේ මෙනුවේ ප්‍රධාන වශයෙන් ඉඩක් දීලා තියෙන්නේ පීසාවලට. ඒවා හැරුණා ම, ජනප්‍රිය ඉතාලි කෑම වර්ග කීපයක් ම මේ මෙනුවේ තියෙනවා. රැවියෝලි, පැස්ටා, රිසෝට්ටෝ ඒ අතරින් කීපයක්. බීම විදියට තියෙන්නේ කෝක්, ලයිම් ජූස්, තේ, කෝපි වගේ දේවල්.

අපි ඔය අතරින් ඕඩර් කළේ Pepparoni පීසා (රු.1900) බාගෙකුයි, Capricciosa පීසා (රු.1600) බාගෙකුයි දාපු අඟල් 12 සයිස් එකේ පීසා එකක්. ඕනේ නම් ඕකේ අඟල් 9 පීසාත් ගන්න පුළුවන්. හැබැයි එතකොට අපි ගත්තා වගේ ජාති දෙකකින් බාග දාලා හාෆ්-බයි-හාෆ් ක්‍රමේට ගන්න බැහැ.

මුලින් ම කියන්නම්කො මේ පීසාවල ක්‍රස්ට් එක ගැන. ජියෝවන්නි’ස් එකේ තරම් කොලිටි නැතත්, ඩොමෙනිකෝ’ස්, රොක්කෝ’ස් වගේ තැන්වල තියෙන ජාතියේ, කරස් සද්දෙන් හැපෙන තින් ක්‍රස්ට් එකක් මේ පීසාවලත් තිබුණා. අපි ගත්ත Pepparoni පීසා එක නම් නියමයි. කන කටක් ගානේ පෙපරෝනි කෑල්ලක් හෝ දෙකක් නොවැරදී ම හැපෙන සයිස් එකට මේ පීසා එක පෙපරෝනිවලින් වහලා තිබුණා. බ්ලැක් ඔලිව්ස් එහෙමත් ඇති තරම්. ඔය උඩින් තියෙන්නේ බැසිල් කොළ. ඒකෙන් පීසා එකට හොඳ ෆ්‍රෙෂ් ගතියක් එකතු කරලා තිබුණා.

හප්පේ! Capricciosa පීසා එකේ තිබුණු බේකන් තොගේ! පත සයිස් ඒවා ඒ මදිවට. මේකටත් අඩුවක් පාඩුවක් නැතුව බ්ලැක් ඔලිව්ස් දාලා තිබුණා.ඒ වගේ ම බිත්තර, හාල්මැස්සෝ මාළුත් දාලා. බේකන් එක්ක හාල්මැස්සෝ මාළු එකතුවෙලා එන සුවඳට නම් මගේ ඒ හැටි මනාපයක් තිබුණේ නැහැ. හැබැයි රසට ඒකෙන් කිසිම බාධාවක් වුණේ නැති නිසා ෂේප්. පීසා දෙකට ම මදි නොකියන්න මොස්රෙල්ලා චීසුත් දාලා තිබුණනේ. ඒ නිසා චීසි ගතියත් ඕනෑ තරම්.

අහ්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා. අපි ගත්තනේ Chicken Ravioli (රු.1200) එකකුත්. රැවියෝලි කියන්නේ චීන්නු හදන ඩම්ප්ලින්, නේපාලේ පැත්තේ හැදෙන මොමෝවලට සමාන කෑමක්. පිටිවලින් හදපු දවටනයක් මැද්දේ චිකන් මිශ්‍රණයක් පුරවලා, සෝස්වලින් නාවලා තමයි මේක පිළිගැන්වෙන්නේ. ඔය සෝස් වර්ගේ තෝරාගැනීමේ රාජකාරිය බාර වෙන්නේ අපට මයි. ඉතින් අපි ගත්තේ පෙස්ටෝ සෝස් එක.

