Artwork for Chutiduwa top banners - temp gif 2
Artwork for PickMe Flash top banner 11 Jan 2021
Artwork for Darley Road sidebar banner Artwork for Coffee post sidebar 1-1959 only

4/5

CASA Colombo

231 Galle Road, Bambalapitiya


Casa is a building as art, but better even than its nifty finishes is the fact that it’s WELL PRICED.



නගරයේ වඩාත්ම විශිෂ්ට හා ආකර්ශනීය කන, බොන, සැතපෙන තැන් අතරින් එකක් නැවතත් හොඳ තත්වයෙන් ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇති බව 'යමු' වාර්තා කරන්නේ මහත් සතු‍ටිනි.

වසර ගණනාවකට එපිටදී කැසා කලම්බු පිටුපස සිටි අය අතිශය ධනවත් පෙනුමැති එහෙත්, සෑහෙන දුරට නෙසලකා හරිනු ලැබ තිබුණු මන්දිරයක්, එවැන්නක් නොතිබිය හැකි පරිසරයකින් සොයාගෙන එයට නැවත පණ දුන්හ. හුදු නැවත පිහිටුවීම ඉක්මවා දුරක් ගිය ඔවුහු එය කොළඹ එඩිතරම ගෘහ නිර්මාන සැලසුම් ප්‍රකාශනය බවට පත් කළහ.

සාමාන්‍ය බම්බලපිටියේ ශ්‍රී ලංකාවේ හොඳම බුටික් හෝටලය පිහිටුවීම උන්නතිකාමී අදහසකි. එහෙත්, සියුම් තැන් පිළිබඳ අතිශය සැලකිලිමත් අවධානය, විශිෂ්ට සේවාවන් සහ සරළ හොඳ රසාස්වාදය හේතුවෙන් කැසා කලම්බු සාර්ථක විය. නැතිනම් බොහෝ දුරට සාර්ථක විය.

උණුසුම් ප්‍රතිචාර මැද කැසා කලම්බු 2006දී විවෘත වූ අතර ඒ රිදී ගේට්ටු විවර වී මාස කීපයකින් ලංකාවේ සිවිල් යුද්ධය ඇරඹී ඉක්මණින්ම අවසන් උණුසුම් අවධියට පිවිසියේය. පැරණි මොටෝරිය සේවාවෙන් ගමන් බිමන් යන්නත්, නිල්වන් දිය පිරි පිහිනුම් තටාකයේ ගිලෙන්නත්, ෂැම්පේන් අවන්හලේ මධුවිත කොලගාන්නත් එන්නට සිටි අමුත්තෝ ආවේ නැත. තත්වය තවත් නරක අතට හරවමින් ආණ්ඩුව පළි ගැනීමේ චේතනාවෙන් ‍කැසා කලම්බු හිමිකරුවන්ට බීමහල් බලපත් ලබා දුන්නේනැත.

හොඳින් මුසු කළ බීමක් රස බලන්නට පැමිණෙන දෙස්, විදෙස් අමුත්තන්ගේ පහස නොලද  සුන්දර කැසා කලම්බු මන්දිරය ශ්‍රී ලංකාවේ භාවිතයට ගනු නොලබන නිසග වාසනාවන්ගේ ප්‍රකාශනයක් වෙමින් වසර ගණනක් අඳුරේ ගිලී තිබිණි.

බොහෝ අය සිතූ පරිදි මන්දිරය වසා දමා හෝ අඩු තර‍මේ දේශීය අමුත්තන්ට වසා තිබිණි. එය සජීවීව තබා ගත්තේ විදෙස් අමුත්තන් කීපදෙනෙකුගේ පැමිණීම හා නිරතුරු එහි පැමිණි ගනුදෙනුකරුවන් අතළොස්සක් හේතුවෙනි. එක් බලාපොරොත්තු සුන් කළ යුගයකදී එය පුහු අලංකාර සහිත ලෙබනන අවන්හලක් ලෙසත්, තවත් කලක එහි හිමිකරුවන් විසින් පවත්වාගෙන යන ලද ඩෝනට් අලෙවිහලේකර්මාන්ත ශාලාව ලෙසත් භාවිතා කෙරිණි. එහෙත්, ශ්‍රී ලංකාව සේම කැසා කලම්බු ද මේ අඳුරු යුගය සාර්ථක ලෙස පියමං කරමින් ආලෝකයේ දොරටු කරා ධෛර්යයෙන් පැමිණියේය.

