Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

Chanvel Restaurant

181, Main street, Battaramulla


කැන්වෙල් එකේ පල්ලෙහා තියෙන පප්පා බාර් එක හැරුණාම උඩ තට්ටුවෙ ඒ. සී. කරපු එකකුත් තියෙනව කියල. හැබැයි ඒ. සී. කරපු එකේ බිව්වොත් නම් බිලේ ගාණෙන් 10%ක් ෆැසිලිටි චාර්ජ් විදියට ඒ බිලටම එකතු වෙනව.



මට බෑ අප්ප, මේ වැඩත් එක්ක එපා වෙලා තියෙන්නෙ. හරි හැටි අඩියක් ගහන්නවත් සෙට්වෙන්න බැරි වුනානෙ හුඟ දවසකින්.

ඔන්න ඔහෙ ඕන මගුලක් කියල.. වැඩ බල්ලට ගියාදෙන්, අද බොනව කරටි කැඩෙන්න.

ගැහුව යාළුවට කෝල් එකක්. “හලෝ.. හරා, කොහෙද බං ඉන්නෙ?”

“ෂොප් එකේ බං. මොකෝ සීන් එක? හදිස්සියෙම වගේ..”

“නෑ බං, මේ.. උබට රෑට වැඩක් තියෙනවද…”

“නෑ නෑ බං.

ආ.. ඕ ඕ බං. බොන්න නේද කතාකරන්නෙ? එහෙනං අද රෑට වැඩ”

“ආ.. උබලට අපි කතා කලොත් තමයි. අනෙහ් මෙහ්, මෙන්න මෙහෙ එනව. බත්තරමුල්ලට සෙට්වෙමු නේ. අර චැන්වෙල් එකත් අළුත් කරපු එකේ, එතෙන්ටම වගේ?”

“හප්පට, එළ එළ. එතන හොඳයි. මට ගෙදර යන්නත් ලේසියිනෙ. උබ ඔය මට ලඟ තැනකට අඬගැහුවමද කොහෙද. ඉඳාන් ඉඳාන්, සනික එන්නං”

ෆෝන් එක තිබ්බත් හරි, මම වීල් එකක් දාගෙන ඉගිල්ලුනේ. ඇයි ඉතින් ඒකා, තලාහේනෙ ඉඳන් ආවට මං නුගේගොඩ ඉඳන්ම යන්න එපැයි. ඒකත් අජරාමර ට්‍රැෆික් එකේ.. කොහොමහරි ඉතින් මම පිටකෝට්ටෙ පහුකරන කොටම ඒකා එතනට ඇවිත්, මට කෝල් කරනව මොනවද ගන්නෙ අහන්න.

“ම්.. බොන්න ඉතින් දේශීය පානයෙන් බාගයක් වගේ ගමු නේ. කෑමට ස්පෙෂල් රයිස් එකක් (රු. 750) දාං අනිවා. ඒකයි.. බයිට් එකට මික්ස් ග්‍රිල් එකක් (රු. 2450) වගේ?”

“එළ එළ. මේ හැඳැල්ලොත් (රු. 950) තියෙනව බං. හුඟ කාලෙකින් කෑවෙත් නෑ හැඳැල්ලො පාරක්. මොකද කියන්නෙ දාමුද එකක්?”

“අනිවා අනිවා.. දාං දාං..”

අනේ ඉතින්…

හැඳැල්ලො හැඳැල්ලොමයි. කතාවත් එච්චරමයි. පැය බාගයකට කිට්ටුයි මම එතනට යනකොට. ඒ වෙනකං කෝල් එකක් නෑ, හරිම තුච්චයි!

වෙලාවට කෙලින්ම උඩ තට්ටුවට ගියේ.

ඔය ඉන්නෙ වැටිල කබරය වගේ, පටුවෙ හරහට කලාබර බූරුවා. වැඩේ කියන්නෙ කිට්ටු කරල බැලින්නංනෙ, මේකා ගෙනාපු බාගෙට වැඩේ දීලා කියන්නකො.

“ඒහ්, ගස් බ!@#$%. මොකක්ද යකෝ මේ කරපු අපරාදෙ. බොට, මං නේද කතා කලේ බොන්න යන්න. එහෙව් එකාට මෙහෙම කරනවද යකෝ.. ඉඳාන්කො දෙන්න බොට.

