Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

Chesa Swiss

3 Deal Place A, Colombo 3, Sri Lanka


Sadness, this place is closed



චේසා ස්විස් ස්ටේක්වලට නගරයේ තියෙන කියාපු තැන. ද ලන්ඩන් ග්රිල් එකයි කැලිෆෝර්නියා ග්රිල් එකයි දෙකත් හොඳයි තමයි. ඒත් අපි වැඩියෙන්ම කැමති චේසා එකට. ඒක 1991 ඉඳලා තියෙනවා. කෑමයි සේවාවයි දෙකම නිරතුරුවම අති විශිෂ්ට තත්වයෙන් තියාගෙන යනවා. ඒත් කල්තියාම අනතුරු හඟවන්නම්. මේක බොහෝම - බොහෝම - මිල අධිකයි. සාමන්යයෙන් එක දීසියක් රුපියල් 3000ක් විතර වෙනවා. ඒත් අවංකවම කියනවනම් ගෙවන මුදලට සාධාරණයක් ඉටුකරන ඉතා සුළු තැන් ගණනින් එක තැනක් මේක.

කෑම

කෑම අති විශිෂ්ටයි. අපි ඊයෙ රෑ කාපු කෑමෙන් පස්සෙ තවමත් බඩ ෆුල්. මෙහෙ තියෙන්නේ නියම ස්විස් කෑම. කොළඹ ස්විස් කෑම කන්න තියෙන එකම තැන. මෙනූ එකේ තියෙනවා fondue, raclette, steak tartare, steaks, mussels, veal සහ තවත් දේවල්. මස්වලින් පිරිලා වගේ තමයි පෙනෙන්නේ. ඒත් එළවළු විතරක් කන අයටත් හොඳ තේරීම් මෙහෙ තියෙනව. porcini mushroom risotto කදිමයි එයාලට.

අපි හත් දෙනෙක් තමයි මෙහෙදි කෑම කෑවේ. අපි tenderloin steaks කිහිපයක් ඇණවුම් කළා. (එකක් රුපියල් 3450) අනිත් ඒව තමයි beef stroganoff (රුපියල් 3800), mussels (රුපියල් 2350), fondue (රුපියල් 2850), grilled shrimps crusted with garlic butter sauce (රුපියල් 2350) සහ ගෙදර හදපු ඌරුමස් සොසේජ් (රුපියල් 1550.) හැම ප්රධාන කෑමක් එක්කම එළවළුත් එක්ක ඔබ කැමති rosti (මේක රසබර හෑෂ් බ්රව්න් එකක්), spatzli (මැක් සහ චීස් වගේ, වෙනස මේක වඩා රසවත්), මෑෂ්ඩ් පොටැටෝ, බත් සහ තවත් දේවල් කිහිපයක් (හරියට මතක නෑ) දෙනවා. ඔක්කොම පුදුම රසයි. ඔබේ අතුරු දීසි තෝරා ගන්න යනකොට ඔබට සියල්ල අමතක වෙයි.

මෙහි එළවලුත් කදිමයි. ඉන්දි ඒවට කියන්නේ ගෝලිඩිලොක් එළවළු කියලා. ඒ කියන්නේ ඒවා උයලා තියෙන්නේ සර්වසම්පූර්ණ විදියට. ප්රණීත සහ එළවළු රසය දැනෙන විදියට. ඔයාලා ස්ටේක් කනවනම් ඒවටම ගැලපෙන සෝස් වර්ග තියෙනවා. red wine, pepper, béarnaise, mushroom, garlic සහ mustard. හරිම අපූරුයි. ඔයාලට ඕනේ උකුවට සෝස් එකක්නම් béarnaise හෝ mushroom තෝරාගන්න. සැරට සෝස් ඔනේ නම් ගම්මිරිස් හෝ සුදුළූණු සෝස් තෝරාගන්න. එයාලා උයන්න පාවිච්චි කරන්නේ ඔස්ට්රේලියන් හරක් මස්. ඒවා මෙහෙ හරක් මස් වලට වඩා මෘදු, රසවත් වගේම ඝණයි. හොඳ තත්වයේ බඩු.

