Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

3/5

The Chariot (World Trade Center)

East Tower, L4, World Trade Center, Colombo 1


There is a Chariot in the World Trade Center and it serves sushi.



මුල් ලිපිය ලිව්වේ ඉන්දි. අවසන් යාවත්කාලීන කිරීම 2013 නොවැම්බර් 18.

චැරියට් අවන්හලක් ලෝක වෙළඳ මධ්‍යස්ථානය තුළ තියෙනවා. එතන සුෂී පිළිගන්වනවා.

අළුත් කළමනාකාරිත්වය යටතේ චැරියට් එයාලගේ මධ්‍යම ප්‍රමාණයේ ෂෝට් ඊට්/ දිවා ආහාර වල ලොකු වෙනසක් කරලා තියෙනවා. අපි දෙහිවල චැරියට් අවුට්ලට් එකට තමයි ආශාවෙන් හිටියේ. ඒත් දැන් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඇති අවන්හල තමයි ලොකුම වෙනසක් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට එහෙ සුෂිත් තියෙනවා.

කෑම

චැරියට් එකේ සාමාන්‍ය බත් මාළුත් තියෙනවා. (රු. 150 සිට ඉහළට) ලම්ප්‍රයිස් එකක් රු. 400යි. ඒත් එයාලගේ සැලඩ් බාර් එක, සැන්ඩ්විච් සහ සුෂී තමයි කැපිලා පෙනෙන්නේ. මූලික වශයෙන්ම එයාලගේ සෞඛ්‍යසම්පන්න කෑම වර්ග.

අපි සුෂී කාල බැලුවා. ඒක හරි රසයි. ඒක හරිම කදිමයි. අපි කෑවේ සැමන් නිගිරි (රු. 200), ටූනා තෙමාකි (රු. 500), සහ ටූනා මාකි (රු. 400.) එයාලා ටිකක් වෙනස් මයෝනයිස් වොසබි සෝස් එකක් පාවිච්චි කරනවා. ඒක නරක නෑ. ප්‍රධානම දේ තමයි මිල. මෙහෙ මිල ගණන් නිහොන්බාෂි වගේ ඉහළ ගණයේ ජපන් අවන්හල් වලට වඩා ලොකු වෙනසක් නැහැ. අනික නිහොන්බාෂි මීට වඩා හොඳට සුෂී හදනවා.

ජපන් කෑම වල මිල අමතක කළොත් එයාලගේ ෂෝට් ඊට්ස් සහ බත් වර්ග විශ්වාසදායි ඒවා. චිකන් රොටි ලොකුයි වගේම පිරිලා තියෙනවා. (අපිට මතක හැටියට රු. 90ක් වගේ.) ඒවා බැදලා තියෙන්නේ බිත්තර කහ මදයෙන්. ඒක හරිම කදිමයි.

අළුත් චැරියට් හොඳින් අවධානය යොමුකරනවා. අපි තවමත් හරියටම දන්නේ නැහැ එයාලගේ සුෂී වලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා.

පිහිටීම

චැරියට් පිහිටලා තියෙන්නේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ. ලොබි එකෙන්, තොරතුරු මේසයට උඩින් එස්කලේටර දෙකක් තියෙනවා. ඒවගෙන් ගිහින් වමට හැරිලා (නැගෙනහිර කුලුන) යද්දී ආභරණ සහ මැණික් වෙළෙන්දන් ඉන්න තරමක් අමතක කළ ප්‍රදේශයක් තියෙනවා. චැරියට් තියෙන්නේ එතන. එතන හොඳට ඉඩ තියෙනවා. ඒත් ඒක ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ප්‍රධාන ප්‍රදේශවලින් හොඳට පෙනෙන්නේ නැහැ. අපිට ඒක හොයාගන්න අමාරු වුණ නිසා අහන්නත් සිද්ධ වුණා.

සේවාව හරි හොඳයි. අපේ ඒ සම්බන්ධව පැමිණිලි නැහැ.

අළුත් චැරියට් ඒක ගොඩක් වැඩි දියුණු කරලා. සමහරවිට දේශීය ක්‍ෂණික කෑම අතර (පෙරේරා ඇන්ඩ් සන්ස්, ෆැබ් වගේ තැන්) අලුත්ම පන්නයේ කෑම හල කියන්න පුළුවන්. සුෂී පිළිගන්වන ඒක රසවත් අදහසක්. ඒත් ඒවගේ මිල නිසාම අඩු මිල කෑම හදන තැනක් විදිහට ප්‍රසිද්ධ තැනක් වන චැරියට් එකට නොගැලපෙන්නක් වෙන්නත් පුළුවන්. එයාලගේ සැලඩ් බාර් එකයි සැන්ඩ්විච් එක්කයි එයාලා සෞඛ්‍යසම්පන්න කෑම දෙසට නැඹුරු වෙන්නත් හදනවා. ඒක හොඳ දෙයක්.

TIP

The chicken roti is good.

Address

East Tower, L4, World Trade Center, Colombo 1

Directions

The World Trade Center is the biggest building in Colombo, at the end of Galle Face Green, just look for it. Inside, Chariot is one escalator ride above the information desk in the lobby.

Contacts

E-Mail Facebook Website

Report Inaccuracy

This place has closed down

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Rice And Curry

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
3
Ambience Rating
3

Similar Places

User Reviews
N
1

1/5

0

NIBMRatchet

Very poor customer care and the food is bad. You might get food poisoning.

N
1

1/5

0

NIBMRatchet

Very poor customer care and the food is bad. You might get food poisoning.

See 32 Comments