මේ.. අයියෙ තව බාගයක් ගේන්න, හැබැයි වෙනම බිලකට හොඳේ”

“ඉජින් උම්බ පරග්ගු ඌ..නානෙ. මම එමීට ගැඋව. වැඩේ කියන්නෙ, කොල් ගන්න බෑ, පොන්ඕෆ්”

ආයෙ ඉතින්.. කතාබස් නෑ. මමත් එන්න එපැයි ඒකාගෙ ගානට. කෙලින්ම නැග්ග සීඝ්‍රගාමී දුම්රියක අයිය ගෙනාපු තෙල් ටිකත් ගහගෙනම…

ම්… 

ඒක ගැහුවත් හරි මටත් නිකං.. හම්බෝ… ඒක වුනේ අර බයිට් තිබ්බනෙ ඩයට් එකටත් වඩා රසට. ඒම දෙන්න නරකයි මං කියන්නෙ අපි වගේ අසරණයින්ට. යාළු, කිව්වට විශ්වාස කරන්ඩ.. හැඳැල්ලො කූරි 12, 15ක් විතර, හොඳ හැටි ලුණු ඇඹුල් පදම තියෙන දැවටුමක දවටල, පාන්කුඩු වලත් තවරල, ගැඹුරු තෙලේ බැදල තියෙනවා.. කරස් ගාලා හපද්දි, සුරුස් ගාලා ෂොට් බහින්නෙ නිකම් ආයෙ තේරෙන්නෑ ආ... ඊටත් ඒ කොච්චි පේස්ට් එකත් නොම්මර එකයිනෙ. පොඩ්ඩක් ගෑවුනා කියන්නෙ හැඳැල්ලගෙ, කටගැස්මට කියාපුම!

එතනින් පටන් ගත්ත බයිට් එකේ අනිත් එක.. රයිස් එක!

කිරි අප්පේ.. ඒකෙ තිබ්බ දේවල්. මගෙ හිතේ මුලු කුස්සියම දාලාද කොහෙද ඒකට. පදමට තම්බපු ඉස්සො, දැල්ලො. එතකොට ගැඹුරු තෙලේ බැදපු පොඩි පොඩි මාලු කෑලි, චිකන් කෑලි, සොසේජස් කෑලි, කැරලි බිත්තර, ලූණු, මුද්දරස්පලම්, කජු. ඒ විතරක් නම් බැරියැ කාගෙන කාගෙන යද්දි මෙන්න මතුවෙනව බැදපු පෝර්ක් කෑලිත් හෙමිහෙමිහිට. අනික බතත් රසයි පංකාදු පහට. මගෙ හිතේ කීරි සම්බා හාලෙ බත, තම්බල තියෙන්නෙ ස්ටොක් එකකින්ද කොහෙද. කොහොමහරි චිලි පේස්ට් පොඩ්ඩකුත් එකතු වුනාම…

වැඩේ දුර දිග ගියේ මික්ස් ග්‍රිල් එකට බැස්සාම. ඒකෙන් තමයි ඇත්තටම අන්තිම ෂොට් ටික දැනී නොදැනීම වාශ්ප වුනේ. ඇයි ඉතින් අල්ලක් සයිස් තඩි පෝර්ක් කෑලි 2ක් තිබ්බනෙ අඩියට වෙන්න. ඒකත් තෙල් චුට්ටක්වත් නැති ඒවා. ග්‍රිල් එකෙත් පදමට කර වෙලා, සිස්ලින් එකේ රස්නෙත් එක්ක.. කනකොට රස නහර පිනා යන්නෙ යාළු. කියල වැඩක් නෑ ඇත්තටම ඒක නම් කාලම බලන්න ඕන. ඒ විතරක් නෙවෙයි, තඩි කුකුල් ගාතයකුත් තිබ්බෙ, හොඳ හැටි සෝස් රසින් පදම් වෙලා. හැබැයි ඒක නම් ග්‍රිල් වෙලා ටිකක් මදි වගේ. අන්න ඒකට ඉස්සො, දැල්ලො ටික, ආයෙ නියම ගාණට ඈ.. ඉස්සොන්ගෙ එහෙම අර පොත්තට ලාවට කරවෙලා. ඒ හැරුනාම, උඩින්ම බුල්සායි එකකුයි, ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තොගයකුයිත් තිබ්බ. හැබැයි ඒවයෙත් අර සෝස් රස ටිකක් වැඩියි වගේ. මගෙ හිතේ සෝස් දාද්දි මොකක් හරි අවුලක් වෙලා තියෙනව. ආ.. කියන්න බැරි වුනානෙ, දිග ජම්බො සොසේජ් 2කුත් තිබ්බනෙ, අර පෝර්ක් එකම වගේ නූලට ග්‍රිල්වෙලා, ජාමෙට රස තියෙන්න!

එතකොට ඉතින්... තව මොනමොනවහරිත් තියෙන්න ඇති. ඒත් අපි ඒ වෙද්දි අපි ඉන්න, නැති මගෙහිතේ! මොකද අන්තිමටම මතක, හරාලගෙ අයිය එතනට එනව විතරයි, මගෙ පුතේ...


TIP

Try mixed chop suey

Address

181, Main street, Battaramulla

Directions

10m below from the color lights at Battaramulla on Battaramulla-Rajagiriya road

Contacts

Report Inaccuracy

Similar Places

User Reviews
A
1

3/5

0

amilad

its bit noisy but they have stout beer . this is only place I found around battaramulla .

A
1

3/5

0

amilad

its bit noisy but they have stout beer . this is only place I found around battaramulla .

See 1 Comment