Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

3/5

CASA Italia

No. 4, Samagi Mawatha, Raja Maha Vihara Road, Sri Jayawardenepura Kotte.


A small Italian restaurant that serves up some decent wood-fired, thin crust pizza, and has the coziest, homey ambiance.



කාසා ඉටෑලියා නොහොත් “ඉතාලි ගෙදර” කියන තේරුමෙන් හදපු ඉතාලි රෙස්ටෝරන්ට් එකක් ගැන අපට ආරංචිය ආවේ අපේ මේ යමු සිංහල පේජ් එකේ වැටුණු කමෙන්ට් එකකින්. මේක තියෙන්නේ කෝට්ටේ, රජමහා විහාර පාරේ. මාසෙකින් විතර හොඳ පීසා කෑල්ලක රස බලන්න බැරි වුණු නිසා ම, අපි ඉරිදා දවසක හවස් වරුවක් අල්ලලා කාසා ඉටෑලියා එකට ගියා.

තැන

කාසා ඉටෑලියා එකට අපි ගොඩ වුණේ නා කපන වැස්සකුත් අරගෙන. ඒ නිසා රෙස්ටෝරන්ට් එකට ම හිටියේ අපි දෙන්නෙක් විතරයි.

මේක ඇත්තට ම ගෙදරක කොටසක් රෙස්ටෝරන්ට් එකක් විදියට හරවපු තැනක්. රතු පාට ගඩොලින් හැදුණු බිත්තිවලින් මෙතැනට අමුතු ගතියක් ඇවිත් තියෙනවා. හැබැයි ඒ බිත්ති ටික දැකගන්න ලැබෙන්නේ රෙස්ටෝරන්ට් එකට ඇතුළු වෙන හරියයි, කුස්සිය හරියෙයි විතරයි. අනිත් සේරම වටපිටාව හැඩ වෙන්නේ ස්වාභාවික පරිසරයේ ලස්සනින්. මොකද මෙයාලගේ තියෙන්නේ අවුට්ඩෝර් ඩයිනින්නේ. රෑ වේගෙන එද්දී ලයිට් බල්බ් එක දෙක පත්තු වෙනකොට පොඩි රොමෑන්ටික් ගතියකුත් එනවා. අනික හුළං පාර වදිනකොට රස්නයක් දැනෙන්නෙත් නැහැ. තමන්ගේ ම තැනකට ගියා වගේ සැහැල්ලුවක් සහිත වාතාවරණයක් තමයි මෙතැන තියෙන්නේ.

කෑම බීම

පීසා, පැස්ටා, ලසඤ්ඤා, රැවියෝලි වගේ ඉතාලි කෑම වර්ග කීපයක් කාසා ඉටෑලියා එකේ තියෙනවා. ඔය ගොඩක් පීසා රෙස්ටෝරන්ට්වල වගේ මෙතැනත් හාෆ්-බයි-හාෆ් දාපු පීසා ගන්න පුළුවන්. අපි ඔය අතරින් තෝරගත්තේ “Pizza Siciliana” (රු.1750, බාගයක් රු.875) සහ “Pizza Napolitana” (රු.1500, බාගයක් රු.750) ජාති දෙක. තව ඕඩර් කළා “Carbonara” (රු.850) එකකුත්.

මුලින් ම මේසෙට ආවේ කාබෝනාරා එක. මේක ඉස්සෝ හෝ චිකන් බේකන් එක්ක ගන්න පුළුවන්. අපි ගත්තේ ඉස්සෝ එක. සාමාන්‍යයෙන් ගොඩක් රෙස්ටෝරන්ට්වල කාබෝනාරා කියලා ඉල්ලුව ම අපට හම්බවෙන්නේ ස්පගැටි කාබෝනාරා එකනේ. ඒ වුණාට කාසා ඉටෑලියා එකෙන් අප‍ට ලැබුණේ පෙන්නේ කාබෝනාරා එකක්. කොහොම වුණත් මේක මාර ම රසයි. පුදුම චීස් තොගයක්නේ දාලා තිබුණේ. වෙන එකක් තියා පිඟානේ අඩිය හරිය සම්පූර්ණයෙන් වැහිලා තිබුණේ චීස්වලින්. ක්‍රීම්චීස් සහ පාර්මේසන් රස මේකෙන් හොඳට ම දැනුණා. ඒ විතරක්යැ; බලන්න එපායැ මේ පැස්ටා එකේ තිබුණු ඉස්සෝ තොගේ. පොතු ඇරපු සාමාන්‍ය සයිස් එකේ ඉස්සෝ 15ක් විතර මේකට දාලා තිබුණා. උණු උණුවේ ම පිළිගැන්වුණු නිසා තවත් මරු.

