Artwork for PickMe Food Left
Artwork for PickMe Food Right

3/5

Chanvel Restaurant

181, Main street, Battaramulla


කැන්වෙල් එකේ පල්ලෙහා තියෙන පප්පා බාර් එක හැරුණාම උඩ තට්ටුවෙ ඒ. සී. කරපු එකකුත් තියෙනව කියල. හැබැයි ඒ. සී. කරපු එකේ බිව්වොත් නම් බිලේ ගාණෙන් 10%ක් ෆැසිලිටි චාර්ජ් විදියට ඒ බිලටම එකතු වෙනව.



අරක්කු ගණන් ගියාට පස්සෙ අමාරුවෙන් හිත හදාගෙන බියර්වලට පුරුදු වුණාට මොකද දැන් දැන් ඒකත් රු. 400ට කිට්ටු කරල. ආසාවට තියා උවමනාවකටවත් පාර්ටියක් දාගන්න බැරි වෙලා තියෙන්නෙ. ඒ මදිවට, හරි හමන් විකල්පයක් වත් නෑනෙ. මොකද රා බොන්න කියලයැ.

හැබැයි ඉතින් ඔය මොන ප්‍රශ්නෙ තිබුණත් ආතල් එකේ ඉන්න එකා කොයි වෙලෙත් ආතල් ගන්නව. හරියට අපේ ‘නිලා’ වගේ. පාන්දර 10ට විතර නැගිටල, හංදියෙ කඩෙන් බඩ පැලෙන්න කාලා, එදා වේල හයර් ටික දුවන්න පටන් ගන්න නිලා මොන ප්‍රශ්නෙ තිබුණත් හැන්දෑවෙ 7, 8 වෙද්දි බාර් එකට කිට්ටු කරනව. ඒ එන අතර මග තමයි මෑන්ස් අපේ කස්ටියට කෝල් කරන්නෙ. හදිස්සියෙවත් එහෙම එන කෝල් එකක් ආන්සර් වුණොත් නම් ඉතින් මුලු රාත්‍රියම කොට උඩ තමයි. එක්කො බාර් එකේ මේසයක් උඩ නැත්නම් යාර්ඩ් එකේ වැලි ගොඩක් උඩ.

කොහොම හරි, ඔන්න ඔය කේස් එක නිසා තමයි අපේ කොල්ලො නිලාගෙන් එන කෝල්ස් වැඩිය ආන්සර් කරන්නෙ නැත්තෙ. හැබැයි ඉතින් නිලාට නම් ඒව අදාළ නෑ. මොන ජල්තරයක් දාලා හරි ඩෝප් සීන් පාළුව මකා ගන්න අපේ එකෙක් බාගන්නවම තමයි. කණගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනව යාළු පහුගිය බ්‍රහස්පතින්දා නිලාට මාට්ටු වුණේ මම. වෙන දෙයක් නිසා නෙවෙයි, නිලාටත් කලින් ඩෝප දාපු නිසා නිලාගෙ නොම්මරේ මීටර් නැති වුණා.

ඉස්ඉස්සෙල්ලාම සිද්ධවුණු වචන හුවමාරුවෙන් පස්සෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මට යන්න සිද්ධ වුණේ බත්තරමුල්ල, කැන්වෙල් රෙස්ටුරන්ට් එකට. හරියටම බත්තරමුල්ල හංදියෙ පිහිටල තියෙන නිසා කවුරු හරි දකීද වත් කියල දෙගිඩියාවෙන් තමයි මම ප්ලේස් එකට ගොඩ වුණේ. ගොඩවෙලා උඩ තට්ටුවට අඩිය තියන්න හම්බවුනේ නෑ මෙන්න ඉන්නව දත්ටික විරිත්තගෙන.

“හලොඌ… මචං, ටේක් අ සිට් ටේක් අ සිට්”

කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු. කොහේ තිබ්බ කඩ්ඩක්ද බොලේ මුගෙන් එළියට ඇවිත් තියෙන්නෙ. හැරත්, තත්ත්වෙත් එච්චර හොඳ පාටක් පෙන්නුම් කරන්නෙ නෑ. බොහෝ දුරට අවසානය වමනෙ සහගත වෙන්න පුළුවන්.

වැඩේ කියන්නෙ ඔන්න ඔය වෙලාවෙ තමයි මටත් මතක් වුණේ මමත් බාගෙට බීලනෙ ඉන්නෙ කියල. ඒ මදිවට සේවක මිත්‍රයෙකුත් මගේ ළඟට වෙලා ඉන්නව ඕඩරේ ගන්න බලාගෙන. දැන් මොකද කරන්නෙ?

ඔන්න ඔහෙ කුදාර් වෙන්නම ගහනව කියල කල්පනා කරපු මම කලින් ගහපු ජාතිය, V&A බාගෙකුයි පෝර්ක් ඩෙවිල් එකකුයි ඕඩර් කලා. ඕඩරේ අරගෙන සේවක මිත්‍රය යන්න හැදුව විතරයි

“අ… එක්සුස් මී.. මල්ලි, ඕකටම දාන්නකො චිකන් ඇන්ඩ්… ‘පෝ‍ර්න්ස්’ චොප්සියකුයි තව ස්පෙෂල් බ්‍රිව් බොට්ල්ස් එකකුයි”

ඒක අහපු වේටර් කොලුවා, එතනින් ගියේ හිනා වෙවි. ඇයි කියල කියන්න ඕන නෑනෙ.

