Artwork for Shiwu Chinese - top banner 1
Artwork for WW BYOB Top banner 2(A) - dummy
Artwork for Coffee post sidebar 1

4/5

Chili's Food

No. 170/A, Old Kesbewa Road, Delkanda


Chili's Food is a rice & curry spot available on PickMe Food delivery.



හදිස්සියේ ම...

මෙන්න කෙවින් කතාකරපි පූල් ගහන්න යන්න. ඒකත් හැන්දෑවෙ, ගෙදර යන්න ඔන්න මෙන්න තියල. වැඩේ තියෙන්නෙ ඒක නෙවෙයි, අලුතෙන් දාපු පූල් ප්ලේස් එක පුල් මාවලස් කියල, එතනට ගිහින් බීර වීදුරුවක් තොලගාන ගමන් ම පූල් ගහන්න. මාත් ඉතින්... දෙතුන් පාරක් කල්පනා කළා. කල්පනා කරල, දවසත් සිකුරාදා නිසා... ඔන්න වැඩේට කැමති වුණා. 

ආයෙ ඉතින් මම කැමති වුණත් හරි කට්ටිය සනි සනික හොඳේ. කෙවින්, මෙවන්, මැකා තුන්දෙනා ම අඩියට දෙකට පික්මියකට.

අපි කෙළින් ම ඇද්දෙ විජේරාමෙ කැම්පස් පාරට හැරෙන ම තැන තියෙන ඩොලර් ඇන්ඩ් ඩොලර් එකට. එතනට ගිහින් නැග්ග කෙළින්ම දෙවනි තට්ටුවට. ෂැහ්! බලන්න එපැයි ඒකෙ හැඩ. වෝල් ආර්ට් ඇඳලා, පාට පාට ලයිට් දාලා, ලොකු බෆල් දෙකකුත් තියල ඔය සංගීත පාරකුත් දාලා තියෙන්නෙ. ඊටත් අපි යද්දි ම මේසයකුත් ෆ්‍රී.

“ඒනං වැඩේ පටන් ගමුනේ” මෙවන් ගත්ත ස්ටික් එක අතට. අනික් පැත්තෙ කෙවින්.

එතකොට මැකයි මායි?

“මොකෝ බං කරන්නෙ”

“අඩේ.. ඒකනෙ. ඇත්තටම මොකෝ කරන්නෙ?”

“මං කියන්නං. අපි දාමු හොඳ කෑම පාරක්. මං කිව්වෙ පික්මි ෆුඩ් එකක් දාලා... අපි පටන්ගමු අපේ වැඩේ”

“අන්න එළ. එතකොට මෙයාලා දෙන්න ගේම ගහගෙන යයිනෙ”

කෙවින්ගෙ ෆෝන් එක ඉල්ල ගත්ත මම බැලුව හොඳ කෑම කඩයක්. ඉස්සරහ ම නම් එකක් තියෙනවා.. ඒකෙන් දාන එක හරි නෑනෙ. ටිකක් දුර තියන එකකින් දාමු කියල හිතල, ගැලපුව ‘චිලිස්’ එකට! මොන්ගෝලියන් එකයි (රු. 750), චිකන් චීස් කොත්තුවයි (රු. 390), ඩෙවිල් කට්ල්ෆිෂ් එකයි (රු. 650), හොට් බටර් චිකන් එකයි (රු. 595). 

දාලා ඉතින් අපිත් හෙමිහෙමිහිට සෙට්වුණා ඒ ගේමටම. වැඩේ කියන්නෙ සෙට්වෙච්ච එක නෙවෙයි, ඒ අතරට අර වැඩෙත් යන නිසා... කොහෙදෝ යන පාරවලුත් වදිනව කියන්නකො සට පට ගාලා. බෝල වැටෙන්නෙ නිකම් චීස් කැපෙන්න වගේ.

ඉතින් බලා ඉඳිද්දිම ඒ ගේම ෆිනිෂ්. දෙයියනේ කියල දෙවනි ගේම පටන් ගන්න කොටම කෑම ටික ආවෙ. නැත්නම් තවමත් පූල් ගහනව.

වෙනම ම හදාපු කාමරේට කට්ටිය ම එකපාර ගොඩවුණේ පූල් ගේමට පොඩි බ්‍රේක් එකක් දීලා. ඒ විතරක්මත් නෙවෙයි, අර අඩුමකුඩුම ටිකත් අරගෙනම. ඊට පස්සෙ ඉතින් ආයෙ කතාබස් නැත. දිගඇරෙන දිගඇරෙන කෑම එක වාෂ්ප වෙනව.

මුලින්ම කොත්තුව. නිකම් නෙවෙයි, චීස්, චිකන්වලින් අනූන උණු උණු කොත්තුව. කිව්වට විශ්වාස කරන්න යාළු ෆ්‍රයිඩ් චිකන් පලුවක්මද කොහෙද හීනියට ඉරල දාලා, හැපිකව් චීස් කෑලිත් එකක් දෙකක් එක්ක කිරි මොනවහරිත් මික්ස් වෙන්න දාලා... මිරිස්, අමු මිරිස්, කැරට්, ලීක්ස්, බිත්තර... අඩු නෑ ආයෙ, හොඳේ. අනික කොත්තුවෙ සයිස් එකත් බලන්න එපැයි, අර අපේ කට්ටිය කෑමේ අහේනියක ඉඳපු එවුන් වගේ දෙසාබෑව නිසා මිසක් නැත්නම් පැහැදිළිව ම දෙන්නෙක්ට ඇති.

ඒ වගේම තමයි මොන්ගෝලියන් එකත්. සත්තයි කාලෙකට පස්සෙ කාපු රියල් ම මොන්ගෝලියන් එකක්. තෙල් ගතිය එහෙමත් සෑහෙන්න අඩුයි. අනිත් කාරණය තමයි මොන්ගෝලියන් කුළුබඩු මිශ්‍රණයත් දාලා තියෙනව නූලට රස තියෙන්න. ඒ අතරට කොටුවට කපපු කැරට්, ලීක්ස්, ගෝවා අඩුපාඩුයි අමු මිරිස් එක්ක පදමට ගැළපුණු ඉස්සො, දැල්ලො, මාළු, චිකන් පොඩි පොඩි කෑලි තොගගයි... අවංකයෙන්ම පංකාදු පහයි හොඳේ. ඊටත් ඒ එකතු කරපු මස් මාළුවල ෆ්‍රෙෂ් ගතිය... ෂැහ්! ටොප් ආ. ආයෙ දවසක, ඒක නම් අනිවා…

ඔය අතරෙ මේසෙට දිග ඇරිල තිබ්බ මොකක්දෝ ලොකු තෙල් හොද්දක් වගේ එකක්. බැලූ බැල්මට අඳුර ගන්නත් බෑ.. කමක් නෑ මොනව වුණත් කෑමනෙ කියල මම දැම්ම අත. දාලා ගත්ත අතට අහුවච්ච සුදුපාට කෑලි තොගයක්.

කිරිඅප්පට බල්ලො බුරපි කිව්වලු, දෙයියනේ දැල්ලො. ඒකත් නිකම් නෙවෙයි තොග ගනං දැල්ලො. හොඳ හැටි තම්බල, රස පදමට ගැළපුණු ලූනු, කැරට්, මාළු මිරිස් ඩෙවිල් මික්ෂර් එකේ ගිලිච්ච රසම රස දැල්ලො. පපුවට අත තියල කියන්නෙ, යාළු බෝතලයකට නම්…

අන්න දැල්ලො, ආ!

වැඩේ කියන්නෙ දැල්ලො ඩෙවිල් මික්ස් එකත් එක්ක කරට කර, ඒ වගේම ඒකෙ ගාගෙන කන්න රසට ම රස! බැටර්ඩ් චිකන්. ෂප්පේ... නිකම් මතක්වෙද්දිත් කටට කෙළ උණනව අප්ප. බීරවලට ඒ හැටි ගැලපුනේ නැති වුණාට, ඒ චිකන් එකත් තලුමරමර රස බලන්න කියාපු ම.

මොකද අපි නිකමට කියනවයැ, මතකෙ හැටියට චිකන් එක උපරිම පවතින්න ඇති විනාඩි දහයක්. කෙළින්ම හාවක් හූවක් නෑ, පාර්සලේ තිබ්බෙ මොනවද හොයන්න නෑ.. වාෂ්පයි!

හ්ම්.. ඒ විතරකුත් නෙවේ ඉතින්. පොඩියට කළාට මොකද අපිටත් එහෙන් මෙහෙන් බඹර පදමයි, ඕං!


TIP

Try Develed items

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment