Artwork for SAMSUNG TOP BANNER 1- OCT 21 MBL 2
Artwork for Coke TOP BANNER 1

5/5

Chaiwala Colombo

Marine Drive, Bambalapitiya

  • Open until 12:00 PM


A food truck down Marine Drive, Chaiwala makes the best chai in Colombo.



මේ දවස්වල හවස් වරුවෙ මරීන් ඩ්‍රයිව් එක පැත්තෙ යනව නං කඩිගුලක් වගේ පුංචි ට්‍රක් එකක් වටේට සෙනඟ වට වෙලා තේ බොන දර්ශනේ ඕගොල්ලන්ට මඟ ඇරිල තියෙන්න විදිහක් නෑ. ට්‍රක් එකක් කිව්වට මේක ඇත්තට ම ටුක් එකක්. කොළඹට අලුතෙන් ම එකතු වුණ තේ කඩේ. චායිවාලා.

තේ සහ ස්නැක්ස්

මෙතන මෙනු එක හරිම සරලයි. තේ වර්ග කීපයක් එක්ක ස්නැක්ස් වර්ග කීපයක් තමයි තියෙන්නේ. හැම දේම රු. 100ට අඩුයි.

අපි එයින් තේ වර්ග තුනක් ඕඩර් කළා. මේ තියෙන්නේ තන්දුරි ටී එකයි (රු. 100), සුක්කු කොෆී එකයි (රු. 70), කාඩමම් ටී එකයි (රු. 80).

කුළුබඩු ගොඩක් එක්ක බෘ කරල තිබුණ තන්දුරි ටී එක හොඳට ම ස්පයිසි. ඒ වගේ ම මාර සුවඳයි. අපිට හුරුපුරුදු මසාලා චායිවලට ම අලුත් වෙනසක් එකතු කරල වගේ. කහටයි සීනියි කිරියි එහෙමත් ගාණට. යන්තම් පැණි රසට සැර ගතිය එකතු වෙලා උණු උණුවෙ උගුරෙන් පහළට බහිනකොට දිව්‍යලෝක රහයි.

මේගොල්ලො තේ දෙන්න පුරුදු වෙලා හිටියෙ මැටි කෝප්පවල ලු. හැබැයි දැන් දෙන්නෙ ප්ලාස්ටික් කප්ස්වල. හේතුව මොකද්ද දන්නවද? මුල් දවස්වල මැටි කෝප්පවල තේ බීපු අය ඒව බෑග්වල දාගෙන අරං ගිහින්! ඒව නරක වැඩ.

සුක්කු කොෆී කියන්නෙ ඉඟුරු කෝපිවලට. හොඳට ම කෝපිවලට ඇබ්බැහි වුණ කෙනෙකුට ඇරෙන්න මේක සමහරුන්ට අල්ලන්නෙ නැති වෙන්න ඉඩ තියනවා. මොකද මේක හොඳට ම ස්ට්‍රෝං!

ඕගොල්ලො වැඩිපුර කැමති පැණි රස තේවලට නං කාඩමම් ටී එක තමා හරි යන්නෙ. හොඳ කරදමුංගු රසට පැණි රහ කැටි වෙලා මේකත් රස ගුලාවක් වෙලා තිබුණා.

ස්නැක්ස්වලින් අපි ගත්තා කේක් රස්ක් එකයි (රු. 60), ස්පයිසි කප්කේක් එකයි (රු. 80). කේක් රස්ක් එක හොඳ ෆ්‍රෙෂ් සහ ක්‍රිස්පි ගතියට තිබුණා. පැණි රහත් ගාණට. තේ එකේ පොඟවල කනව නං එහෙමයි නිකං කනව නං එහෙමයි.

ස්පයිසි කප්කේක් එක ටිකක් අමුතු කෑමක්. එළියෙන් බැලුවම පෙනුමෙන් මේක පැණි රස පාටයි. හැබැයි ඇතුළෙ තියෙන්නේ සැර චිකන් ෆිලිං එකක්. කොටින් ම චිකන් මෆින් එකක් වගේ. මෆින් එක කටට සොෆ්ට්. ෆිලිං එක සැර නිසා පැණි රහ තේකක් එක්ක පෙයාර් කරන්න මරු!

සර්විස් එක

චායිවාලා කලම්බෝ එකේ කට්ටිය මාර ම ෆ්‍රෙන්ඩ්ලි. ඕපන් කරපු වෙලාවෙ ඉඳල සෙනඟ රැස් කකා හිටියත් ඒගොල්ලො හරිම ඉවසීමෙන්, වේගෙන් සහ ඕනකමින් කස්ටමර්ස්ලට සර්ව් කරනවා. අපි දැක්ක විදිහට තේ මෙතන හදන්නෙ නෑ. පිටින් හදල තමයි ගේන්නෙ. ඒ නිසා තේ එක එනකන් ගොඩක් වෙලා බලන් ඉන්න සිද්ධ වෙන්නෙත් නෑ.

අවසන් වශයෙන්

මුහුද අයිනේ ඉඳන් ඉර බහින දිහා බලාගෙන රස තේකක් තොල ගාන එක තමයි හැන්දෑ වරුවක් ගෙවන්න පුළුවන් හොඳ ම විදිහ! බොරු නං චායිවාලා පැත්තෙ ගිහින් ම බලන්නකො.

Address

Marine Drive, Bambalapitiya

Contacts

Facebook Instagram

Report Inaccuracy

Open until 12:00 PM

Cuisine

Indian

Price Range

Less than 200

Dish Types

Tea

Ratings Breakdown

Overall Rating
5
Quality Rating
5
Service Rating
5
Leave a comment



Latest