Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

3/5

Cargills Food City - Staple Street

21 Staples St, Colombo 2


The Cargills Food City on Staple Street is one of the city's best supermarkets. It was the chain's first outlet, and has been around since 1983. It's large and offers a wider variety of products than most other stores. No promises, but you can probably satisfy most of your culinary requirements here.



ලංකාවේ ආහාර ද්‍රව්‍ය මිළදීගැනීමට ෂොපිං යාම එපාවෙන වැඩකි. සියලු දේ එකතු කරගන්නට තැන් ගණනාවකට යන්නට සිදුවේ. විශේෂයෙන්ම ලාංකික නොවන ආහාර පිසින්නට කළමනා සොයනවානම් තත්වය එසේය. ශාඛමය ද්‍රව්‍ය, සෝස් වර්ග හා හොඳ චීස් සොයාගැනීම අතිශය දුෂ්කරය.

ස්ටේපල් වීදියේ කාගිල්ස් ෆුඩ් සිටි ලංකාවේ හොඳම සුපිරි වෙළඳසල් අතරින් එකකි. 1983 සිට පවතින එය ඊටත් වඩා ඓතිහාසික පාටය. වෙනත් තැන්වල නැති බෙහෝ ආහාර ද්‍රව්‍ය මෙම සුවිසල් තැන තිබේ. පුළුල් එළවලු අංශයක්ද, බොහෝ නැවුම් ශාඛමය ද්‍රව්‍යද, හොඳ චීස් වර්ගද, පිටුපස පෙසෙට වන්නට වායුසමනය කරන ලද හොඳ මත්පැන්හලක්ද තිබේ. හැමදෙයක්ම පිළිවෙලට අසුරා ඇත. සොයාගැනීම පහසුය.

බොහෝ ලාංකික සුපිරි වෙළඳසල්වල මෙන් මෙහිද සේවාවන් අතිවිශිෂ්ට නැත. ඕනෑවටත් වඩා කාර්යමණ්ඩලය සිටියත් කවුන්ටරයෙන් භාණ්ඩ නිකුත් කෙරෙනුයේ ගොළුබෙලි වේගයෙනි. කවුන්ටරය අසල සහායකයන් දෙදෙනෙකු සිටින්නේ මන්ද යන්න මට වටහාගත නොහැකිය. පාරිභෝගිකයන්ටම තමන්ගේ ද්‍රව්‍ය බෑගයට දමාගන්නට බැරිද? දෙදෙනෙක් සිටියත් සේවය නම් ප්‍රමාදය.

එහෙම වුණත් මෙතැන හොඳ සුපිරි වෙළඳසලක් වන අතර විදේශිකයෝද එතැනට කැමති බව පෙනේ. මිළ අඩු නැත. එහෙත් සියලු දේ එක තැනකින් ගත හැකි තැනක් නිසා අපි නිර්දේශ කරමු.

TIP

They've also got a dry cleaning stall near the entrance.

Open 8 AM to 11 PM everyday

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

Have you visited this place?

Write your own review!
See 6 Comments