Artwork for PickMe Food Left
Artwork for PickMe Food Right

4/5

Caffe Michelangelo

530 Nawala Road, Nawala


Thin crust, wood-fired pizza, with toppings like Pol Sambol. Michaelangelo is good for delivery, if you're really patient.



අපි දන්න මයිකල්ආන්ජෙලෝ කලේ චිත්‍ර අඳින එක වුණාට දැන් ඉන්න මයිකල්ආන්ජෙලෝ කරන්නෙ පීසා හදන එක. බලන්නකො ඉතින් නේ, කාලය මැව් වෙනසක අරුමෙ!

වැඩේ කියන්නෙ ඒ හදන පීසාවල රසත් මාරයිලුනෙ. මගෙ හිතේ පීසා කලාවෙ ආන්ජෙලෝ වෙන්න ඕන මේ වැඩේට බැහැල ඉන්නෙ.

ඒ නිසාම.. අපි කල්පනා කළා එයාගෙ වැඩ බිමට පොඩි විසිට් එකක් දාලා බලන්න. මොකද ලොකු ඈතක තියෙන තැනකුත් නෙවේනෙ. නාවල, කොස්වත්තෙනෙ.

ඉතින් වෙලාව කලාව බලලා.. පහුගිය වීක්එන්ඩ් එකේ මායි යාළුවයි කිට්ටු කළා අදාළ ස්ථානයට, පොඩ්ඩක් හැන්දෑ වෙන්න එහෙමත් අල්ලල. ඒ යද්දි! බලන්න එපැයි, ආන්ජෙලොයි එයාගෙ ගෝලයො සෙට් එකයි ගජරාමෙට වැඩ. පීසා පෝරණුවත් ගිණි ගගහ රත් වෙනව.

“ගුඩ් ආෆ්ටනූන් සර්. වාඩි වෙන්න, මොනවද කන්නෙ” එච්චර වැඩ අස්සෙ වුණත් සේවක මිත්‍රයෙක්ගෙන් අපිට සුහද පිළිගැනීමක්.

“හ්ම්… අපිට මස් පිරෙන්න තියෙන පීසා එකකුයි, චීස්, සීෆුඩ් වගේ පිරෙන්න තියෙන පීසා එකකුයි තමයි ඕන. එහෙම මොනවහරි තියෙනවද?”

“තියෙනව සර්. තියෙනව. එහෙනම් අපි දාමු බීෆ් පෙති, චිකන් කුරුමා හාෆ් හාෆ් එකකුයි. සොසේජ් ඩිලයිට්, මරිනාරා හාෆ් හාෆ් එකකුයි.”

“සිරාවට! එළ එළ.... ඔය තියෙන්නෙ මල්ලි.”

එවෙලෙම ඕඩරේ කන්ෆර්ම් කරපු මායි යාළුවයි බොන්න කිරි කෝපි 2කුත් ගේන්න කිව්වා.

ගේන්න කියලා… වට පිට හැඩ බලබල පොඩි චැටකටයි සෙට් වුණේ. හැබැයි චැට අතරෙ ආන්ජෙලෝ මල්ලි ඇවිත් පීසා දාන්න පටන් ගත්ත නිසා අපි හිතුවා කයියට වඩා ඒක බලන් ඉන්න එක හොඳයි කියල. එහෙම හිතල ඔන්න ගියා පීසා මේසෙ ළඟට. ගිහින් බලාගෙන ඉන්නව. මල්ලිත් වැඩ කිඩ දාලා රොටිය තුනී කරලා චීස්, මස් තොග ගණන් අතුරනව. ඊට පස්සෙ එළවළු අඩුම කුඩුම එහෙමත් සට සට ගාලා පීසා එක උඩට. ඒ වැඩ ටික ඉවර වුණාට පස්සෙනෙ බලන්න ඕන සවලට අරන් රොටිය පිච්චෙන්න දාන අපූරුව. ෂැහ්! ඒ දැම්මට පස්සෙ නම් පීසා එක මේසට එනකම් ඉවසිල්ලක් නැති ගානයි.

අපිත් දඩිබියට මේසෙට ගිහින් වාඩි වුණා. මොකද බඩු මේසට එද්දිම දස බස ගාලා කෙලින්න ලෑස්ති වෙලා ඉන්න එපැයි. ඒ විතරක් නෙවෙයි ගියපු ගමන් හොඳ හැටි කෝපි දාලා කිරි කෝපි 2කුත් හදාගත්ත උණුඋණුවෙම රස කරන්න. හදාගෙන ඉතින් අනික් පැත්තට! අර කිව්වත් වගේ පීසා 2ම මේසෙ උඩ.

ෂප්පේ බලන්න එපැයි බීෆ්, චිකන් එකේ ගතිය. හැරත් සුවඳ. මෙලෙක් වුණු චීස් දුම් දදා, බුබුලු නට නට… බීෆ් පැත්තෙ බීෆ් පෙතිත් තියෙනව පීසා එක වැහෙන ගාණට. ඒවත් එක්ක ලුණු ගම්මිරිස් පදම් වෙච්ච ලූණුත් දාලා, කටට කිට්ටු කරන්න බෑ තොල කට ලෙව කැවෙන ගානයි. වැඩේ කියන්නෙ උණු හින්දා එක පාර කන්නත් බෑ, සුවඳ හින්ද ගත්ත එක ආපහු තියන්නත් බෑ.දෙපාරක් කල්පනා කරපු මම ඔන්න ඔහෙ ඕන මගුලක් වෙච්චාවෙ කියල මම ඔලිව් ඔයිල් ටිකකුත් දාගෙන කොනකින් පටන් ගත්ත වැඩේ.

ඇඬෙනව ලොකු අයියෙ! පංකාදුයි ආ… බීෆ් පෙතිවල රස නම් උපරිමයි. ඒ එක්ක චීසුත් හැපෙද්දි… තරු 5යි අප්පේ… ඒ විතරක් නෙවෙයි, චිකන් කුරුමාවල රසත් තියෙනවනෙ ඇඩ්‍රස් නැති වෙන්නම. හොඳ කුළුබඩු රසක් එහෙමත් එක්ක, තරමට තැම්බිලා ලාවට පිච්චිලා, චීසුත් තැවරිලා.. ටොප් ආ! හැබැයි කුරුමා එකට අවුල වුණේ එයාලා දුන්න ඔයිල් එක්ක රස පදම සෙට් වෙච්ච නැති එක තමයි. මොකද ඇත්තටම ඒකට හරියන්නෙ සැර සෝස් එකක්නෙ.

ඒකට බලන්න එපැයි මරිනාරා එක. නියමයි ඔලිව් ඔයිල් එක්ක, කෑලි මිරිස් චුට්ටකුත් දාලා ගත්තාම. මොකද ඒක තනිකරම සීෆුඩ්නෙ. පොඩි පොඩියට කැපිලා පදමට ෆ්‍රයි වුණු ඉස්සො, දැල්ලො, මාළු පීසා එක පිරෙන්න. ඒ එක්ක චීසුත් හොඳ හැටි තිබ්බ නිසා. තලු මරමර වැඩේ දුන්න හැකි. ඔක්කොටමත් වඩා මරිනාරා එකේ නැගලම යන්නෙ ස්මෝක්ඩ් සැමන් ටිකනෙ. ඇත්තටම පීසා කෑල්ල කන අතරට සැමන් චුට්ටක් හැපුණා කියන්නේ රඹටි හැලෙනව ආයෙ.

හැබැයි සොසේජ් ඩිලයිට් කෑල්ලකට ඔලිව් ඔයිල්, කෑලි මිරිස් පදම ගලපල ගත්ත කියන්නෙ මරිනාරා කැලේ. ඒ රසට නම් කටේ කෙල හිඳෙනව. සත්තයි මෙච්චර කාලෙකට කාපු සුපිරිම සොසේජ් පීසා එකද කොහෙද. පදමට ෆ්‍රයි කරපු ජම්බො සොසේජ් පෙති තොගයක් චීස් තට්ටුව උඩින් වැහෙන නොවැහෙන ගාණට අතුරලා.. ලුණු ගම්මරිස් පදමත් ගලපලා… උණුඋණුවෙ!

ෂප්පේ… මතක් වෙද්දිත් පිස්සු වගේ.

නැතත්, පීසා ටික කාලා ඉවර වෙද්දි නම් අපිට කොහොමත් පිස්සු වගේ. මොකද කිරි කොපියත් මාර සප් එකක්නෙ දුන්නෙ වැඩේට, ඕ...

කිව්වට විශ්වාස කරන්න යාළු යනව නම් අවංකනේම, අන්න පීසා කඩ ඈ!


TIP

Try Beef Pethi Pizza
All Reviews

Pol Sambol Pizza is on point. Generous toppings, good rates. Decent delivery.

Cafe Michealangelo does an interesting take on wood fired pizzas. We wouldn't really call it authentic, more like Sri Lankanized wood fired pizzas, but it tastes pretty darn good.

While rumours of Caffe Michaelangelo's origins are spiced with all the makings of an Italian soap opera (opened by the former lover of the now defunct Regina Margherita), their pizzas, also, live up to the spicy hype.

සිංහල අපි දන්න මයිකල්ආන්ජෙලෝ කලේ චිත්‍ර අඳින එක වුණාට දැන් ඉන්න මයිකල්ආන්ජෙලෝ කරන්නෙ පීසා හදන එක. බලන්නකො ඉතින් නේ, කාලය මැව් වෙනසක අරුමෙ!

සිංහල ඔන්න එහෙනම් කොළඹ පැත්තෙන් දර පෝරණු පීසා කන්න පුළුවන් තැන් ලිස්ට් එක මේකත් එකතු කරගන්නකො.

සිංහල ඔබ ෆ්රැන්චයිස් පිට්සා එකකට කැමති නැත්නම්, ඒ කියන්නේ ඩොමිනොස් ගේ තද කට්ට තියෙන තෙල් බේරෙන පයි එකක් හරි පිට්සා හට් එකේ තද, හැපෙන පිට්සා වලට හරි අකමැතිනම්, තවත් විකල්ප පිට්සා සේවා කිහිපයක් තියෙනවා. ෆ්රැන්චයිස් නොවන පිට්සා රජ තුන්කට්ටුව තමයි පැරණි හාර්පෝ’ස් , තරුණ රොකෝ’ස් සහ කැෆේ මයිකල්ආන්ජිලෝ.

Artwork for Frimi Shoutout banner - non merchants only
Similar Places

Have you visited this place?

Write your own review!
See 17 Comments