Fondue ආරම්භකයක් (starter) විදියට කන්න හොඳයි. ඒත් අපි ඒක නිර්දේශ කරන්නේ නැහැ ප්රධාන ආහාර වේලක් විදියට. හේතුව තමා එක ආරම්භකයක් හය හත් දෙනෙකුටම ප්රමාණවත් වෙන තරමට විශාල වීම. එයාලා ඒවා දෙකක් ඇණවුම් කරන්න කියයි, ඒත් ඔයාලා එකක් විතරක් ඇණවුම් කරන්න. ඕනැවට වඩා කෑවොත් ඔයාලගෙ කෑම රුචිය නැතිවේවි. ඒක පිළිගන්වන්නේ පුංචි සුදු පාන් කුට්ටිත් එක්කයි. බොහොම රසයි, ඒක එන්නේ වයින් රසයත් එක්කයි.

අපිට ස්තුතිපූර්වක (නොමිලේ) ආරම්භකයක් ලැබුණා. උඩට දාපු පුංචි කර කරපු කැරමල් ළූණුත් එක්ක පුංචි spatzli පංගුවක්. ඒකත් හරිම රසයි. අපට වැඩියෙන්ම චේසා එකට හිත ගියේ ඒකේ අපේ කෑම ගැන තිබුණු නිරතුරු අවධානය. හරියට spatlzi එක්ක ගෙනාව කර කරපු ළූණු සහ ඒත් එක්ක ගෙනපු එළවළු වගේ දේවල්. මේවා පුංචි දේවල් වෙන්න පුළුවන්, ඒත් ඒවා ඔක්කොම එයාලා හරිම උනන්දුවෙන් කරනවා. ඒක අපිට හොඳට පේනවා.

බීම

එයාලා ළඟ ස්විස් වයිනුත් එක්ක දීර්ඝ වයින් වර්ග ලැයිස්තුවක් තියෙනවා. අපි රෙඩ් වයින් බෝතල් දෙකක් ඇණවුම් කළා. ඒක අපි හතර දෙනෙක් බෙදා ගත්තා. පුදුමේ කියන්නේ ගණන් අඩු වයින් Valdivieso (රුපියල් 3500) රුපියල් 5950ක් වෙච්ච ගණන් වැඩි St Emilion වයින් වලට වඩා හොඳ වෙච්ච එකයි.

අතුරුපස



මෙහෙ නරකයි කියන්න කිසිම දෙයක් නෑ. ඔක්කොම හොඳයි. අපි අයිස් ක්රීම් එක්ක rhubarb and strawberry strudel (රුපියල් 650) කෑවා. ස්ට්රෝබෙරි සුප් එකක් රුපියල් 650. අපි ස්ට්රෝබෙරි සුප් එක ඇණවුම් කළේනම් ඒ නම ගැන තිබුණ කුතුහලය නිසාමයි. නම වගේම ඒක හරියටම ස්ට්රෝබෙරි සුප් එකක්ම තමයි. ස්ටූ කරපු ස්ට්රෝබෙරි ද්රාවනයක මැද පැෂන් ෆෲට් සරුවත් තමයි ඒකෙ තියෙන්නේ. ඒක ටිකක් අමුතුයි වගේ තමයි පෙනෙන්නේ. ඒත් ඒක හරි රසයි. අතුරුපස දෙකම හරි රසයි. මේ කොළඹදී අපි කෑව හොඳම අතුරුපස.