කරි රස යසට තියෙන චිකන් ෆිලින් එකක් පුරවපු රැවියෝලි හතක් ම අපේ පිඟානේ තිබුණා. අපරාදේ කියන්න බෑ මේ පෙස්ටෝ සෝස් එකත් පංකාදු පහයි. බැසිල් කොළවලින්නේ මේකත් හදන්නේ.

සර්විස් එක

මේ කට්ටිය වැඩ කරන්නේ හවස් වරුවේ ඉඳන් රෑ වෙනකම් විතරනේ. ඉතින් අපි මෙතැනට ගොඩ වෙද්දී හවස 6 පහු වුණා විතරයි. ඩයිනින් කරන්න හිටියේ අපි විතරක් වුණාට, ටේක් අවේව සහ ඩිලිවරි ඕඩර් කීපයක් ම එයාලට එතකොටත් ලැබිලා. කොහොම වුණත් අපේ කෑම ටික මේසෙට එන්න විනාඩි 15ක්වත් ගියේ නැහැ. ස්ටාෆ් එකේ අයත් හරි ම මිත්‍රශීලීයි.

අවසාන වශයෙන්

ඔන්න එහෙනම් කොළඹ පැත්තෙන් දර පෝරණු පීසා කන්න පුළුවන් තැන් ලිස්ට් එක මේකත් එකතු කරගන්නකො. රස පීසා කන්න විතරක් නෙවෙයි, ඒවා හැදෙන අපූරුවත් මයිකල්ඇන්ජෙලෝ එකේදී බලාගන්න පුළුවන්. මොකද පීසා හැදෙන කවුන්ටරයයි, දර පෝරණුවයි තියෙන්නෙත් පෙනෙන මානයේමනේ. නාවල අවට නොහිටියත්, ඩිලිවරි තියෙන නිසා ගෙදරට ම මේ කෑම ගෙන්නගන්නත් පුළුවන්. මොකද කොළඹ, සහ ඒ අවට ඕනේ තැනකට ඩිලිවර් කරන්න ගන්නේ රු.150නෙ.


TIP

Try Beef Pethi Pizza
All Reviews

Pol Sambol Pizza is on point. Generous toppings, good rates. Decent delivery.

Cafe Michealangelo does an interesting take on wood fired pizzas. We wouldn't really call it authentic, more like Sri Lankanized wood fired pizzas, but it tastes pretty darn good.

While rumours of Caffe Michaelangelo's origins are spiced with all the makings of an Italian soap opera (opened by the former lover of the now defunct Regina Margherita), their pizzas, also, live up to the spicy hype.

සිංහල අපි දන්න මයිකල්ආන්ජෙලෝ කලේ චිත්‍ර අඳින එක වුණාට දැන් ඉන්න මයිකල්ආන්ජෙලෝ කරන්නෙ පීසා හදන එක. බලන්නකො ඉතින් නේ, කාලය මැව් වෙනසක අරුමෙ!

සිංහල ඔන්න එහෙනම් කොළඹ පැත්තෙන් දර පෝරණු පීසා කන්න පුළුවන් තැන් ලිස්ට් එක මේකත් එකතු කරගන්නකො.

සිංහල ඔබ ෆ්රැන්චයිස් පිට්සා එකකට කැමති නැත්නම්, ඒ කියන්නේ ඩොමිනොස් ගේ තද කට්ට තියෙන තෙල් බේරෙන පයි එකක් හරි පිට්සා හට් එකේ තද, හැපෙන පිට්සා වලට හරි අකමැතිනම්, තවත් විකල්ප පිට්සා සේවා කිහිපයක් තියෙනවා. ෆ්රැන්චයිස් නොවන පිට්සා රජ තුන්කට්ටුව තමයි පැරණි හාර්පෝ’ස් , තරුණ රොකෝ’ස් සහ කැෆේ මයිකල්ආන්ජිලෝ.


Similar Places

Have you visited this place?

Write your own review!
See 17 Comments