දැන් නැවතත් කැසා කලම්බු පණ ලබා ඇත. එය පිළිබඳ විවරණවලින් හෙළි වන පරිදි එය නිකම් නොනැසී පවතිනවා නොව ව්‍යාපාරමය වශයෙන් සාර්ථක වෙමින් තිබේ.

ඔවුන්ගේ සුවපහසු කාමර නිරන්තරයෙන් පිරී ඇති අතර TripAdvisorහි වටිනාකම් නියම කිරීම් අනුව, එය ආසියාවේ වැඩිම ඉල්ලුමක් ඇති හෝටලයකි.

වඩාත්ම වැදගත් කරුණ වන්නේ කැසා කලම්බුහි සුන්දරත්වය, විශිෂ්ට ආහාර හා සේවා විදෙස් අමුත්තන්ට පමණක් නොව කොයි කාටත් විවෘත වීමයි. අඩු තරමේ අවන්හල, බීමහල හා මතු මහල හෝ එසේය.

බයිසිකල් කඩයක් අසල ඇති පටු මග දිගේ ඇවිද යන්න. මඳක් කුණු වැකුණු බීම හල් පසු කර යන ඔබ ගේට්ටු විවර කර උද්‍යානයට ඇතුල් වන විට ඔබට එක් වරම සිහි වනු ඇත්තේ ඔබ ජේමිස් බොන්ඩ් චිත්‍රපටයකට පිවිස ඇති බවකි. සුන්දර නෙළුම් පොකුණක් අසබඩ දැල්වෙන දොළොස්මහේ පහනකි. බීමහලකට උවමනාවට වඩා විශාල වීදුරු ඝනකයකි. නෙත් වශී කරවන යටත් විජිත කාලයේ මන්දිරයකි. ඍෂිවරු පා වී යති. (තේරුම් ගන්නට නම් ඇතුළට ගොස් බලන්න)

මේ විස්වකර්ම සැලැස්මකි. කලා රස විහීනයකුට එය වැඩකට නැති තැනකැයි සිතන්නට ඉඩ ඇත. ඒත් ඒ නොදන්නාකමයි. කැසා ගොඩනැගිල්ලක් ලෙසද කලාවකි. එහෙත්, එහි සුරුබුහුටි නිමාවන්ටත් වඩා රසවත් කාරණය එහි මිළයි.

සාමාන්‍යයෙන් ලංකාවේ ආකර්ශනීය හෝ ආකර්ශනීය වන්නට සිතන හොඳින් සැලසුම් කළ තැන් විවිධ ප්‍රභූ මායාවන් සමග බැඳී ඇත. කැසාහිදී ඔබට දෙතුන් දෙනෙකුට සෑහෙන කෝපි බඳුනක් රු. 200කට මිළ දී ගත හැකිය. ක්‍රීම්, විස්කෝතු, සැර කැවිලි ආදියෙන් සමන්විත සුන්දර තේ පැන් සංග්‍රහයක් රු. 200කි. කිරි පැණි රු. 150කි. (Hilton හෝ Paradise Roadහි මිළ ගණන් හා සසඳා බලන්න).

එහි අතුරුපස වර්ග රැසත්ද රු. 400 සිට ඇත. කොළඹ අතුරුපස රජු වන Paradise Roadට වඩා එහි මිළ අඩුය. එහෙත් Paradise Roadහි අතුරුපස ගුණයෙන් ඉහළය. [යන්න Disco Route].

සතියේ බොහෝ දිනවල මතු මහල සම්පූර්ණයෙන්ම වාගේ හිස්. ඉතින් ඔබට පුළුවන් සම්පූර්ණ හැන්දෑවක්ම මිළ අඩු කෝපි බඳුනක් සහ නොමිළේ ලැබෙන වයිෆයි පහසුකම් සමග ගත කරන්න. අපි ඔබට අභියෝග කරනවා පුළුවන්නම් කොළඹ නොවෙයි ලෝකයේ කොහේ හරි එවැනි සුවපහසු තැනක ඩොලර් දෙකේ කෝපි පෝච්චියකට එවැන්නක් ලබාගන්න.

එකම තැන එතැන. ඒ තමයි, කැසා කලම්බු.

World-class cool.

TIP

At Casa you can get a pot of coffee for Rs. 200 (enough for two or three people). You also get a beautiful tea service - cream, biscuits, spices for 200, curd and honey for Rs 150. The rhubarb crumble is good.

Address

231 Galle Road, Bambalapitiya

Contacts

E-Mail Facebook Website Twitter

Report Inaccuracy

This place has closed down

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
3
Ambience Rating
5

Similar Places

Have you visited this place?

Write your own review!
See 11 Comments