40/1, Joseph Lane, Colombo 04
Open 10 AM to 7 PM (Monday to Saturday)
Chapters has a decent range of books, mostly fantasy and illustration, but what we really love about this bookshop is it's so much more than a store.
ක්‍රිස්ටෝපර් පඕලිනීගේ “Inheritance Cycle” නියම ෆැන්ටසි පොත් පෙළක්නේ. මට කාලෙක ඉඳන් සෑහෙන ඕනෙකමක් තිබුණා ඔය පොත් සෙට් එක ගන්න. ඉතින් කීයක් හරි එකතුවුණු ගමන් මං කළේ ඔෆිස් එක එහා පැත්තේ තියෙන පොත් කඩේට එකට දුවපු එක.
ඔන්න ඉතින් බලන්නකෝ. මං වළක් හෑරුවොත් ඒකෙත් ගෙම්බෙක්. අතේ සල්ලි ටික තියෙන වෙලාවේ කඩේ පොත් නැහැ. මං ඉතින් හිතේ නොසතුටින් ම ඩුප්ලිකේෂන් පාර දිගේ බම්බලපිටියේ හන්දිය දිහාට ඇවිදින්න ගත්තා. එතකොට තමයි මට “Chapters” එක මුණගැහුණේ.
බැලූ බැල්මට පොත් කඩයක් වගේ. ඒත් කෝපිත් තියෙනවලු. මං කොයිකටත් කියලා ඇතුළට ගියා. මෙන්න බොලේ Inheritance Cycle එකේ පොත් සෙට් එක ම තියෙනවා. මට නම් ඉතින් උතුරන්න සන්තෝසේ. කවුන්ටරෙන් බිල දානකම්, මං මේක ඇතුළේ රවුමක් දෙකක් ඇවිදලා බැලුවා.
ඩුප්ලිකේෂන් පාර දිගේ බම්බලපිටියේ හන්දිය එහෙම පහු කරලා, වැල්ලවත්ත පැත්තට යද්දී මුණගැහෙන “Double XL” එක දන්නවා නේද? අන්න ඒකට ඩිංගක් එහායින් තමයි මේ Chapters එක තියෙන්නේ. මෙතැන මහ ලොකුවට ඉඩකඩක් නැහැ. ඒත් තියෙන ඉඩෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන හරි ම පිළිවෙළ විදියට පොත්පත් අහුරලා තිබුණා.
කඩේ මැද්දේ ම තියෙන්නේ ලොකු සෝපාවක්. පොත්පත් අරගෙන, ඉස්පාසුවක් නැතුව ඒක කියවන කාණ්ඩෙට මෙතැන වගේ ම, එළිමහනේ තියෙන ලී පුටු කීපයේත් වාඩි වෙන්න පුළුවන්. අපි මේ පැත්තට ගියේ නත්තල කිට්ටු කරලා නිසා, ඒ සැරසිලිවලිනුත් Chapters එක ලස්සන වෙලා. ඒ නිසා වෙනදාටත් වඩා ලස්සන වාතාවරණයක් දැකගන්න ලැබුණා.
මේ පොත් කඩේ ප්‍රධාන වශයෙන් ම කොටස් හතරයි. හරියට ඉස්තෝප්පුවකින්, සාලයකින් සහ කාමර දෙකකින් හැදුණු පුංචි ගේ පොඩිත්තක් වගේ. එක එක වර්ගයේ පොත් වෙන් කරලා මේ කොටස් හතරේ තියෙන රාක්කවලට දාලා තිබුණා. කඩේ දොරින් ඇතුල්වෙද්දී ම තියෙන්නේ පාට කරන පොත් පිංචවල්. ලොක්කන්ට වගේ ම පොඩ්ඩන්ටත් විනෝද වෙන්න පුළුවන් මේවයින්. සඟරා කීපයකුත් මෙතැනින් දැකගන්න ලැබුණා.
ඊළඟ කාමර දෙකේ ම තියෙන්නේ ප්‍රබන්ධ කතාවල් (දන්න සිංහලෙන් කියනවනම් fiction) සහ චරිතාපදාන. ඇත්තටම සෑහෙන හොඳ පොත් එකතුවක්. “Crouching Tiger”,“Tell No Lies”, “The Islands at the End of the World”, “Career of Evil”; මේ එහි තිබුණු පොත් අතරින් කීපයක්.
චිත්‍රපටිවලට පෙරළුණු නවකතා කීපයකුත් අපේ ඇහැ ගැහුණා. “The Danish Girl”, “The Wolf of Wall Street”, “The Hobbit”, “Into the wild” වගේ පොත් ඒ අතරින් ප්‍රධානයි.