පීසා එක හැදිලා ඉවර වුණේ අපි පැස්ටා එක කාලා ඉවර වෙනවත් එක්ක ම වාගේ. හප්පේ! මේකෙත් චීසි ගතිය ඕනේ තරම්. කොටින් ම කිව්වොත් පීසා කෑල්ල කඩාගන්නකොට ඒක දිගේ මොස්රැල්ලා චීස් ඇදිලා එනවා. මේකේ ක්‍රස්ට් එකත් පට්ට. කරස් සද්දෙන් හැපෙන්නේ.

මේ තියෙන්නේ පීසා සිසිලියානා එක. පීසා සෝස්, චීස් මැද්දට මීට්බෝල්ස් පුරවලා තමයි මේක හදලා තියෙන්නේ. නිකන් මේ කඩෙන් ගන්න මීට්බෝල්ස් එහෙම නෙවෙයි හොඳේ. මේවා කාසා ඉටෑලියා එකේ ම හදන ඉතාලි රසයෙන් අනූන ඒවා. සාමාන්‍යයෙන් ඉතාලි මීට්බෝල්ස්වල තියෙන හර්බ්ස්වල රස මේකෙන් හොඳට දැනෙනවා. එක ම අවුල ඒවා එච්චර හයිය ගතියට නැති එක. හරි ඉක්මනට කෑලිවලට කැඩිලා යනවා. ඒ මොනවා වුණත් මේ පීසා එකේ රසට ඒකෙන් කිසිම බාධාවක් නැහැ.

ෂහ්! මේ නැපොලිටානෝ පීසා එකත් පංකාදු පහයිනේ! මේකටත් චීස් යහමින් දාලා. ඔලිව්ස් එක්ක චීස් එකතු වෙනකොට එන රස ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ විතරක්යැ, අතරින් පතර හාල්මැස්සෝ කෑල්ලක් එහෙම හැපෙනකොට ඒ රස ඩබල්, ට්‍රිපල් වෙනවා.

සර්විස් එක

ආයේ ඉතින් කතා දෙකක් නෑ, තමන්ගේ තැනකට ගියා වගේ සැලකිල්ලක් තමයි කාසා ඉටෑලියා එකෙන් ලැබෙන්නේ. මේකේ අයිතිකාර නෝනා මහත්වරුත් නිතර ගැවසෙන ගමන් රෙස්ටෝරන්ට් එකේ වැඩ කටයුතු හොයලා බලනවා. අපේ කෑම සේරම ටික මේසෙට එන්න  විනාඩි 20ක්වත් ගියේ නැහැ. අනික මෙතැන තියෙන්නේ ඕපන් කිචන් එකක්නේ. ඒ නිසා මේ රස කෑම හැදෙන විදිය අපේ ඇස් දෙකෙන් ම බලාගන්න ඇහැකි.

අවසාන වශයෙන්

අපට දැනගන්න ලැබුණු විදියට, කාසා ඉටෑලියා එකේ කෑමවලට දාන හර්බ්ස්, එළවලු වර්ග ගොඩක් ඒවා වැවෙන්නේ මේ කට්ටියගේ ගෙවත්තෙමයි. ඒ නිසා මේවයේ ෆ්‍රෙෂ් ගතිය ගැන කිසිම සැකයක් තියාගන්න ඕනේ නැහැ. අහ්! මේ කට්ටිය ඩිලිවරිත් කරනවා හොඳේ. ඒ නිසා මේ පීසා ගෙදරට ම ගෙන්නගෙන කන්නත් පුළුවන්. හැබැයි ළඟ පාතක නම් ඉන්නේ, හවස් වරුවක් අල්ලලා මේ රෙස්ටෝරන්ට් එකට ගොඩ වෙලා බලන්නකෝ.


TIP

Their Tiramisu is incredible!

Address

No. 4, Samagi Mawatha, Raja Maha Vihara Road, Sri Jayawardenepura Kotte.

Directions

It's on Samagi Mawatha, right at the turn from Raja Maha Vihara Road.

Contacts

Facebook Website Instagram E-Mail

Report Inaccuracy

Open until 11:00 PM

Cuisine

Italian

Price Range

More than Rs.1500

Dish Types

Pasta Pizza

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4
Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment