Artwork for Coke with food - top banner 1
Artwork for Yamu Promo Top Banner
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

4/5

Caterina Pizzeria

No. 11, Rheinland Place, Colombo 03


Caterina Pizzeria whips up some superb thin-crust pizza from a wood-fired oven.



නොසිතූ මොහොතක නොසිතූන් ලෙසින්...

එදා සැඳෑවත් සුන්දර බවින්…

පිරිලා ඉතිරිලා යන්න කියල,

මායි යාළුවයි ගියා,

ආසම දේවල් කන්න හිතන්!

ගිහිල්ල කරල, අපූරු ඉන්ටීයර් එක අතරින්, හෙමින් හෙමින්...

කෙළින්ම, කෙළවරේ ම තියෙන කාමරයට, අත් අල්ලන්...

“ගුඩ් ඊව්නින් සර්” ඇතුල්වෙනකොටම සේවක මිත්‍රයෙක්ගෙන් සුහද පිළිගැනීමක්!

ඊට පස්සෙ අපිට ඒ පුංචි කාමරයෙ ඒසී දාලා දීලා, ස්ටූල් එකත් හදලා දීලා, පිඟන් කෝප්ප වතුර අඩුමකුඩුම ටිකත් ගෙනැල්ල තියල, මෙනු දෙකකුත් දුන්නෙ හිතේ හැටියට කෑම තෝරන්න කියල.

ම්... ඉතින් වෙලාවත් තිබ්බ එකේ අපි කල්පනා ක‌ළේ එකින් එක වෙනවෙන ම තෝරන්න. ඒත්... එහෙම කියල පටන් ගත්තට... බලාගෙන යනව යනව, තීරණයකට එන්න ම බෑනෙ. ඇයි ඉතින් ඔක්කොම හොඳයි වගේනෙ.

“මාර වැඩේනෙ. මට නම් හිතාගන්න බෑ අනේ. පැස්ටා එකක් කන්නත් ආසයි පීසා එකක් කන්නත් ආසයි. මොකද කරන්නෙ?”

“ඒක තමයි මාත් මේ බැලුවෙ. මං කියන්නං, ඔයා පැස්ටා තෝරන්නකො. පීසා ගැන වගකීම මම ගන්නං”

කියල, ඒ පාර නම් හිතට අරගෙන ම බැලුව.

බලල කරලා... ඉස්ඉස්සෙල්ලාම කියල දැම්මෙ ගොගොන්සොලා (රු. 1020), මෙලැන්සානා (රු. 920) හාෆ් හාෆ් පීසා එකක්. ඊට පස්සෙ හැම් ඇන්ඩ් මෂ්රූම් (රු. 970), ස්පයිසි බීෆ් (රු. 1075) හාෆ් හාෆ් එකකුත් දැම්මා. දාලා බැලුව යාළුවගෙ පැත්ත.

“මොකෝ?”

“මට කාබොනාරා ම (රු. 1200) හොඳයි වගේ”

“හිහ්, මට හිතුණ අන්තිමට රවුමෙ ගිහිල්ල ඔතනට ම එයි කියල. කමක් නෑ ඒනං දානව ඈ...”

තේරිලි බේරිලි අහවර වෙච්ච සන්තෝසෙට ම, මම ඈත තියල අත වැනුවෙ සේවක මල්ලිට. අත වනල, කතා කරලා... දැම්ම ඕඩරේ, අමතර ලයිම් ජූස් එකකුත් එක්ක ම.

දාලා ඉතින් අපි ෆුල් නිදහසේ... මොකද කාලෙකින්නෙ ආවෙ මේ වගේ.

ඒ විදියට මගෙ හිතේ, විනාඩි පහළොවක් විස්සක් විතර යන්න ඇතිනේ. කොහොමහරි මනෝ ලෝකයෙන් මිදු‌ණෙ නම් කෑමවල සුවඳටමයි. ඇයි අප්පේ ඉතින් ජාති හතරකින් ආපු තඩි පීසා දෙකක් ස්ටූල් එක උඩ තියෙද්දි? ඊටත් සුවඳ එනකොට පැස්ටා එකකින් හැම් චීස් පිරිච්චි? කොටින්ම කියතොත් යාළු කන්න කලින්ම කටට කෙළ උනල.

එහෙමයි කියල හැබැයි අපි කලබල වුණේ නෑ. හෙමිහිට ගත්ත පැස්ටා එක. අරගෙන, දෙකට බෙදාගෙන පටන් ගත්ත කෑමට.

එච්චරයි!

කටයි, දෙකයි, තුනයි... ඒක පේළියයි. දෙන්නගෙන් එක්කෙනෙක්වත් නෑ ඔළුව උස්සන්නෙවත්. සත්තයි, ඒ තරම් රසයි කියන්නකො. නියම... පදමට තැම්බිච්ච පෙනේ පැස්ටා ටිකට චීස් දාලා තියෙනවා... නූලට ම. ඇත්තටම මම ජීවිතේට කාලා නෑ ඒ තරම් රස පදමටම හදාපු කාබොනාරා එකක්. ඒ විතරක් නෙවෙයි ඒකට චිකන් හැම් දාලනෙ පොඩි පොඩියට කපල, ෆ්‍රයි කරල මදි නොකියන්න ම. බැලුවොත් ආයෙ ගන්න ගන්න හැන්දෙ එක කෑල්ලක් හරි. වැඩිය ඕන නෑ, ලේසියකට ‘කාබොනාරා’ නොකන මමත් එදා ඇර නොතියා වගකිව්ව කියන්නෙ?

ඊට පස්සෙ තමයි T20 පටන් ගත්තෙ. මොසරැල්ල, පාමෙසාන්, බ්ලූ චීස්, බෆලෝ චීස්ද කොහෙද දාලා හදපු ගොගොන්සොලා එක. කටක් කද්දි කට දෙපැත්තෙන් චීස් බේරෙන ගානයි. ඇයි ඉතින් සියල්ල තට්ටු තට්ටු, මෙ‌ළෙක් වෙලා... ඇදි ඇදීනෙ එන්නෙ.

හැරත් ඒ රසත්? සත්තයි, ටබැස්කෝ සෝස් තිබ්බ නම්... පංකාදු පහයි ඈ...

මෙලැන්සානා එකත් නරකම නෑ. හැබැයි ඒක තනිකරම වෙජිනෙ. ඒ නිසා අපිට එච්චර ඇල්ලුවෙ නෑ. ඇත්තටම නිකමට රස බලන්නයි ගත්තෙ. කොහොම වුණත්, බ්ලැක් ඔලිව්, බට්න් මෂ්රූම්, බෙල්පෙපර්, ලූණු, පිපිඤ්ඤා හොඳ හැටියට දාලා නිසා, වෙජි කෙනෙක්ට නම් කියාපුම ආයෙ.

ඔක්කොමත් හරි හැම් ඇන්ඩ් මෂ්රූම් එකත් හරි කිව්වලු. කිරි අප්පේ... ඒකෙන් කටයි කෑවෙ, දෙන්න පිස්සො වගේ. අච්චර බඩ පිරිල තියෙද්දිත් කනව කියන්නකො මරේ කියල. ඇත්තටම ඒ පීසා අතරින් හොඳම එක. හිතන්නකො ළාවට ෆ්‍රයි කරපු හැම් තොගයක්, හීනියට ලියල තුනපහ රසට හදාපු මෂ්රූම් එක්ක කලවම් වෙලා, උඩින් මදි නොකියන්න මොසරැල්ල චීසුත් වැටිල එද්දි. තලුමරමර කැවෙන්නෙ!.

ඒකට ස්පයිසි බීෆ් එක නම් තිබ්බ නමේ හැටියටම. හපෙ හප්පෝ සැරයි කියන්නෙ, කෙළින්ම කොච්චි හරි අමු මිරිස් හරි දාලා. මිරිස් තුනපහ අඩුම කුඩුම රසට හැදිච්ච පොඩි පොඩි බීෆ් කෑලි තොගයත් එක්ක, ඒ මිරිස් ටික කලවම් වුණාම... කන් දෙකෙන් දුම් දාන්න ආයෙ!

එහෙම කන් දෙකනේ දුම් දාන අතරටත් අපි කෑවෙම පීසා තමයි ඉතින්. අන්තිමට අඬන ගානට සෙට් වෙද්දි වගේ ඔන්න නැවැත්තුව.

“ඒහ්... හෑ, හූ... අපිහ්, යං නේ?”

මාත් එක උගුරට වතුර වීදුරුවක්ම ගහල...

“යහ් යහ්, මං පිහ්මියක් දාහ්නං. හූ...”


TIP

Try the Spicy Kukul Mas pizza.

Have you visited this place?

Write your own review!
See 1 Comment