Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Coffee post sidebar 1-Aga coffee

2/5

Cakes & Bakes Restaurant

Bamabalapitya, Colombo, Sri Lanka


The newly opened Cakes and Bakes Café has been creating some hype so we wanted to see if the new restaurant would also have the potential to succeed in the future.



ප්ලෑන් කරල වැඩක් කලොත් ඔහොම්මමනෙ. හනේ මන්ද ඉතින් මේවා කවදා.. හොඳ අතකට පෙරලෙයිද කියල. ඇයි යාළු නිකම් හිතන්න.. ඔන්න අපි පහුගිය සතියෙ දවසක ගියා බම්බ, ‘කේක්ස් ඇන්ඩ් බේක්ස්’ කියල තියෙන සුපිරි රෙස්ටුරන්ට් එකට. දවල් කෑමත් අල්ලල හෙමින් සැරේ වැඩි හරියක්ම කේක්ම කන්න කියලමයි.

ඒත් කොහෙද, ගිහිල්ල එක දෙක කාගෙන යද්දිනෙ..

‘ෂිකේ’ කියල හිතුන, සත්තයි.

අයියෝ.. බර ගාණක් වියදම් කරල හදපු ලස්සන සුවපහසු ඉන්ටීරියර් එකත් එක්ක, උපරිම සුහදශීලි සේවක මඩුල්ලකුත් ඇතුව..

මෙයාලට මේ කෑම ටික විතරක් හරියට හදාගන්න බැරි හැටි?

වැඩේ කියන්නෙ ඒකත්.. අපි කොහොමහරි උඩ තට්ටුවක ෆැමිලි ඩයිනින්ග් කතාවක් නොදැනයි ගිහිල්ල ඕඩරේ දැම්මෙ. ඔය.. පල්ලෙහා තියෙන දේවල් වලින්. රෝල්ස් 2යි (රු. 80), ලම්ප්රයිස් 1යි (රු. 490), පිසා 1යි (රු. 180), අයිස් මයිලෝ 1යි (රු. 260). ඒ දාලා බිල බේරන්න කියල කැෂියර් එක ලඟට ගියාමනෙ මිත්‍රය කිව්වෙ, ‘කෑම ටික උඩට ගිහිල්ල කන්න පුලුවන්’ කියල. ඒකත් නිකම් නෙවෙයි, එතනටම ගෙනැල්ලත් දෙනව. හැරත් ඒ මදි නම් උඩ තට්ටුවෙ මෙනුවක් තියෙනව, ඒකෙන් ගන්නත් පුලුවන්.

ඉතින්.. අපිත් ගියපු ගමන් ඒ මෙනුව බැලුව. බලලා.. දැම්ම බීෆ් සබ් එකක් (රු. 490). දාලා තමයි අර ඒ වෙද්දි පල්ලෙහායින් ආපු කෑම ටිකේ වැඩේ පටන් ගත්තෙ.

ඔන්න ඉස්ඉස්සෙල්ලම යාළුව ලම්ප්රයිස් එක, මම රෝල්ස් එක!

“අඩෙහ්, හොඳයිනෙ බං. රස නම් තනිකරම අර කීල්ස් රෝල්ස් වගේ. හැබැයි සයිස් එක ලොකුයි. බාග වෙලාවට.. මෙයාලා ඕඩරයක් දීලා හදවනවවත්ද දන්නෙ නෑ. කොහොම වුනත් එළවලු චුට්ටක් එක්ක, පදමට තැම්බුනු චිකනුත් හොඳ හැටි එකතු වෙලා ඈ..” මම කටක් දෙකක් කාලා වචනයක් එළියට දැම්ම.

දාලා නිකමට බැලුව යාළුවගෙ මූණ දිහා. හප්පෝ.. ඒක ගන්න දෙයක් නෑ කියන්නකො. බය හිතෙන සයිස් ඈ..

“මොකෝ?”

“මොකෝ කියන්නෙ. මේක කාලා බලාංකො”

බෑ කියන්නයැ. ඉතින් මමත් ගත්ත හැන්දක් අතට. අරගෙන ඔන්න එක ගැම්මටම කටට.

“තුක් විතරක්. මොන මළජරාවක්ද බං මේ. පිදුරු හොඳයිනෙ මීට වැඩිය. යකෝ දන්සැල් බතුත් හොඳයි බං” මම කිව්ව නෙවේ. ඇත්තටම කියවුනා. ඇයි අප්පේ.. ඒක කන්න තියා..