ඊළඟට තිබුණේ පොඩ්ඩන්ට සහ ලොකු වෙමින් ඉන්න පොඩ්ඩන්ට කියවන්න සුදුසු විදියේ පොත් ගොන්නක්. “Treasure Island”, “Adventures of Huckleberry Finn”, “Oliver Twist”, “Diary of a Wimpy Kid”, “Big Nate” වගේ ජනප්‍රිය යොවුන් නවකතා බොහොමයක් මෙතැනින් දැකගන්න ලැබුණා.
පොත්පත් විතරක් නෙවෙයි, පුංචි පුංචි සෙල්ලම් බඩුත් Chapters එකේ තියෙනවා. අපට ගොඩක් ම ආස හිතුණේ මෙන්න මේ පුංචි බුක් ක්ලබ් ලාම්පුවට.
පොතක් කියවනකොට ළඟ පාත හොඳ කෝපි කෝප්පයක් එහෙම තියෙනවනම්, ඒකෙත් අමුතු ගතියක් තියෙන වග අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ නිසාමදෝ කොහේදෝ Chapters එකෙත් පුංචි කෝපි කඩයක් දැකගන්න පුළුවන්. කැපුචිනෝ, ලටේ වගේ කෝපි වර්ග එක්ක, ෆලූඩා, මිල්ක්ෂේක් වගේ ජාතිත් මේකේ මෙනුවේ තියෙනවා. ඉතින් අපි ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් (රු.250) එකකුයි, හොට් චොකලට් (රු.300) එකකුයි ඕඩර් කළා.
හොට් චොකලට් එක නම් මරු. නියම චොකලට් රසක් තිබුණා. ගානට සීනි. ඒ නිසා චොකලට්වල රස හොඳින් ම දැනුණා. මතුපිට තිබුණු පෙණ උඩින් කොකෝ කුඩුත් දාලා තිබුණු නිසා තවත් රසයි.
ස්ට්‍රෝබෙරි මිල්ක්ෂේක් එක නම් අමු ප්‍රෝඩාව. කෙළින් ම ආවේ ස්ට්‍රෝබෙරි රස කළ කිරිවලින් එන රස. ඒක පොඩ්ඩක් බොරුවට බ්ලෙන්ඩ් කරලා. රුපියල් 250කට සෑහෙන්න අපරාදේ.
සුවපහසු වටපිටාවක, ගෙදර වගේ වාඩිවෙලා, කෝපි කෝප්පයක් තොලගාන ගමන් ඔයාගේ ප්‍රියතම පොත රස විඳින්න පුළුවන් තැනක් තමයි මේ Chapters එක. පොත්පත් තෝරගනිද්දී මෙතැන ඉන්න අයගෙන් හොඳ සහයක් ලැබෙනවා. නත්තල් අසිරියත් එක්ක මේ දවස්වල මෙහෙ තවත් ලස්සනයි.
A cute bookstore in Bambalapitiya that serves up coffee and comfort.
Chapters has moved from Staple Street to a more central location at Joseph Lane, Bamba. They have a decent range of books, mostly fantasy and illustration, but what we really love about this bookshop is it's so much more than a store: there's a little coffee corner, some comfy sofas and even a DVD player with a movie collection.
Chapters is a fairly new little book shop located on Staple Street. Actually, it looks little from the outside but it's not so little once you go in. It's fancier than the average Sarasavi or Vijitha Yapa, going for a look and feel more along the lines of the bookshops at Barefoot and ODEL.
සිංහල බැලූ බැල්මට පොත් කඩයක් වගේ. ඒත් කෝපිත් තියෙනවලු. මං කොයිකටත් කියලා ඇතුළට ගියා. මෙන්න බොලේ Inheritance Cycle එකේ පොත් සෙට් එක ම තියෙනවා. මට නම් ඉතින් උතුරන්න සන්තෝසේ. කවුන්ටරෙන් බිල දානකම්, මං මේක ඇතුළේ රවුමක් දෙකක් ඇවිදලා බැලුවා.
Address
Directions
Go down the lane right next to Romafour on Galle Road, when you get to the very end you need to cross the road to get there. It's opposite a shop called Diamond Dreams.
Contacts
Report InaccuracyOpen 10 AM to 7 PM (Monday to Saturday)
Price Range
Ratings Breakdown
The Odel store near Townhall is pretty well known now,…
The Good Market's foray into the historic Galle Fort.
5/5
Went there and had a great time. it's quiet , peacful and a perfect place to have a fresh made faluda with other varities of milk and enjoy the ambience while selecting a book of your choice. they've got importerd body fresheners and shower gels that gives out a amazing smell. Just loved the whole little time spent there. .
I dont have the patience to sit and watch a movie. I prefer to select a book of my liking and sit with that or purchase same. The only thing I dont like about the books is that they dont give discounts to their regular customers which all bookshops give me. I dont know why ???????
5/5
Liv
Went there and had a great time. it's quiet , peacful and a perfect place to have a fresh made faluda with other varities of milk and enjoy the ambience while selecting a book of your choice. they've got importerd body fresheners and shower gels that gives out a amazing smell. Just loved the whole little time spent there. .