Artwork for Brew-at-Hatch-Top Banner 2 A
Artwork for The Garden top banner 2 -20 April 2021
Artwork for Coffee post sidebar 1-Aga coffee

2/5

Cakes & Bakes Restaurant

Bamabalapitya, Colombo, Sri Lanka


The newly opened Cakes and Bakes Café has been creating some hype so we wanted to see if the new restaurant would also have the potential to succeed in the future.



කේක් ඇන්ඩ් බේක් කියන්නෙ අපේ ඔෆිස් එගේ ඉඳන් ඇවිදින දුරින් ගාලු පාරෙ තියෙන බේකරියක්. මේකේ පහළ තට්ටුවේ පාන්, බනිස් වගේ සාමාන්‍ය බේකරි අයිටම් තිබුණට, උඩ තට්ටුවේ තියෙනවා රෙස්ටෝරන්ට් එකක්. ඔතෙන්ටික් ම කියල කියන්න බැරි වුණත් ඉතැලියන්, යුරෝපියන් වගේ ම අරාබිය පැත්තෙන් ආපු කෑම ජාති කීපයක්මත් මේකේ තියෙනවා.

තැන

ගාලු පාරෙ එම්සී එකේ ඉඳන් මීටර් 350ක් විතර වැල්ලවත්ත පැත්තට එද්දි මුහුද පැත්තෙ තමයි මේක තියෙන්නෙ; එස්පීඑම් එකට කලින්, වජිර පාරට හැරෙන තැන ම වගේ.

අපි යද්දි උඩ තට්ටුව වහලා. මේ ගිය පාරෙ රිවිව් එකට ගිය වෙලාවෙ අපේ දිනුල් ගත්ත පින්තූරයක්

පහළ බේකරිය ටිකක් කලබල ගතියක් තිබුණට උඩ තට්ටුවේ තියෙන රෙස්ටෝරන්ට් එක එහෙම නෑ. වෝල් පේපර්වලින් පොඩි එලිගන්ට් ගතියක් ඇවිත් තියෙනවා. අපි මේ රිවීව් එකට ගිය වෙලාවෙ නම් උඩ තට්ටුවේ මොකක් හරි රෙපයාර් වැඩක්. ඒ නිසා එයාලා අපට රෙස්ටෝරන්ට් එකේ කෑමත් සර්ව් කළේ පහළ තට්ටුවෙ ම තමයි.

කෑම

අපි ස්ටාටර් එකට ගත්තෙ ස්ප්‍රිං රෝල් (රු.320) කියන්න තරම් ලොකු දෙයක් නැති වුණත් මේක හොඳ ස්ප්‍රිං රෝල් එකක්. හැබැයි හොඳකට තියෙන්නෙ ගොඩක් තැන්වල වගේ රෝල් එකෙන් තෙල් බේරෙන්නෙ නෑ.

චීස්ඇන්ඩ් ටොමාටෝ මෙල්ට් එක (රු.280) චීස් බේරෙන ගානට නැති වුණාට (මෙයාලා පාවිච්චි කරන චීස් වර්ගය නිසා වෙන්න ඕන) චීස් රසයි තක්කාලි රසයි හොඳට තියෙනවා.

මේ ගොල්ලන්ගෙ මෙනු එකේ කලින් නොතිබුණ රයිස් වර්ග කීපයකුත් දැන් තියෙනවා. සාමාන්‍යයෙන් අපි මෙනු එක ඉල්ලපු ම ගොඩක් වෙලාවට වේටර් මල්ලි මේ රයිස් වර්ග ගැන තියෙන තඩි ප්ලෙක්ස් බෝඩ් එකත් අපි ගාවට උස්සගෙන එනවා. අපි මේකෙන් ගත්තේ බීෆ් කබ්සා රයිස් එක (රු.790). මෙතන අනිත් කෑමත් එක්ක බලද්දි නම් මේක තියෙන්නෙ ගණං වැඩි පැත්තෙ.

අරාබිය පැත්තෙන් එන මේ කබ්සා රයිස් එක ටිකක් විතර බිරියානි වගේ. හැබැයි සාමාන්‍යයෙන් අපි කන බිරියානි එකකට වඩා ටිකක් ළා ෆ්ලෙවර් එකක් තමයි මේකේ තියෙන්නෙ (අපිත් මීට කලින් කබ්සා රයිස් කාලා නැති නිසා මේ කබ්සා රයිස්වල හැටිද, නැත්නම් මෙයාලගේ වර්ෂන් එකේ අවුලක්ද කියන්න හරියට ම දන්නෙ නෑ). හැබැයි මේකත් එක්ක එන බීෆ් කෑල්ල නම් පට්ට. බීෆ් කෑල්ලෙ තුනී කොන් ටික වෙල්-ඩන් ගානට තැම්බිලා තිබුණත් මැද හරියට යද්දි පොඩි රෝස පාටකුත් එක්ක හොඳට බීෆ් රස දැනෙනවා. මේකත් එක්ක එන මින්චි සම්බෝලෙත් අවුලක් නෑ.

ස්ප්‍රිං රෝල් එකටයි රයිස් එකටයි දෙකට ම පැත්තකින් සැලඩ් චුට්ටක් දාලා දෙනවා; කන්න නම් නෙවෙයි මං හිතන්නෙ, ලස්සනට. අනිත් එක තමයි මෙයාලා ටේබල් වෝටර් සර්ව් කරන්නෙත් නෑ. අපි බොන්න ෆෙරෙරෝ ලැවිෂ් (රු. 680) එකක් ගත්ත හින්දා වතුර ඉල්ලන්න ගියෙත් නෑ.

බීමක් කීවට මේක නිකං බොන්න තියෙන ඩෙසර්ට් එකක් වගේ. නටෙලා එක්ක එන චොකලට් කිරි එකට උඩින් විපින් ක්‍රීම් දාලා ඊටත් උඩින් ෆෙරෙරෝ රොෂෙ චොකලට් බෝලයක් තියලා! චොකලට් බීමවලට මම වැඩිය කැමති නැති වුණත් මේක නම් මටත් අල්ලලා ගියා. මොකද චොකලට්වල ළා තිත්ත ගතිය මැකෙන විදියට ඕනවට වඩා සීනි දාලාත් නැහැනේ.

සර්විස් එක

රෙස්ටෝරන්ට් එකට වැඩි සෙනගත් එන්නෙ නැති නිසාද කොහෙද සර්විස් එක නම් සෑහෙන්න ඉක්මන්. වතුර නොදෙන එක ඇරෙන්න වෙන කියන්න තරම් වරදකුත් නෑ.

අවසාන වශයෙන්

පට්ට කියල කියන්න බැරි වුණත් ගාණත් එක්ක බැලුවම මෙයාලගේ කෑම අවුලක් නෑ. අපි මෙතනට මීට කලින් කීප වතාවක් ම ගිහින් තියෙනවා. එයින් එක දවසක අපි ගත්ත මෙනූ එකෙත් නැති ටොමාටා පාස්තා එක ඇරෙන්න, (මම හිතන්නෙ චෙෆ් නිවාඩු ද කොහෙද) අනිත් හැම දවසෙම වගේ කෑම හොඳ මට්ටමේ තිබුණා. බම්බලපිටිය පැත්තෙ ගිය වෙලාවක  කාලා බලන්නකො.


TIP

Bring your own playlist and earphone if you are one of those people that like some good music while eating or even sipping a cup of coffee. Also, ask for the necessary cutlery while ordering your food.

Address

Bamabalapitya, Colombo, Sri Lanka

Directions

Go down Galle Road, past Holy Family Convent and before Majestic City.

Contacts

Facebook E-Mail

Report Inaccuracy

Similar Places

User Reviews
Avatar for Chandana
2

3/5

0

Chandana YAMU STAFF

There are only 3 or 4 options of pasta on their menu, but the Chicken Penne with Basil Petro used to be quite good. This time, though, they suggested me to try the tomato sauce version (which isn't on the menu) and I was more than happy because I'm a tomato person. :P There is nothing to complain about the sauce, but the pasta was bit overcooked (which I don't mind much). But there wasn't literally a single piece of chicken in it! (no sign of minced chicken either).

Avatar for Chandana
2

3/5

0

Chandana YAMU STAFF

There are only 3 or 4 options of pasta on their menu, but the Chicken Penne with Basil Petro used to be quite good. This time, though, they suggested me to try the tomato sauce version (which isn't on the menu) and I was more than happy because I'm a tomato person. :P There is nothing to complain about the sauce, but the pasta was bit overcooked (which I don't mind much). But there wasn't literally a single piece of chicken in it! (no sign of minced chicken either).

See 2 Comments