Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

5/5

Casserole Restaurant

253, Galle Road, Mount Lavinia


Casserole Restaurant is arguably the most popular family restaurant at Mount Lavinia, that dishes out some good Western and Chinese infused dishes for a decent fare.



බඩගින්න ඉහවහා ගිහින් යාළු. ඇයි ඉතින් දවල්ට කාලත් නෑනෙ. එහෙමයි කියල දැන් කරන්න දෙයකුත් නෑ. සනික අදින්න එපැයි ගෝල් රෝඩ් පැත්තට. යාළුව ඇවිත් කොළඹ. ම්.. ගියාට පස්සෙ නම් හැබැයි කෑම ෂුවර්. ඒත් ඒ රෙස්ටුරන්ට් එක අරින්නෙත් 6ටද කොහෙද. කොහොමහරි මගේ වෙලාව කියන්නෙ, වෙනදට ට්‍රැෆික් එකේ ගාට ගාට පැය ගාණක් යන ගමන, එදා පැය බාගටෙ එතන.

5.30යි!

‘දැං මොකෝ කරන්නේ..’ කියල කල්පනා කරල හිටං මම යාළුවටත් කිව්වෙ එක්කො ඔඩෙල් එක පැත්තට යං, නැත්නම් මෙතනම පල්ලෙහා තට්ටුවෙ බේකරි ඩයිනින්ග් එකට වෙලා ඉඳල ඕපන් කලාම උඩට යං කියල.

“මං හිතන්නෙ ඒ දෙවනි අදහස හොඳ වෙයි නේ බං. මොකද ඔඩෙල් ගියා කියන්නෙ තව කීයකට හරි තට්ටු වෙනව කියන එකනෙ”

එපමණයි..

දෙදෙනාම එය සහතිකවම දනී..

එබැවින්,

නැග්ග පඩිපෙල, ගොඩවුණා බේකරියට, ගත්ත ඉක්ලෙයාර්ස් 2ක්, කෙලින්ම කෑම කාමරේ මුල්ලටම!

කයියෙන් කයිය ඉතින් වෙලාව යනව තේරුනෙත් නෑ. ඊටත් එළියෙ මහවරුසාව දිහා බලාගෙන හිටියා.. 6.30ටත් කිට්ටුයි.

“යං යං. උඩ සෙනඟ පිරිලද දන්නෙත් නෑ”

දෙන්න අඩියට දෙකට රෙස්ටුරන්ට් එකට. ගිහිල්ල ඔන්න,

“ගුඩ් ඊව්නින් සර්” උණුසුම් පිළිගැනීමත් එක්ක ගියා නිදහස් තැනක් බලල හෙමින් සැරේ අඩියෙන් අඩිය. ගිහිල්ල කරලා.. ඒ අනික් පැත්තටම මේසෙට ආපු මෙනුවත් බලලා.. ඕඩර් කලා සේවක මිත්‍රයගෙ උදවුත් ඇතුව චෙෆ්ස් ස්පෙෂල් රයිස් එකයි (රු. 1600), සින්ගපෝ නූඩ්ල්ස් එකයි (රු. 510), පෙපර් පෝර්ක් එකයි (රු. 750), ප්‍රෝන්ස් විත් කැෂුනට් එකයි (රු. 700).

ඇත්තටම කියන්න ඕන, මම නොහිතපු විදියෙ සේවාවක් වගේම ඩයිනින්ග් ඒරියා එකක් තමයි ගල්කිස්ස කැසරෝල් එකේ තියෙන්නෙ. හරියට තරු පන්තියෙ හෝටලයකට ගියා වගේ. සුවපහසු පුටුමේස අඩුම කුඩුම සියල්ලන්ගෙන්ම සමන්විතයි. ඒ විතරක් නෙවෙයි සේවක මිත්‍රයො! කොටින්ම කියතොත් වීදුරුවෙ වතුර ඉවර වෙන්න, ඉවර වෙන්න පවා ඇවිල්ල පුරවල දෙනව. අපිට මොනව හරි ඕන වුණ ගමන් පටස් ගාලා ළ ඟට එන්නත් සැදී පැහැදී ඉන්නව. අනික නිකම් වෙලාව කන්නෙ නැතුව කෑම ටිකත් හරි හරියට මේසෙට ගේනවනෙ.

එහෙම ගෙනැල්ල ඉස්ඉස්සෙල්ලාම තියපු ‘චෙෆ්ස් ස්පෙෂල්’ එක..

දැක්කත් හරි මායි යාලුවයි මූණට මූණ බලාගත්ත. කිරි අප්පේ.. ඒකෙ සයිස් එකයි, පාටයි, තියෙන ජාතියි.. කකුල් දෙකත් එක්ක පණ නැතුව ගියේ ඒක දැකල. මගෙ හිතේ මුළු කුස්සියම දාලාද කොහෙද. හිතන්නකො යාළු.. ගැඹුරු තෙලේ පදමට බැදපු චිකන්, බීෆ්, පෝර්ක්, සොසේජස්, මාළු, ඉස්සො, දැල්ලො, පීකුදු ලොකු ලොකු කෑලි තොගයක්. වැඩිය ඕන නෑ හැන්දකට මස් කෑලි 2ක් නම් ෂුවර්. ඒ විතරක් නම් බැරියැ එළවළු! කැරට්, ලීක්ස්, ගෝවා, බෝංචි, අල.. පොඩි පොඩියට කපල, පදමට තම්බල.. අන්තිමට සියල්ලම, රසම රස ඩෙවිල් වගේ සෝස් එකක් එක්ක කලවම් කරල. අමු මිරිස්, ගම්මිරිස්, රතුමිරිස්, ලුණු ඇඹුල් අඩුපාඩුත් නූලට තියලා..

කීරි සම්බා හාලෙ බත් තට්ටුවක් උඩට කියන්නකො බෙදල තියෙන්නෙ.

ආයෙ ඉතින් දෙන්න ඒකමයි කෑවෙ, ඒකමයි. හැබැයි බතුත් එක්ක නම් නෙවෙයි නූඩ්ල්ස් එක්ක. මොකද ඒකෙ බත් හොයන්න බෑ, ඒ තරමට චොප්සිනෙ.

කාරි නෑ ඉතින් නූඩ්ල්ස් එකත් එක්කත්. මොකද හොඳ ඩ්‍රයි ගතියට තිබ්බ නූඩ්ල්ස් එකේ ටොප් එකට එන සීෆුඩ් රසයි සුවඳයි.. චිකන්, පෝර්ක්, ඉස්සො දැල්ලො අඩු පාඩු ටිකත් එක්ක තකටතක යනවනෙ. විශේෂයෙන්ම චොප්සියෙ පීකුදු කෑලි එහෙම. බැදිලා කරල නිසා.. රසයි කියන්නේ, දෙන්න තරඟෙට කන්නෙ තරඟෙට. අනික ඒ නූඩ්ල්ස් එකෙත් ඔරිජිනල්ම සින්ගපෝර් රස තිබ්බ ඈ.. අර.. අමුතු හාල් මැස්සො, කූණීස්සො වගේ එක!

ඒ අතරට ගේම ඩබල් කලේ පෙපර් පෝර්ක් එක. මල් හතයි, තරු දා හතරයි කිව්වලු. මගෙ හිතේ එදා මෙදා තුර කාපු හොඳම පෙපර් පෝර්ක් එකද කොහෙද. කිව්වට විශ්වාස කරන්න යාළු තඩි පෝර්ක් කෑලි, ඒකත් මස් වලින්ම. හොඳ හැටි ගම්මිරිස් පදමෙ රස කරල, ලුණු ඇඹුලුත් ගාණට තියල, සෝස් එකක් එක්ක ගලපල. කටක් කෑවාම දෙවනි කකට හැන්ද යන්නෙ ඉබේටම..

ම්.. අර කැෂුනට් ප්‍රෝන්ස් එකත් හොඳයි. හැබැයි මට එච්චර ඇල්ලුවෙ නෑ. මොකද ඒකෙ සෝස් ගතිය වැඩියි. ඒත් ඉස්සො ටික නම් ෆුල් ෆ්‍රෙෂ්. පොඩි සයිස් වුනාට තොගයක් හිටියනෙ. හැරත් ඉතින් නමේ හැටියටම කජු නම් දාලා තියෙනව පොල්කටු හැන්දෙන්ද කොහෙද.

කොහොම වුණත්.. කාලා කාලා ඉස්මුරුත්තාව එනකම්ම කාලත් කෑම ඉතුරුයිනෙ. ඇත්තටම මම මුලදි හිතාගෙන හිටියෙ ඩෙසට් එකකුත් ගන්න කියල. කොහෙද? ඩෙසට් තියා.. ‘හ්ම්’ කියාගන්න බැරුව හිටියෙ. යාන්තම් වතුර බීලා බීලා ගොඩ ආව මිසක්! 


Similar Places

User Reviews
G
2

5/5

0

Guruge_H

Food is reeeeealy good! Real value for money. Nice place for a family dinner.

G
2

5/5

0

Guruge_H

Food is reeeeealy good! Real value for money. Nice place for a family dinner.

See 2 Comments