පිහිටි තැන



අවන්හල තියෙන්නේ ගෙදරක් විදියට පාවිච්චි කළ ගොඩනැගිල්ලක. දොර-ජනෙල් රෙදි, පිඟන් බඩු වගේ දේවල් වල කිසිම විශේෂයක් නෑ. ඒත් එකෙන් අවන්හලට අඩුවක් වෙලාත් නෑ. අවන්හල සුව පහසුයි. ලස්සන තැනක්. ලස්සනම දේ තමයි එයාලගේ ගෙවත්ත. අපි නිර්දේශ කරන්නේ එළිමහනේ කෑම කන්න කියලයි. මෙහෙ වටපිටාව කදිමයි වගේම අකුලන්න පුළුවන් ස්වයංක්රීය උඩු වියනකුත් තියෙනවා. අනෙක් බොහොමයක් අවන්හල් වගේ නෙවෙයි මෙහෙදි කාර්ය මණ්ඩලය හරියටම දන්නව ඔබට හරියන දේ පිළිගන්වන්නයි, නිර්දේශ කරන්නයි. ඒ ගොල්ලො හරිම සාවධාන පිරිසක්. එයාලා ඔයාලගේ වයින් වීදුරුව හිස් වෙන්න දෙන්නෙම නෑ.

අලාබය



චේසා ස්විස් ලාභ නෑ. ඒක හරිම මිලවැඩි අවන්හලක්. අමතර වියදමත් ඉහට උඩින් (සේවා ගාස්තුව 11%, බද්ද 12%) වයින් බෝතල් දෙකකුයි, අතුරුපස දෙකකුයි, ස්ටාර්ටර් එකකුයි, එක්ස්ප්රෙසෝ එකකුත් එක්ක හත් දෙනෙකුට බිල රුපියල් 42,517. ඒ හින්දා අපි ඔයාලට මෙතනට හැමදාටම යන්න කියන්නේ නෑ. ඒත් ඇත්ත්ටම විශේෂ අවස්ථාවකට නම්, මේක තමයි හොඳම තැන. කොමන්ස් වගේ තැනකට ගියාම අපි ඉරිසියා කරනවා සාමාන්යය කෑම වලට ලොකු මිලක් ගෙවද්දි. ඒත් මෙතන කෑම ගෙවන මුදලට වටිනවා. ඔව්, චේසා මිල අධිකයි තමා. ඒත් අසාධාරණ ලෙස නෙවෙයි. ඔයාල ගෙවන මුදලට හරියන වටිනාකමේ කෑම බීම මෙහෙන් ලැබෙනවා. පුදුමෙකට වගේ මෙහෙ අතුරුපස දරාගත හැකි මිලකට තියෙනවා.

චේසා ස්විස් ජාත්යන්තර මට්ටමේ අවන්හලක්. කෑම, සේවව, වගෙම පිහිටි තැනත් විශිෂ්ටයි. ඔබ එහෙ යන්න සෑසුම් කරන්වනම් අපි ඔයලට අනුමත කරනවා දවල් කාලේ අඩුවෙන් කාල යන්න කියලා. එහෙම වුණොත් පමණයි ඔයාලට ඔයාලගේ කෑම වේල මෙහින් රසවිඳින්න පුලුවන් වෙන්නේ.

මේක ලේසියෙන්ම කොළඹ තියෙන හොඳම අවන්හල් වලින් එකක් වෙනවා. අපි අනිවාර්යයෙන්ම නිර්දේශ කරනවා ඔයාලටත්.

TIP

Good place for special occasions.

Address

3 Deal Place A, Colombo 3, Sri Lanka

Directions

Chesa is on Duplication Road across from the Manhattan Fish Market. Coming from Liberty Roundabout, you pass Stone N String and St. Anthony's Mw and it's on your left.

Contacts

Website Facebook

Report Inaccuracy

This place has closed down

Cuisine

Fine Dining Swiss European

Price Range

More than Rs.1500

Dish Types

Beef Steak

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
4

Similar Places

Have you visited this place?

Write your own review!
See 19 Comments