Artwork for revisiting-sri-lankas-hotels - top banner 1
Artwork for day-outing-under-rs-3000 - top banner 2

4/5

Carnival Ice Cream Parlour

263 Galle Road, Colombo 03

  • Closed right now


Carnival is a Sri Lankan institution, serving not great but cheap ice cream in an accessible and interesting location.



‘කානිවල්’ කියන්නේ කොළඹ තියෙන පරණ ම අයිස්ක්‍රීම් කඩවලින් එකක්. කඩයක් කීවට මේක කොල්ලුපිටිය හංදිය කිට්ටුව තියෙන ඉංග්‍රීසි කාලේ හදපු පරණ වලව්වක් වගේ බිල්ඩිමක්; දැන් අවුරුදු 2-3ක තිස්සේ අලුත්වැඩියා කරකර ඉඳලා දැන්නම් යන්තම් වැඩ ඉවරයි. පරණ ඇන්ටික් ගතිය එහෙමම තියෙන විදියට අලුත්වැඩියාව කරල තියෙනවා.

බිල්ඩිම වගේ ම වැඩකරන කට්ටියත් ටිකක් පරණ වලව් ටයිප් වගේ: වැඩිය කතාවක් හිනාවක් නෑ. කැෂියර් එකේ හිටපු කෙනා නම් ටිකක් හොඳට හිනාවෙලා කතාකළා.

කෑම

අපි චෙරි රස අයිස්ක්‍රීම් ස්කූප් එකයි, කොෆි නට් ස්කූප් එකයි ගත්තා කෝන් එකක දාලා. (ඕන නම් කප් එකක දාලා ඉල්ලන්නත් පුළුවන්) ස්කූප් එකක් රුපියල් 110ක් වෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගණන්වලට අයිස්ක්‍රීම් විකුණන ගොඩක් තැන්වල තියෙන වොෆල් කෝන් එක වෙනුවට අර පාරේ බයිසිකල්වල යන අයිස්ක්‍රීම්කාරයෝ ළඟ තියෙන පොඩි කෝන් එකක තමයි අයිස්ක්‍රීම් දාලා දෙන්නේ.

කොෆිනට් එක නම් නරක නෑ. එලිෆන්ට් හවුස් කොෆි අයිස්ක්‍රීම් එකට කිට්ටුයි. ලංකාවේ ගොඩදෙනෙක්ට වගේ මටත් ජීවිතේ මුලින් ම චෙරි රස දැනිලා තියෙන්නේ කැස්ස පැණිවලින් නිසා චෙරි අයිස්ක්‍රීම් කද්දි මතක්වෙන්නෙ ඒක. ඒත් අයිෂා නම් ඒ රසට ආසයි. ඒත් මෙතන අයිස්ක්‍රීම් වර්ග ඔක්කොම වගේ පැණිරස නම් සෑහෙන්න වැඩියි.

කොම්බෝ අයිස්ක්‍රීම්වලින් අපි ගත්තේ ‘කැලිෆෝනියා’ කියන එක (රු. 440). උස කප් එකක එන මේ කොම්බෝ එක ලයිම්, චෙරි සහ වැනිලා අයිස්ක්‍රීම් එක්ක  පෙයාර්ස්, කිතුල් පැණි, කජු, විප් ක්‍රීම් දාලා තමයි හදන්නේ. උඩින් වේෆර්ස් කූරකුයි චෙරි ගෙඩියකුයි ගහලා තියෙනවා. මේකට දාන දේවල් මෙනූ එකේ ගහලා තිබුණට කන්න ගත්තට පස්සෙ තමයි අපට තේරුණේ මේ රස ටික එකකට එකක් ගැලපෙන්නෙ නෑ කියලා. අනිත් මේ දේවල් දාලා තියෙන්නේ තට්ටු වශයෙන් නිසා කොහොමත් උඩ තියෙන එක කාලා තමයි ඊළඟ එකට යන්න වෙන්නේ. රියෝ එකේ එහෙමත් මේ වගේ උස කප්වල දාලා කොම්බෝ අයිස්ක්‍රීම් දුන්නට මට මතක විදියට මීට වඩා හොඳට එක එක වර්ගවල රස කලවම් වෙනවා. අනිත් එක මම කාපු කොම්බෝ වර්ගවල නම් මෙච්චර අමුතු රස වර්ග එකට දාලත් තිබුණේ නෑ. ඇත්තට ම අපිට මේ අයිස්ක්‍රීම් එකෙන් බාගයක්වත් කාගන්න බැරිවුණා.

නැචුරල් මැන්ගෝ මිල්ක් ෂේක් (රු. 260) එකෙත් කියන්න තරම් වරදක් නැති වුණත් කියන්න තරම් හොඳකුත් නෑ.

තැන

කලිනුත් කීවා වගේ බිල්ඩිමේ පරණ ගතිය එහෙමම තියෙන විදියට රෙපයාර් කරල තියෙනවා. මේක ඇතුල ගෙයක් වගේ කාමර බෙදල තමයි තියෙන්නේ. (ගොඩක් දුරට මේක ඉස්සර ගෙයක් වෙන්න ඇති) ඒත් ඒ ගොඩක් කාමර අරින්නේ හවස පහෙන් පස්සේ. අපි යද්දි නම් උඩ තට්ටුවට යන ලී තරප්පු පේලියත් වහල තිබුණේ. අපි වාඩිවුණු ඉස්සරහා කොටසේ වහලේ ඇඳල තිබුණු ඩූඩ්ල්ස් නම් පරණ කාලේ ඒවා නොවුණත් නොගැලපෙන ගතියක් දැනුනේ නෑ.

අවසාන වශයෙන්

මෙතන සෑහෙන රස වර්ග ගාණක අයිස්ක්‍රීම් තියෙනවා; දූරියන් රස පවා! දූරියන් අයිස්ක්‍රීම් කියන බොඩ් එක දැකපු ගමන් අපි මූණට මූණ බැලුවත් (හොඳ වෙලාවට?) එදා ඒක ඉවරවෙලා තිබුණා. මට නම් පරණ බිල්ඩින් ගැන ලොකු ආසාවක් නැති වුණත් 60-70 දශක ගැන පොඩි නොස්තැල්ජික් අත්දැකීමකට කැමති අයට මෙතන හොඳ තැනක්. ඔයා ගොඩක් පැණිරසට ආසයි නම් මෙතන අයිස්ක්‍රීම්වලටත් ආසා වෙයි.


TIP

Try the Nut Cracker!

Artwork for Frimi Shoutout banner 2- non merchants only

Address

263 Galle Road, Colombo 03

Directions

From the south, head up the Galle Road past the Hotel Juliana. Carnival is on the landside, just before Colpetty junction.

Report Inaccuracy

Closed right now

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4
Similar Places

User Reviews
W
2

5/5

0

walkingdead

Wonderful ice cream at good price. Got a double scoop in waffle cone for 370 LKR compared to the tiny 1 scoop for 350 LKR at il gelato at liberty plaza - biggest rip off ever. I'm sticking with carnival as much better value and staff more pleasant. Great location and atmosphere as well,

W
2

5/5

0

walkingdead

Wonderful ice cream at good price. Got a double scoop in waffle cone for 370 LKR compared to the tiny 1 scoop for 350 LKR at il gelato at liberty plaza - biggest rip off ever. I'm sticking with carnival as much better value and staff more pleasant. Great location and atmosphere as well,

See 19 Comments