Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for PMF free for 2000 Offer sidebar banner Artwork for Promotional Artwork

3/5

Casa Serena

122 Havelock Road, Colombo 5


Casa Serena is an affordable arts and handicrafts shop, gallery and bookstore.



ශ්‍රී ලංකාව තුළ සාම්ප්‍රදායික කලා මාධ්‍යයන් මූලික කොටගත් නිර්මිත භාණ්ඩ මෙන්ම හස්ත කර්මාන්තය හරහා නිෂ්පාදනය වන බොහෝ භාණ්ඩ සංචාරක මට්ටමේ මිල ගණන් වලින් යුතුව වෙළඳ පොළ තුළ විකිණීමට තිබෙයි. නමුත් Casa Serena යනු වටිනාකමට සරිලන සේ ඉහත දක්වන ලද භාණ්ඩ පාරිභෝගිකයා වෙතට ගෙන එන ආයතනයක්. එයට යන ඕනෑම කෙනෙකුට සාම්ප්‍රදායික අලංකාරයෙන් යුතුව නිමවා තිබෙන රෙදි පිළි, සුභපැතුම් පත් මෙන්ම වටිනා පොත් එකතුවකුත් මිල දී ගැනීමේ හැකියාව තිබෙයි.

අපි මෙවැනි අයිතමවලට උදාහරණ කීපයක් බලමු. මේ මිළ ගණන් මෙම ලිපිය ලියන දින සඳහන් වූ ගණන් වන බව සළකන්න.

කඩදාසි දවටන (wrapping papers) - රු 65 Unique gift wrapping paper, priced at Rs. 65මෙහි ඔබට මිලදී ගැනීමට ඇති කඩදාසි දවටන ඉතාමත් කලාතුරකින් ඇස ගැටෙන මාදිලීන්ගෙන් සකස් කොට තිබෙන ඒවා වෙයි . ශ්‍රී ලාංකේය කලා නිර්මාණවල ඇති චිත්‍ර, කැටයම් ආශ්‍රිතව නිර්මාණය වි ඇති මෙම මාදිලීන් අනවශ්‍ය ලෙස ඔප නොදා තිබීම නිසාම එවායේ වටිනාකම් වැඩි වී තිබෙන බව දකින ඕනෑම කෙනෙකුට පසක් වෙයි. මෙනිසා මුදලට වඩා වැඩි වටිනාකමක් මේවා තුළ තිබෙන බව අපේ අදහසයි.

 

සටහන් පොත් - රු 240 priced at Rs. 240හමින් කරන ලද සටහන් පොත් කාසා සෙරේනා වෙත යන ඕනෑම කෙනෙකුගේ ඇස ගැටෙන අංගයකි. මෙම සටහන් පොතක මිල රු. 240.00ක් පමණ වන අතර ඊට උසස් තත්වයේ ලියන කඩදාසී යොදා නිෂ්පාදනය කොට තිබීම සහ ගෙවන මිළට වඩා වැඩි වටිනාකමක් යුතුයැයි හැඟෙන නිසා හිතවතෙකුට දීමට සුදුසු වටිනා තිළිණයක් ලෙස කැපී පෙනෙයි.

 

සුබපැතුම් පත් කට්ටලය - රු 1200

Priced at Rs. 1,200 for a setමේ තරමක් මිළෙන් ඉහළ අයිතමයක්. එහෙත් මේවායේ පවතින කලාත්මක නිමාවට සරිලන කාඩ් පත් වෙන තැනකින් මිළ දී ගැනීමට නොහැකි ආකාරයේ ඒවා බව බැලූ බැල්මට කිව හැකියි. හොඳින් ඇසුරුම් කර ඇති මෙම සුබපැතුම් පත් කට්ටල සාම්ප්‍රදායික චිත්‍ර සහ පෞරාණික නිමාවකින් යුක්ත වෙයි.

 

කාසා සෙරේනා 'ලාබ' බඩු ඇති ස්ථානයක් නම් නෙවෙයි. එහෙත් මෙවැනි ගුණාත්මක භාණ්ඩ මෙවැනි මිළකට වෙනත් තැනකින් ලබා ගත නොහැකි බව නම් පිළිගත යුත්තක්. අගනා පොරෝණ, රෙදිපිළි ආදිය රු 2000කට අඩු මිළකට මෙතනින් ඔබට මිළ දී ගත හැකියි. ඉතා හොඳ තත්වයේ මේස රෙදි රු 5000ක් පමණ වෙයි. මෙහි උඩ මහලේ දී ඔබට විවිධ වූ පොත් එකතුවක් දැක ගැනීමට හැකියි. ඒ අතර එඩ්ගා ඇලන් පෝගේ සඳැස් පොත්, ගාන්ධි චරිතය, මෙන්ම පීටර් කුරුවිටගේ ආහාර එකතුවත් ඇතුළත්. මෙහි ඇති බොහෝ භාණ්ඩ දේශීය කලාකරුවන් අතින් නිමවූ ඒවා වුවත් ලාඕසය, ඉන්දියාව, තායිලන්තය වැනි රටවලින් ආනයනය කරන ලද බඩු ද දැක ගත හැකියි.

මෙම ස්ථානය පිහිටා තියෙන්නෙ හැව්ලොක් පාරේ පොලිස් පිටිය ඉදිරිපිට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ ලා පැෂන් සැලෝන් ආසන්නයේ. පහත මාලයේ වෙළඳ සැලත් ඉහළ මාලයේ පොත් එකතුව සහ ප්‍රදර්ශනාගාරයත් පිහිටා තිබෙනවා. බිම ඇති විචිත්‍ර ගඩොළු වලින් මෙම ස්ථානය හඳුනා ගත හැකියි. මෙම ගොඩනැගිල්ල පැරණි බංගලාවක් බවයි බැලූ බැල්මට පෙනීයන්නේ. පසුව එය විවිධ වෙනස්කම්වලට භාජනය වී තිබුණත් වත්මන් කළමනාකාරීත්වය එහි පැරැණි පෙනුම රැක ගැනීමට සමත් වී ඇති බව පැහැදිලි වෙයි.

පරිවර්තනය කළේ උෂාන් (අන්තිමයා)

TIP

Check out the gift wrapping and shawls. They're unique and surprisingly affordable. The classic over-achieving girl gift.

Address

122 Havelock Road, Colombo 5

Directions

Heading down (south) on Havelock Road past La Passion you'll find Casa Serena after Gower Street. It's set back a ways, keep an eye out. Coming the other way it's past Vajira and Amrith's, across from Police Park.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment