Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

4/5

Central Point (Economic History Museum)

Chatham Street, Colombo 1

  • Closed right now


The Central Point is a completely refurbished building behind Dutch Hospital, run by the Central Bank. It's a beautiful space which now houses a money museum and a cafe.



මුල් ලිපිය ලිව්වේ ඉන්දි. අවසන් වරට යාවත්කාලීන කළේ 2013 නොවැම්බර් 14.

ද සෙන්ට්‍රල් පොයින්ට් කියන්නේ ඩච් හොස්පිටල් එක පිටිපස පිහිටි අළුත් වැඩියා කළ ගොඩනැගිල්ලක්. මේක ක්‍රියාත්මන වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ. මේ ලස්සන ඉඩ කඩේ දැන් තියෙන්නේ මුදල් කෞතුකාගාරයක් සහ කැෆේ එකක්.

1996 මහබැංකු බෝම්බයෙන් පසු සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ලට හානි පැමිණුන අතර එය අතහැර දැමුවා. අවසන් වරට මම එහි ගොස් බලන විට එය තාවකාලික බැරක්කයක් ලෙස පාවිච්චි වෙමින් පැවතුනා. අලංකාර ආලින්දයේ ගරාදිවල සොල්දාදුවන්ගේ ඇඳුම් වනා තිබුණා. අද අපිට සතුටු වෙන්න පුළුවන් ඒ ලස්සන ගොඩනැගිල්ල - ඒක හදපු 1914දී කොළඹ උසම ගොඩනැගිල්ලයි - නැවත ප්‍රතිෂ්ටාපනය කරලා වගේම සිත්ගන්නා සුළු වගේම තරමක් අමුතු මුදල් කෞතුකාගාරයක් බවට පත්කරලා.

පිහිටීම

ඒක මහානුභාවසම්පන්න ඉඩ කඩක්. යටත් විජිත කොළඹ ගෘහ නිර්මාණ ශිල්පය ග්‍රීක-රෝම ගෘහ නිර්මාණ ශිල්පය පැත්තට ගිහින් (නගර ශාලාව). ඒත් සංයමය නිසා මේක කමනීය ඉඩ කඩක් බවට පත්වෙලා තියෙනවා. මුලින්ම ඔබේ හිත යන්නේ වෘතාකාර, ක්‍රමයෙන් සිහින් වූ ආලින්දයයි. මම හිතන්නේ ඒක හත්වෙනි මහල දක්වාම යනවා. මේක එක කාලෙකදී කොළඹ උසම ගොඩනැගිල්ල වුණා කියන එක පුදුමයි.

ආලින්දයටම අල්ලලා හදපු වෘතාකාර කාමර පුංචි වුණත් බිමට අල්ලලා තියෙන පිඟන් ගඩොල් හරිම ලස්සනයි. ආලින්දයේ උස ඉඩ කඩට ගැලපෙනවා.

ලී වැඩ සහ ජනේලත් උත්කෘෂ්ටයි. විශාල ලෙස තබා ඇති ජනේල සහ වීදුරු නාගරික පෙනුමක් ගෙනදෙනවා.

ඉතාමත් පුංචි දේවල් පවා හොඳට හදල තියෙනවා. හැම දෙයක්ම හොඳින් ප්‍රතිස්ටාපනය වෙලා තියෙනවා.

කෞතුකාගාරය

අවංකවම අපි හිතන්නේ එයාලා ඉඩ කඩ ප්‍රතිෂ්ටාපනය කළත් ඒකෙන් කරන්නේ මොනවද කියල අදහසක් තිබුණේ නැහැ කියලයි. විශේෂ වටිනාකමක් තියෙන කාසි මෙහෙ නැහැ වගේම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ දැනට හුවමාරු වන මුදල්මයි. ඔබට කෞතුකාගාරයට යන්න පුළුවන් වගේම ගිහින් කාඩ්බෝඩ් වලට තදින් අලවා ඇති රුපියල් දහයේ නෝට්ටු බලන්න පුළුවන්.

එළදෙනුන්ට විරුද්ධව මාළු පින්තූර වලින් පෙන්වන්නේ භාණ්ඩ හුවමාරුවට වඩා මුදල් හුවමාරුව වටිනවා කියන පණිවිඩයයි. අපි සම්පුර්ණ මුද්‍රිත වචන මෙහි පළකරන්නේ ඒවා හරි පුදුම නිසා.

මාලුකාරයා: ආ... කොහෙද යන්නේ? ගොපල්ලා: මට මාළු ටිකක් ගන්න ඕනේ. මාලුකාරයා: මොකකටද හුවමාරු කරගන්නේ? ගොපල්ලා: මේ එලදෙනත් එක්ක. මාලුකාරයා: මාළු ටිකකට එළදෙනක්? මොනතරම් හොඳ ගනුදෙනුවක්ද? මම ලොරියක්ම දෙන්නම්. ගොපල්ලා: මම මොනවද කරන්නේ මාළු ලොරියක්ම එක්ක? මාලුකාරයා: එහෙනම් මේ මාළුවා අරගෙන මට එළදෙන දෙන්න. ගොපල්ලා: උඹට පිස්සුද? මම මොකටද මාලුවෙකුට එලදෙනෙක්ම දෙන්නේ? මාලුකාරයා: ඒ කියන්නේ එලදෙනෙක් දෙනවා කියලා පෙන්නලා මාළු ටිකක් ගන්නද උඹට ඕනේ? ගොපල්ලා: අපි මේක විසඳගන්න ක්‍රමයක් හදමු.

මෙන්න මෙහෙමයි මුදල් හොයාග්ගත්තේ.

මීට අමතරව මුදල් මුද්‍රණය කරන්නේ කොහොමද කියලත් දැකගන්න පුළුවන්. එහෙම නැත්නම් විශාල මුදල් ප්‍රතිගුණනය කරනවා බලන්න. නැත්නම් රුපියලේ කාසි දිහා බලන්න.

එහෙ මොකුත්ම නොපෙන්නන විශාල 3D TV එකකුත් තියෙනවා. 20ක් විතර ඉන්න කාර්යමණ්ඩලය හරිම හොඳයි. සමහර විට අපි CHOGM නියෝජිතයෝ කියලා එයාලා හිතන්න ඇති.

ඔබ මනස වර්ධනය වන, එහෙමත් නැත්නම් ටිකක් හරි අධ්‍යාපනික කෞතුකාගාරයක් බලන්න ඉන්නවනම් මෙතන ඒකට හරි යන්නේ නැහැ. විශාලනය කළ රුපියල් 10 නෝට්ටුවක් එක්ක චායාරූපයක් ගන්න ඕනෙනම්, එහෙමත් නැත්නම් සජීවී ප්‍රමාණයේ හරකුන්ගේ චායාරූපයක් ගන්න ඕනෙනම් මේක තමයි තැන.

පහළ මාලයේ කැෆේ එකක් තියෙනවා. අපි එහෙ ගියේ නැහැ. අපි හිතන්නේ එහෙ කෑම විකුනන්න තියෙනවා. ඒත් ඩිල්මා ටී ලවුන්ජ් සහ කවදා හරි විවෘත වන සැන්ඩ්විච් බාර් තියෙන්නෙත් ඒ විදියෙමයි.

අපි රෙකමදාරු කරන්නේ ගොඩනැගිල්ල විතරක් බලන්න යන්න කියලා. සමහර විට සංචාරකයෝ මේක ආකර්ශනයක් විදිහට දකින්නේ නැති වෙයි. නගරයේ මේ පැත්ත නැවතත් විවෘත වෙනවා දකින පළමුවෙනි පරම්පරාව විදිහට මේක ඔබට විශේෂ දෙයක් වෙයි.

TIP

Check out the tiles and old woodwork, if you're into that sorta thing.

Address

Chatham Street, Colombo 1

Directions

Passing the Hilton, go right past the Dutch Hospital turn-off down York Street. Take the next big left (Chatham Street). Go till you see the awesome building past the t-Lounge. You can go down the adjoining road past Kinaree and left to park in the Dutch Hospital parking lot.

Report Inaccuracy

Closed right now

Price Range

Less than 200

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
5
Service Rating
3
Ambience Rating
4
Similar Places

User Reviews
S
1

4/5

0

Shamil7b

What is the contact number of the place? And is it appropriate for a field trip for around 20-30?

S
1

4/5

0

Shamil7b

What is the contact number of the place? And is it appropriate for a field trip for around 20-30?

See 9 Comments