ඉතින් කෑම බීම ටික මේසෙට එනකම් නිලාගෙ බයිලා අහන්න වෙන නිසා මම කළේ උගේ මරිසියක් ඌටම දාලා හෙමින් සැරේ ටොයිලට් එකට මාරු වුණ එක. ඒ වෙලාවෙ තමයි මම දැන ගත්තෙ, කැන්වෙල් එකේ පල්ලෙහා තියෙන පප්පා බාර් එක හැරුණාම උඩ තට්ටුවෙ ඒ. සී. කරපු එකකුත් තියෙනව කියල. හැබැයි ඒ. සී. කරපු එකේ බිව්වොත් නම් බිලේ ගාණෙන් 10%ක් ෆැසිලිටි චාර්ජ් විදියට ඒ බිලටම එකතු වෙනව. කොහොම වුණත් අපි සෙට් වෙලා ඉන්න එළිමහන් ප්ලේස් එකත් තියෙන නිසා අවුලක් නෑ.

ටොයිලට් එකට ගිහින් කොච්චර වෙලා හිටියද කියන්න හරි හැටි මීටර් නැති වුණාට මොකද මම මේසෙ ළඟට එද්දි, ඕඩර් කරපු බඩු ටික ඔක්කොම ඇවිල්ලයි තිබුණෙ. ආයෙ ඉතින් බල බල ඉන්න දෙයක් නෑනෙ. V&A ෂොට් එකක් වීදුරුවට දාගත්තු මම දයියා පාටට දිලිසි දිලිසි තිබුණ ඩෙවිල් පෝර්ක් කෑල්ලකුත් ගෑරුප්පුවෙ අමුණ ගෙනම නිලාට චියර්ස් පාරක් දැම්මා. උගුර කට පිච්චි පිච්චි විස්කි පාර පහළට බහිද්දි, දඩ බඩ ගාලා පෝර්ක් කෑල්ල කටේ දාගත්තු මම හීන් සැරේ රස බලන්න පටන් ගත්තා.

ෂහ්, පිස්සු හැදෙන සඳ කිව්වලු. “ඩෙවිලුත් කෑවා මේ වගෙ ඩෙවිල් නොකෑවා, පට්ට රසයි දිව පිනවයි පෝර්ක් දැවිල්ලා”

අහගන්නකො, ඇඟිල්ලක් මහත පෝර්ක් කෑලි 10ක් 12ක් තියෙන කැන්වෙල් ඩෙවිල් පිඟානෙ හොඳ සැර මාළු මිරිස්, කැරට්, ළුෑණූ කෑලි තොගයකුත් තියෙනව. ශ්‍රී ලංකන් ටයිප් ඩෙවිල් රස ටොප් එකටම තියෙන නිසා තලු මර මර රස බලන්නත් පුළුවන්. කෑල්ලක් දෙකක් කෑවාම කඳුළු පනින්න සැර එහෙමත් තියෙන නිසා විස්කි, බ්‍රැන්ඩිවලට එහෙමත් කියාපු.

අනිත් එක තමයි චොප්සිය. පංකාදු පහට තියෙනව. ලොකු එළවළු කෑලිවලින් වැහුණු මේ චොප්සියෙ යට තියෙන රයිස් එකත් මාරම රසයි. හරියටම කිව්වොත් ඔරිජිනල් චයිනීස් ෆ්‍රයිඩ් රයිස් රසක් තියෙන්නෙ. තඩි වගේම පොඩි චිකන් කෑලිත් එමට තියෙන නිසා චොප්සියට එකතු කරපු ඉස්සො ගැන ලොකු අවධානයක් සෙට් වෙන්නෙ නෑ. හැරත් ඒ ඉස්සො නම් සෑහෙන්න පොඩියි. චොප්සියෙ අවුලක් තියෙනව නම් තියෙන එකම අවුලත් ඉස්සො පොඩි එක තමයි. ආ.. ඒක නෙවෙයි ලුණු ගම්මිරිස් පදමට දාලා හදපු රස බුල්සායි එකකුත් චොප්සියෙ උඩින්ම තියෙනව හොඳද.

ඊට පස්සෙ එන්නෙ රුයිත බූරුවා වගේ පුටවෙ ඇද ගහල ඉඳපු අපේ නිලාගෙ කබරය පාර. චැහ්, කියන්න ලැජ්ජයි යාළු, දැම්ම කියන්නකො මූ හෝස් ගාලා කබර පාරක් බැල්කනියෙන් එහා පැත්තට. වෙලාවට එතන හිස් ඉඩමක්.

දන්නවද? ඊටත් කියන්න ලැජ්ජයි, නිලා කබරය දැම්මා කියල මම දන්නෙ පස්සෙ දවසෙ අපේ එවුන් කතා වෙද්දි කියන්නකො. බැලින්නම් නිලාවයි මාවයි දෙන්නවම අරන් ඇවිත් තියෙන්නෙ අපේම යාළුවෙක්, වීල් එකක ඇවිල්ලා.

මතු සම්බන්ධ නෑ..


TIP

Try mixed chop suey

Artwork for Frimi Shoutout banner - non merchants only

Address

181, Main street, Battaramulla

Directions

10m below from the color lights at Battaramulla on Battaramulla-Rajagiriya road

Contacts

Report Inaccuracy
Similar Places

User Reviews
A
1

3/5

0

amilad

its bit noisy but they have stout beer . this is only place I found around battaramulla .

A
1

3/5

0

amilad

its bit noisy but they have stout beer . this is only place I found around battaramulla .

See 1 Comment