Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Ceylon Tea Lounge

No 281, Ground Floor, R A De Mel Mawatha


The Ceylon Tea Lounge serves up a bunch of different types of teas and sandwiches.



ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක්නේ. හැබැයි දාඩිය මුගුරු දාගෙන වැඩ කරන රස්නේ දවසක වුණත් අපේ මනුස්සයෙක්ට උණු තේ එකක් පෙන්නන්නකො. අමෘතේ දැක්කා වගේ බොන්නේ. ඔය නා නා ප්‍රකාර නම් තියෙන ශක්තිජනක පාන මොකකින්වත් දකින්න බැරි ට්‍රික් එකක් ලංකාවේ අයට තේ එකක් දීලා බලාගන්න පුළුවන්. ඒ තරමට තේ එක, අපේ රටේ උදවියට වටිනවා. ඉතින් අපේ රසට බොන සාමාන්‍ය තේ වගේ ම, සුද්දගේ තාලෙට හදපු තේත් එක වහලක් යටින් ගන්න පුළුවන් තැනක් ගැනයි මේ කියන්න හදන්නේ. මේකේ නම සිලෝන් ටී ලෞන්ජ්.

තැන

සිලෝන් ටී ලෞන්ජ් එක තියෙන්නේ ඩුප්ලිකේෂන් පාරේ කොල්ලුපිටිය හන්දිය කිට්ටුව. මේකේ ඉන්ටීරියර් එක නම් මාර සිරා. මට දැක්ක ගමන් මතක් වුණේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ ලොබි එක. පේනවනේ මේ පින්තූරෙනුත්. සැපපහසු සෝෆා පුටුවලින් හැඩ වෙච්ච පසුබිමට, ඩිම් වුණු ලයිට් එළියෙන් එන්නේ අමුතු ලස්සනයි. ළා සද්දෙන් ප්ලේ වෙන මියුසික් එක ඇරෙන්න, වෙන සද්දබද්දත් මුකුත් නැහැ.

කෑම බීම

නා නා ප්‍රකාර විදියට හදපු තේ වර්ග බොහොමයක් මෙතැන තියෙනවා. බ්ලැක් ටී, ග්‍රීන් ටී, ෆ්ලෙවර්ඩ් ටී, අයිස්ඩ් ටී වගේ ජාති ගොඩක්. කෑම විදියට තියෙන්නේ සැන්විච් කීපයක්.

අපි චායි තේ (රු.400) පෝච්චියකුයි, තායි ස්ටයිල් අයිස්ඩ් ටී (රු.400) එකකුයි, ලෞන්ජ් ස්පෙෂල් අයිස්ඩ් ටී (රු. 400) එකකුයි ඕඩර් කළා. කෑම මෙනුවෙන් ගත්තේ ඉන්ග්ලිෂ් මෆින් සැන්විච් (රු.550) මීල් එකක්. මේකත් එක්ක එන තේ එක කැමති විදියට තෝරගන්න ඇහැකි. අපි ගත්තේ ජින්ජර් ටී එක.

මුලින් ම මේසෙට ආවේ චායි ටී එකයි, ජින්ජර් ටී එකයි. තේ පෝච්චි දෙකක වෙන වෙන ම දාලා, කිරිත් වෙනම දාලා තමයි මේක පිළිගැන්වුණේ. චායි ටී එක ශේප්. හැබැයි කුරුඳු, කරාබු නැටි රස එන්නේ යන්තමට වගේ. ඔය ඔරිජිනල් චායි ටීවල තියෙන මසාලා රස මේකේ නැහැ. සාරාත් කිව්වේ මීට වඩා අඩු ගණනට හොඳ චායි ටී ගන්න පුළුවන් තව තැන් ඕනේ තරම් කොළඹ අවට තියෙනවා කියලයි. ශන්මුගාස්, ද්වාරකා ඕවයින් කීපයක්.

ජින්ජර් ටී එකෙත් ඉඟුරු රස තිබුණේ ළාවට. ගෙදර හදන ජින්ජර් ටීවලට අපි ඉඟුරු කෑලි කපලනේ දාන්නේ. ඒකෙන් එන තද ඉඟුරු රස මේකේ නැහැ. හැබැයි මේ තේ එකේ පාට හරි ම ගති. තද රතු-දුඹුරු වගේ පාටක්. සාරා කිව්වෙත් හෙන රිච් කලර් එකක් කියලා.

ඔය උස වීදුරුවේ තියෙන්නේ තායි ස්ටයිල් අයිස්ඩ් ටී එක. මෙනුවේ දාලා තියෙන පින්තූරේ කිට්ටුවෙන්වත් යන පෙනුමක් මේකේ නැතත්, රස නම් නියමයි. ඇඹුල් ටේස්ට් එකක් එක්ක එන රිෆ්රෙෂින් ගතියක් මේ අයිස්ඩ් ටී එකේ තිබුණා. හරි නම් ඔරිජිනල් අයිස්ඩ් ටී එක එන්න ඕනේ කිරි සහ කුළුබඩු ජාති එක්ක. මේකේ ඒවා මුකුත් තිබුණේ නැහැ.

එහාපැත්තෙ තියෙන්නේ ලෞන්ජ් ස්පෙෂල් අයිස්ඩ් ටී එක. වැඩේ කියන්නේ මේකත්  තායි ස්ටයිල් එක වගේමනේ. එක ම වෙනස පැණි රස වැඩි එක විතරයි. ඒ නිසා අරක වගේ එක දිගට බොන්න අමාරුයි.

ඉන්ග්ලිෂ් මෆින් සැන්විච් එක අපට අල්ලලා ගියා. පෝච් කරපු බිත්තරයක් පාන් පෙත්තේ මැදට ඔබ්බලා ආව මේ සැන්විච් එකේ තිබුණු සැලඩ් එකත් හොඳයි. මොකද තක්කාලි, පිපිඤ්ඤා එක්ක මුද්දරප්පලම් එහෙමත් දාලනේ හදලා තිබුණේ.

සර්විස් එක

සිලෝන් ටී ලෞන්ජ් එකේ සර්විස් එක ගොඩක් හොඳයි. කෑම බීම ටික සේරම මේසෙට ආවේ විනාඩි 15කින් වගේ. අනික වැඩට ඉන්න අයත් හරි ම මිත්‍රශීලී විදියට කතා කරනවා.

අවසාන වශයෙන්

පොතක් පතක් කියවන ගමන් තේ උගුරක් බොන්න කැමති අයට, එහෙමත් නැත්තන් වැඩ ඇරිලා යන ගමනේ තේ එකක් බීල ම ගෙදර යන්න කැමති උදවියට නියමෙට ම හරි යන පොට් එකක් තමයි මේ. වෙලාවක එහෙනම් ගිහින් බලන්නකෝ. හැබැයි ඉතින් තේ ජාති ටික සුපිරි කියලනම් කියන්න අමාරුයි. ශේප් එකේ බීලා දාන්න පුළුවන්.


TIP

Their iced teas are more value for money than the hot teas.

Address

No 281, Ground Floor, R A De Mel Mawatha

Directions

It's next to Stone N' String on R A De Mel Mawatha.

Contacts

Facebook Website

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Sandwiches Tea Iced Tea

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 1 Comment