වැඩක් නෑ ඉතින් යාළු හොඳේ. නිකම් සම්බාහාලෙ කහ බතක්, එක්ක දාලා ඩෙවිල් චිකන් වගේ මොකක්ද චිකන් කෑල්ලක්, තනිකරම සෝස්. ඊට පස්සෙ තව.. වම්බටු මෝජුවකුයි, පට්ට පරණ බැදපු බිත්තරයකුයි.

මිනිහෙක්ට තියා සතෙක්ට කටේ තියන්න බෑ.

ආයෙ ඉතින් ඒ සනිකවම ඈ.. තිබ්බ බත් එක එහෙම්මම පැත්තකින්. තියල ගත්ත අර කොලේ ඔතල තිබ්බ පීසා එක.

පීසා කිව්වට ඉතින් දන්නැද්ද, තඩි බනිස් ගෙඩියක් උඩට චිකන් ඩෙවිල් තට්ටුවක් අතුරල.

ඒකත් කමක් නෑ යාළු, ඇස් දෙකෙන් කඳුලු පැන්නෙ මේසෙට ආපු අයිස් මයිලෝ එකෙන් උගුරක් බිව්වාමනෙ. හප්පේ.. මට අතීතයක් මතක් වුනා.. කිව්ව නම් එහෙම එතන සෙට් එකම, කඩේ අකුලගෙන යන්නෙ ඈ, අකුලගෙන.

“යකෝ කෑම බීම හදන්න දන්නෙ නැත්නම්, රෙදි කඩයක් වගේ එකක් කරහල්ලකො. මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති කරන්නෙ නිකම්, මං කියන්නෙ”

ඒකෙ යාළු මයිලෝත් නෑ, අයිසුත් නෑ, කිරිත් නෑ, කොටින්ම කියතොත් සීනිත් නෑ.

අහන්න එපා දැන් මොනවද තිබ්බෙ කියල.

නැගිටල එන්නයි හැදුවෙ අනික් පැත්තට බම්බු ගහගන්න කියල සියළු දෙනාට. කරුමෙට අර බීෆ් සබ් එක මේසෙට ආවෙ!

ඒකෙනුත් කටක් කෑවා..

හොඳයි ඉතින්. හොඳ හැටි රෝස්ට් බීෆ් දාලා, මයොනිස් එක්ක. සෝසුයි, සලාදකොළ අඩුම කුඩුම ටිකකුයි තියල තිබ්බ තිතටම.

එහෙමයි කියල ඉතින් අපි ඒක කකා හිටියෙ නෑ. කෙලින්ම ටේකවේ.

කොහොමහරි අන්තිමට ඒකෙන් වුනේ, එක කේක් කෑල්ලක්වත් කන්න බැරිවුන එක. ඇයි ඉතින් කේක් තියා ටිෂූ පේපරයක්වත් ඉල්ලන්න හිතෙනවද කියන්නකො යාළු ගේන ගේන එක කටේ තියන්න බැරි තරම් සවුත්තු වුනාම.

ඔන්න කිව්වෙ නෑ කියන්න එපා දෙයියෝ.. මෙතනට ගිහිල්ල ඉවර වෙලා.. අපිට නම් වගකීමක් ගන්න බෑ.. හොඳේ!


TIP

Bring your own playlist and earphone if you are one of those people that like some good music while eating or even sipping a cup of coffee. Also, ask for the necessary cutlery while ordering your food.

Address

Bamabalapitya, Colombo, Sri Lanka

Directions

Go down Galle Road, past Holy Family Convent and before Majestic City.

Contacts

Facebook E-Mail

Report Inaccuracy

Similar Places

User Reviews
Avatar for Chandana
2

3/5

0

Chandana YAMU STAFF

There are only 3 or 4 options of pasta on their menu, but the Chicken Penne with Basil Petro used to be quite good. This time, though, they suggested me to try the tomato sauce version (which isn't on the menu) and I was more than happy because I'm a tomato person. :P There is nothing to complain about the sauce, but the pasta was bit overcooked (which I don't mind much). But there wasn't literally a single piece of chicken in it! (no sign of minced chicken either).

Avatar for Chandana
2

3/5

0

Chandana YAMU STAFF

There are only 3 or 4 options of pasta on their menu, but the Chicken Penne with Basil Petro used to be quite good. This time, though, they suggested me to try the tomato sauce version (which isn't on the menu) and I was more than happy because I'm a tomato person. :P There is nothing to complain about the sauce, but the pasta was bit overcooked (which I don't mind much). But there wasn't literally a single piece of chicken in it! (no sign of minced chicken either).

See 2 Comments