91A, 5th Lane, Colombo 3
Closed right now
The Cake Factory has opened a small cafe on 5th Lane that offers a slightly limited range of their cakes and desserts. The cakes were so-so, but their cheesecake was the real winner.
සාමාන්‍යයෙන් කොළඹ අවට තියෙන හොඳ කේක් කඩයක් ගැන ඇහුවම, අපට මතක් වෙන්නේ Butter Boutique, BakesByBella, Yumi Cake, Ambrosia වගේ තැන් නේ. හැබැයි ඔය ගොන්නට ම එක්කාසු වෙන්න ඕනේ කියලා අපි කල්පනා කරන කේක් කඩයක් ගැන කියන්නයි මේ සූදානම් වෙන්නේ. මේකේ නම “ද කේක් ෆැක්ටරි”. මීට අවුරුදු තුන, හතරකට උඩ දි තමයි අපට මේ අය ගැන දැනගන්න ලැබුණේ. හැබැයි ඒ කාලෙ නම් මේ කට්ටියගේ කේක් ඒ හැටි හොඳක් නැහැ. ෂේප් එකේ කන්න ඇහැකි. හැබැයි පහුගිය කාලේ ඇතුළත, ඒ අය සෑහෙන්න දියුණුවක් ලබලා කියලා අපට තේරුණේ පහුගිය දවසක අපි මේ පැත්තේ රවුමක් ගිය නිසයි.
කේක් ෆැක්ටරි එක තියෙන්නේ කොල්ලුපිටියේ 5 වෙනි පටුමගේ. මේක බොහොම කියුට් විදියට තියෙන පොඩි කැෆේ එකක්. ලොකු ඉඩකඩක් නම් නැහැ. කකුල් තුනේ බංකු කීපයකුයි, බිත්තියට ම සවි කරපු මේස දෙකකුයි විතරයි තියෙන්නේ. ලොකු සෙනඟක් ආවොත් හැරෙන්න, මෙතැන තියෙන්නේ බොහොම නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් වාතාවරණයක්.
නම දැක්ක ගමන් තේරෙනවනේ, කේක් ෆැක්ටරි එකේ තියෙන්නේ කේක්. ඒ හැරුණා ම පුඩින් වර්ගත් කීපයක් දැකගන්න ලැබුණා. බීම විදියට තියෙන්නේ කෝපි, හොට් චොකලට් වගේ ජාති.
අපි “චොකලට් ට්‍රීට්” (රු.350) කේක් කෑල්ලකුයි, “ෆජ් කප්කේක්” (රු.180) එකකුයි, “සෝල්ටඩ් කැරමල් පොට්” (රු.350) එකකුයි ඕඩර් කළා කෑමට. බීමට ගත්තේ “කැපුචිනෝ” (රු.450) එකක්.
අම්මපා! මෙච්චර කාලෙකට කෑව රස ම චොකලට් කේක් එකද මන්දා! චොකලට් ට්‍රීට් කේක් කෑල්ලේ පුදුම චොකලට් රසක්නේ තිබුණේ. කේක් එක පොඩ්ඩක්වත් ඩ්‍රයි නැහැ. හොඳ මොයිස්ට් ගතියට තිබුණා. ඒ විතරක්යැ, ඒක හරි ම සොෆ්ට්. ලේයර් දෙකකට එන්න හදපු මේ කේක් එකේ මැදින් පොඩි අයිසින් තට්ටුවකුත් දාලා. ඒ නිසා තවත් මරු.
ෆජ් කප්කේක් එකත් ඊට දෙවෙනි නැහැ. චොකලට් ට්‍රීට් එක වගේමයි. මේක උඩින් දාලා තිබුණු අයිසින් තට්ටුවේ තිබුණේ හෙන ම බටරි ගතියක්. සීනි රස තිබුණෙ ළාවට. ඒ නිසා මගක් දුර කාගෙන යනකොට එපා වෙන්නෙත් නැහැ.
සෝල්ටඩ් කැරමල් පොට් එකත් හොඳයි. මේකේ යට ම ලේයර් එකේ තමයි සෝල්ටඩ් කැරමල් තියෙන්නේ. ඊට උඩින් ඩාක් චොකලට් තට්ටුවක් තියෙනවා. ලේයර් දෙක ම එකට හැපෙනකොට පංකාදු පහයි.
සේරමත් හරි, කැපුචිනෝ එකනේ එපා වුණේ. මේකේ තිබුණු තිත්ත ගතිය යවාගන්න සීනි හැඳි තුනක් දාගත්තත් මදි. ඒ තරමට තිත්තයිනේ. කිරිවල උකු ගතියක් ඒ හැටි නොතේරුණු නිසා අර තිත්ත රස තවත් තදට ආවා. රු.450ක් එහෙමම අපරාදේ.
කේක් ෆැක්ටරි එකේ තියෙන්නේ සෙල්ෆ් සර්විස්. සේරම කේක් ජාති කවුන්ටරේ ඩිස්ප්ලේ එකේ දාලා තියෙනවා. ඕනේ ජාති ටික එතැනින් තෝරාගෙන බිලක් දාගන්න තමයි තියෙන්නේ. බීම වර්ග නම් හදලා මේසෙට ම ගෙනැල්ලා දෙනවා. මෙතැන වැඩට ඉන්න අයත් හරි ම සුහදශීලියි. එයාලගේ කේක් ගැන හොඳ අවබෝධයක් තියෙන වගත් පේන්න තිබුණා.
කිව්වත් වගේ පහුගිය කාලේ තිබුණට වඩා දැන් කේක් ෆැක්ටරි එකේ කේක්වල කොලිටිය සහ රස සෑහෙන්න වැඩි වෙලා කියලා කියන්න පුළුවන්. අනික අර වගේ රස චොකලට් කේක් කෑල්ලක් රු.350ට ගන්න පුළුවන් කියන්නේ තවත් නියමයි.
A cafe down 5th lane that does cake.
The Cake Factory has opened a small cafe on 5th Lane that offers a slightly limited range of their cakes and desserts. The cakes were so-so, but their cheesecake was the real winner.
සිංහල කිව්වත් වගේ පහුගිය කාලේ තිබුණට වඩා දැන් කේක් ෆැක්ටරි එකේ කේක්වල කොලිටිය සහ රස සෑහෙන්න වැඩි වෙලා කියලා කියන්න පුළුවන්.
Address
Directions
Cake Factory is on 5th Lane, just a few metres past Cafe on the 5th.
Contacts
Report InaccuracyClosed right now
Cuisine
Price Range
Dish Types
Sweets Cakes Cupcakes Chocolate Biscuit Pudding
Ratings Breakdown
I have to say that I had a piece of their ribbon today and it was freaking awesome….moist to boot and the icing just delicious….buttery and not too sweet!
The ribbon cake is usually fantastic! Have had it many a time and the cheese cake is great as well!
Their ribbon cake is usually awesome. We've discovered that if you buy the whole cake, it's fresher than when buying a slice. Their CBP and even the meringue is awesome. Believe me because we don't fail to bring them with us each time we visit SL.
Love their cakes and brownies. Winni's Cakes collection is also pretty great, check here: https://www.winni.in/cake/womens-day
Lovely cakes they got there, definitely go and check.
Also check- https://www.giftsnroses.com/india-flowers.html
The ribbon cake is usually fantastic! Have had it many a time and the cheese cake is great as well. you can promote your ideas on Instagram! https://followerscart.com/buy-instagram-followers-uk/
4/5
SirJAM
still making good cakes and things….visit again and recommend…