Artwork for Brew-at-Hatch-Top Banner 2 new landing page
Artwork for The Garden top banner 2 - temp
Artwork for Marketplace Sathi-Pola SDBBNR 1 Artwork for Coffee post sidebar 1-1959 new

3/5

Ceylon Anglers Club

Parsons road, Colombo 01


A good place to drop by for a drink before your salary comes in.



අඩු ගාණට තලපත්, කෙලවල්ලො තියාගෙන කෑවනෙ අස්ප ගණන් දීලා ඉස්සෙක් දෙන්නෙක්..

හැබැයි ඉතින් ආයෙ වෙන්නෙ නෑ ඒ වැරුද්ද. ඒ වගේම වෙන කෙනෙක්ට වෙන්න දෙන්නෙත් නෑ.

කොහොමහරී.. ඒ කතාව පස්සෙ කියන්නම්. අහන්නකො මේ කතාව!

ඔන්න යාළු පහුගිය බ්‍රහස්පතින්දා අපි ගියා පොඩි බීර එකක් ගහල කටට රහට කෑම ටිකක් කාලා එන්න කියල කොළඹ ලොකු රෙස්ටුරන්ට් එකකට. අනේ.. ඒ ගියා ගියාමයි, අන්තිමට කාපු දෙයකුත් නෑ, බීපු දෙයකුත් නෑ බිල විතරයි. කොටින්ම කියතොත් සිද්දියට අපේ ඉඳපු සෙට් එකටම පට්ට අවුල් කියන්නකො. කරන්නම දෙයක් නැති තැන මම ටිකක් වෙලා බලලා.. නැගිට්ට පුටුවෙන්.

“මෙහ් යමං බං රෙද්ද.. වොඩ්කා කියල වතුර දෙනව. චිකන් කියල හතු දෙනව..

චන්දනය බලහං බං මොනවහරි ඇඟට දැනෙන්න, බඩට දෙයක් දාගන්න තැනක් තියද කියල මේ කිට්ටුව”

“ඇයි බං.. අල්ලපු වැටේනෙ. අපරාදෙ උබ කලින් කිව්ව නම් මම කෙලින්ම එතනට ලයින් කරනව. යමං යමං. පයින් යන දුර”

එපමණයි යාළු! වචනෙ බැස්සත් හරි කට්ටිය රුං.. ගාලා.

හරියටම.. රීගල් සිනමා එකට පාරෙන් අනික් පැත්තෙ. පොඩි පඩිපෙලක් බැහැල යන්න තියෙන පරණ ගේ පොඩ්ඩක්. හැබැයි ඉතින් ඇතුලට යන්න හම්බවෙන්නෙ නෑ, හිනාවක් දාගෙන සේවක මල්ලි එතන.

“මොනවද සර්”

අපිට.. ගේන්නකො මල්ලි, ගල් කාලයි, වොඩ්කා කාලයි, වයිල්ඩ් ඇපල් එකයි..

ම්.. කඩල කොත්තුවයි (රු. 600), තලපත් ඩෙවිල් එකයි (රු. 600), මික්ස් රයිස් එකයි (850)”

“හරි සර්.. විනාඩි 5ක් දෙන්න”

කියල ගියේ.. හැබැයි විනාඩි 2, 3ට සැර ජාති සියල්ලම මේසෙ උඩට. ඒ විතරක් නෙවෙයි හරියටම විනාඩි 5ටමද මන්දා මෙන්න කඩල කොත්තුවයි, තලපත් එකයිත් එතන! රයිස් එක විතරයි පොඩ්ඩක් පරක්කු වෙලා ආවෙ. ඒකත් හරි හෙමින් සැරේ ඔන්න චියර්ස් දාලා ගත්තනෙ වීදුරු ටික උස්සලා. අරගෙන එක උගුරට හලාගෙන.. බැස්ස වැඩේට.

මුලින්ම කඩල කොත්තුව..

ෂැහ්, ලුණු ටිකක් අඩු වුනානම්.. මල් හතයි ඈ.. මොකද සැර එහෙම ගාණටම. බෝල කොච්චිත් දාලානෙ. ඒ හැටි තෙලුත් නෑ. ලූණු, සුදුලූණු, රම්පෙ කරපිංච අඩුම කුඩුම ටිකත් මදි නොකියන්න දාලා. ඔක්කොමත් හරි කඩල ටික පදමටම තැම්බිච්ච එකනෙ වැඩේ. මොකද ගොඩක් තැන්වල ඔය කඩල තැම්බෙන්නෙ බාගෙට වගේනෙ.

හැබැයී.. ආයෙ පාරක් කියන්නම්, අවංකවම.. ඔ්ඩරේ දාද්දි මතක ඇතුව කියන්න ලුණු අඩුවෙන් දාන්න කියල. නැත්නම් කන්න වෙන්නෙ නෑ හොඳේ.

ඒ හැරුනාම ඉතින් සාමාන්‍යයෙන්.. ඒ ප්ලේට් එකත්, බයිට් එකකට වගේ නම් දෙන්නෙක්ටත් ඇති.

තලපත් ඩෙවිල් එකත් එලෙසමයි. අම්බානක ලුණු! ඒ නිසාම එවෙලෙම මල්ලිට කිව්ව රයිස් එකට ලුණු අඩුකරන්න කියල. නැත්නම් එකත් කාලා හමාරයිනෙ. කොහොමහරී.. අඟල් 2, 2 වගේ ලොකු මාලු කෑලි. කහ ගම්මිරිස් දාලා තම්බල වෙන්න ඔ්න ගැඹුරු තෙලේ බැදල තියෙන්නෙ. ඒකටත්.. මිරිස්, ලූණු, රම්පෙ කරපිංච, අමුමිරිස්, චිලිපේස්ට්, සෝස් සියල්ලම ගාණටම වගේ දාලා. ආයෙ ඉතින්.. කූල් බියර් එකකට එහෙම.. පංකාදුයි ඈ..

අන්තිමටම.. කියල, හදල, ගෙන්න ගත්ත රයිස් එක!

හප්පේ.. තරු නෑ ඒකට දෙන්න. සුපිරි කියන්නෙ.. අනික සයිස් එක? බඩගින්නට කෑවත් යාළු 3දෙනෙක්ට විතර කන්න පුලුවන්. සම්බාහාලෙ බත, හොඳහැටි ඇට වෙන්නෙව ගාණට, තෙල් එහෙමත් වැඩි නෙවෙන්න, ෆ්‍රෙෂ් රසට කැරට්, ලීක්ස් මදිපාඩු සියල්ලම එක්ක.. දාලා තිබ්බ ඉස්සො, මාළු, චිකන්, සොසේජස්, බිත්තර.. ආයෙ කන කන කටක් ගාණෙ මසක් මාළුවක් එක්ක රසත් සුවදත් දෙකම, හ්ම්..

අන්න යනව නම් බාර්!


Have you visited this place?

Write your own review!
Leave a comment