Artwork for Coke with food - top banner
Artwork for FOOD DELIVERY DURING COVID-19 CURFEW HOURS TOP BANNER 2
Artwork for PMF essentials sbb 2

3/5

The Chariot (Dehiwala)

86 Galle Road, Dehiwala


Chariot is an old Colombo standard now under new management. The changes seem to be going well. We only tried a rice and curry but the service, location and general feel of the place is good.



චැරියට් කියන්නේ කොළඹ බොහෝදෙනෙකු ප්‍රියකරන පැරණි තැනක්. දැන් එය අලුත් කළමනාකරණයක් යටතට පත්වෙලා. වෙනස්කම් හොඳයි. අපි කාලා බැලුවේ බත් හා ව්‍යංජන විතරයි. ඒත්, පිහිටීම, සේවාවන් හා ස්ථානයේ වාතාවරණය ඉතා හොඳයි.

චැරියට් සැලකුණේ පෙරේරා ඇන් සන්ස්ට විකල්ප ස්ථානයක් ලෙසයි. එහි තිබෙන්නේ බත් හා ව්‍යංජන, කෙටි කෑම, කේක් ආදියයි. එය තරමක් පහළ වෙළඳපල ව්‍යාපාරයක් ලෙසයි කලින් සැලකුණේ. ඒත්, දැන් නව කළමනාකරණය යටතේ එය තත්වයෙන් ඉහළ යමින් තිබෙනවා.

දෙහිවල චැරියට් අලෙවිහලේ බිම, ගෘහභාණ්ඩ, වාතාශ්‍රය, ආලෝකය ඉතා හොඳයි. කලබලකාරී ගාලු පාරෙන් එයට ඇතුල්වෙනවාත් සමගම ඇතිවන්නේ පුදුමයක්. එහි මේසපැදුරු හෙවත් ටේබල්මැට්ස්, හැඳි ගෑරුප්පු හා හොඳ වීදුරුභාණ්ඩ තිබෙනවා. සාමාන්‍ය කෙටිකෑම කඩයකට වඩා සුවිසල් වෙනසක්. කාර්යමණ්ඩලයත් විනීතයි, සැලකිලිමත්.

මේ වෙනස්කම් සමග මිළත් ඉහළ ගියබවක් දකින්න නැහැ. කුකුල්මස් හෝ මාළු සමග බත් හා ව්‍යංජන රු. 170යි. කෑම හොඳයි. ‍තෙල් ගතියෙන් අධිකත් නැහැ. අතිවිශේෂ නොවුණත් නරක නැහැ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනව ඔවුන්ගේ අනෙක් කෑම කාලා බලන්න. යාපනයේ කෑම, කිරි ආප්ප හා අතුරුපස වගේ.

අලුත් චැරියට් බොජුන්හල යායුතු තැනක්. මේ ශාඛාව තිබෙන්නේ දෙහිවල ගාලුපාරේයි. ඔවුන්ගේ ශාඛා බම්බලපිටියේ හා හැව්ලොක් පාරේත් තිබෙනවා.

TIP

Apparently the milk hoppers are good

Address

86 Galle Road, Dehiwala

Contacts

Facebook Website

Report Inaccuracy

Closed right now

Price Range

Between Rs. 200 - Rs. 500

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
4
Service Rating
3
Ambience Rating
3
Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments