No 262 A, Lake Rd, Maharagama
Closed right now
A Chinese restaurant located in Boralesgamuwa Lake Road with BYOB.
චිල් ලේක්සයිඩ්. බොරලැස්ගමුව වැව අයිනේ තියන අලුතින් දාපු ෆැමිලි රෙස්ටුරන්ට් එකක්. ලංකාවේ රයිස් ඇන්ඩ් කරි වගේම චයිනීස් කෑමත් තියනවා කියන ආරංචිය හින්ද අපි ඒ පැත්තට ඇදුණා. වැහි දවසක් නිසා උණු උණුවෙම මොනාහරි බඩට දාගන්නයි අපිට ඕන වුණේ. දන්නව නෙ සීතලට බඩගිනි වැඩි වෙනව නේ. අපි චිල් ලේක්සයිඩ් එකට ගොඩ වෙනකොටත් චිරි චිරි ගාල වැස්ස.
වැස්ස හින්ද ද මන්දා අපි යද්දි වෙන කවුරුත්ම හිටියෙ නෑ. ඉතින් අපි හොඳට අතපය දිග ඇරලා හරිබරි ගැහිල වාඩිවෙලා ඕඩර් කරා සීෆුඩ් නූඩ්ල්ස් එකකුයි යුංග්චෝ චිකන් ෆ්රයිඩ් රයිස් එකකුයි. ඊළඟට අපි හොට් බටර් කට්ල්ෆිෂ් එකක් (රු. 850) ඕඩර් කරේ මේ දෙකටම ඇති වෙන්න. උණු උණුවේ රන්වන් පාටට ආපු කට්ල්ෆිෂ් එක ගැන නම් කියල වැඩක් නෑ! පදමට හදපු කට්ල්ෆිෂ් කෑලි හැපෙනකොට කටට දැනෙන සොෆ්ට් ගතියෙන් රස නහර පිනා යනවා.
උණුවෙන් මේසෙට ආපු සීෆුඩ් නූඩ්ල්ස් එකේ (රු. 850) සීෆුඩ් විදිහට හැපුණේ නං පොඩි ඉස්සො කීපදෙනෙක් තමයි. හැබැයි බිත්තර, කැරට්, ලීක්ස්, ගෝවා එහෙම යහමින් දාල තිබුණා. ඒ එක්ක දීපු ටුමැටෝ සෝස් සහ චිලී පේස්ට් දෙකත් සාමාන්යයි. චිලී පේස්ට් එක නං පෙනුමෙ හැටියට සැර මදි කියල හිතුණා.
නූඩ්ල්ස්වලට වඩා අපේ හිත ගත්තෙ යුංග්චෝ චිකන් ෆ්රයිඩ් රයිස් එක. (රු. 790) හොඳ ලොකු චිකන් කෑලියි බිත්තර කෑලියි බත් එක්ක උණුවෙන් රහට හැපෙනකොට පංකාදු පහයි. ඒ සංයෝගෙට කට්ල්ෆිෂ් එකත් එකතු වුණාම! හිතාගත්තැකි නෙ? මදි නොකියන්න ලොකු ලොකු පෝෂන්ස් සර්ව් කරපු හින්දා සීතල නිසා ඇවිස්සලා තිබුණ බඩගින්න කොහෙන් ගියා ද නෑ.
කලින් කිව්වව විදිහටම මේ රෙස්ටුරන්ට් එක තියෙන්නෙ වැව අයිනේ. බැල්කනි වීව් එක බලන්න හිතන් හිටියට වැහි කාලගුණේ එක්ක එයාල ඒ හරිය අස්පස් කරමින් හිටපු නිසා ඒ අදහස අත ඇරගන්න වුණා. කොහොම වුණත් කරදරයකින් තොරව නිදහසේ කෑම කන්න සුදුසු පරිසරයක් මේ රෙස්ටුරන්ට් එකේ තියනවා.
සර්විස් එක උපරිමයි. ඉක්මනින් වෙලාවට කෑම ටික මේසෙට ආව. ඒ වගේම හරිම සුහදශීලී ප්රියමනාප විදිහට සර්විස් එක සිද්ධ වුණා.
විශේෂයෙන් කියන්න තරම් වරදක් නැති හොඳ රෙස්ටුරන්ට් එකක් විදිහට මෙතන නම් කරන්න පුළුවන්. ඉතිං ඕගොල්ලොත් යන එන ගමන් චිල් ලේක්සයිඩ් එකට ගියොත් නමෙන් කියවෙන විදිහටම වැව අයිනට වෙලා චිල් එකේ කෑම කන්න පුළුවන්.
Delete Comment
Mahesh
I ordered from Chill Lakeside few weeks back and I am fully satisfied with both quality and quantity of the potions. They were delivered on time with proper packaging. Can highly recommend this place with full confidence.