Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

4/5

Canara Soup Cabin

Moratuwa - Piliyandala Rd, Piliyandala


Souperb stuff.



වැස්සටත් වෙලාවක් කලාවක් නෑ. කොයි වෙලාවෙ බැලුවත් ඉවරයක් නැති චුරුචුරුව. ඒ එක්කම එන ඉවසන්න බැරි සීතල. මේ වගේ දවස් හොඳ, ගෙදරට වෙලා පෙරවගෙන නිදාගන්න මිසක් වෙන මොකටද?

එහෙම හිතුවට ඇත්තටම ඉතිං වැස්ස පලියට ගෙදර නවතින්න බෑනේ. දවසට නියමිත වැඩ රාජකාරි සම්පූර්ණ කරන්න එපැයි! ඒ හින්දම වැහි දවසට වැඩ අතරෙම උණු උණුවෙන් මොනාහරි බඩට දාගන්න එක නං අත්‍යවශ්‍යයි. සුප් කියන්නෙ අන්න ඒ වගේ වැහි දවසට දිව්‍ය භෝජනයක් වෙන කෑමක්/ බීමක්!

තැන

හැමදාම එන බත් බඩගින්න පොඩ්ඩක් පැත්තකින් තියල, සුප් බඩගිනි නිවාගන්න අපි ගියේ කැනාරා සුප් කැබින් එකට. මේක තියෙන්නේ පිළියන්දල - මොරටුව පාරෙ. ඒ තරම් ලොකු නැති පොඩි තැනක් වුණත් සාමාන්‍යයෙන් දහ දෙනෙකුට විතර ඉඩ ඇතිව වාඩි වෙන්න පුළුවන්.

සුප්

මේගොල්ලො ළඟ වෙජිටබල් සුප්, එග් සුප්, චිකන් සුප් වගේම, නූඩ්ල්ස්, ස්වීට්කෝන්, මෂ්රූම්, සීෆුඩ්, ටොම්යම් කියන සුප් ජාති තියනවා. මිල ගණන් වුණත් සාමාන්‍යයි. සුප් එක්ක හරි හරියට ගැළපෙන්න ගන්න පුළුවන් රෝස්පාන් පුරවපු රාක්කෙකුත් මෙතන තියනවා. අපි තේරුවා ස්වීට්කෝන් සුප් එකයි (රු. 300), මෂ්රූම් සුප් එකයි (රු. 350), රෝස්පාන් එකයි (රු. 20).

යාන්තමට එන පැණි රහයි, ෆ්‍රෙෂ් ඉරිඟු රහයි දෙක එකතු වෙලා ස්වීට්කෝන් සුප් එක රසගුලාවක් වෙලා තිබුණා. කැරට්, ලීක්ස් වගේ තීරු කපපු එළවළුවලින් සහ හීනියට ඉරපු චිකන් කෑලි ගොඩකිනුත් සුප් එක පිරිලා. ඒ විතරක් නෙවෙයි, මේගොල්ලො සුප් එක රහ කරන්න ලුණු, ගම්මිරිස්, කුරුඳු, එනසාල්, කරාබුනැටි වගේ හුඟක් දේ පාවිච්චි කරල තිබුණා. ඒ නිසාම දිව්‍යලෝක රස!

මෂ්රූම් සුප් එක සෑහෙන්න උකුයි, හැබැයි බොන්න බැරි ගාණට ගන වෙලත් නෑ. ඒ වගේම ලෝබ නැතුව මෂ්රූම්ස් හෙන ගොඩක් දාල තිබුණා. රෝස් පාන් කෑල්ලක් හෙමීට සුප් එකේ පොඟවල ගත්තම ආයෙ ඉතිං තව මොන කතා ද? රෝස් පාන් එක තීරුවලට කපලම සර්ව් කරන නිසා තවත් ලේසියි. සුප් දෙකම ඉවර කරන්නත් බැරි තරම් ප්‍රමාණයෙන් ලොකුයි.

කොහොම වුණත් සුප් දෙක සංසන්දනය කළොත් අංක එක නං ස්වීට්කෝන් සුප් එක තමයි.

සර්විස් එක

අපි ගිය වෙලාවෙ හදල තිබුණෙ එළවළු සුප් සහ චිකන් සුප් විතරයි නිසා, අපේ ඕඩර් එක සර්ව් කරන්න විනාඩි පහළොවක් විතර යයි කියලා ඒගොල්ලො මුලින්ම කිව්වා. කිව්ව විදිහටම විනාඩි පහළොවක් විස්සක් ඇතුළත අපිට කෑමබීම ලැබුණා. මෙතන සර්විස් එක ඉක්මන් සහ ප්‍රියමනාපයි කියල කියන්න පුළුවන්.

අවසාන වශයෙන්

කැනාරා සුප් කැබින් එක අපේ හිතේ තිබුණ සුප් ආසාව හිතුවටත් වඩා හොඳට ඉටු කළා කිව්වොත් නිවැරදියි. රස ගුණ සපිරි සුපිරි සුප් එකක රස කොහොමද කියල ඒ පැත්තෙ ගිහිල්ලම බලන්නකො..

Address

Moratuwa - Piliyandala Rd, Piliyandala

Directions

Right opposite the Sri Vijayarama Bodhiya

Contacts

Report Inaccuracy

Closed right now

Cuisine

Asian

Price Range

Less than 500

Dish Types

Noodles Seafood Soup

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment