Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for dominos top banners 2
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

3/5

Chillax Garden Pub

11 Marine Drive, Colombo 6


An outdoor bar on Marine Drive with beer on tap from 11 AM to Midnight.



“ඒ බං, මොකෝ කරන්නෙ. කාලෙකින් මුකුත් කරපු නැති එකේ අල්ලමුද පොඩි බාර් එකක් පැත්තටවත්”

“හෑ…

ම්ම්… හැබැයි පංකාදු අදහස ඈ... මාත් මේ කල්පනා කරකර හිටියෙත් තනියෙන්වත් බියර් එකක් ගහනවද කියල. එහෙනං දෙන්නත් එක්ක අදිමු හැන්දැ වෙලා කිට්ටුව පාත ප්ලේස් එකකට. ඉඳහන්කො මං බලල කියන්න”

පුංචි කතා බහෙන් පස්සෙ මම සෙනිකව කළේ හැන්දෑවට සෙට් වෙන්න පොඩි ප්ලේස් එකක් බලපු එක. මොකද වැඩිය දුර යන්නත් බෑනෙ. දන්නැද්ද අපි සූර් වුණාම ගෙදරට මංගච්චන්න අමාරු කරනවනෙ.

කොහොම හරි ‘යමු’ සයිට් එකේ ගහපු ගමන්ම මට ආවා වැල්ලවත්තෙ ‘චිලැක්ස්’ කියල පබ් එකක්. අපේ කලින් ගියපු යාළුවත් කියල තිබ්බෙ ප්ලේස් එක හරි ෂෝක් කියල. ඒ නිසා ඉතින් හිතේ සැකයක් නැතුව යන්න පුළුවන්. හැරත් දවල් 3ට කලින් ගොඩවෙන්න හිතන් ඉඳපු නිසා ප්ලෑන තිබුනෙ ලන්ච් එකත් එහෙම්ම ගන්න.

“මේ.. ඒනං මං පික්මියක් දාන්නං හොඳේ. දැන් වෙලාව 2.45යිනෙ” සරිත්ට පොඩි ටෝකක් දාපු මම ටයිම් තියල වැඩේට බැස්ස. ඊට පස්සෙ අපේ දේශානිටත් පණිවුඩේ දුන්න 4, 5 අල්ලල ඒ පැත්තට එන්න කියල. ඊටත් පස්සෙ තමයි ගිහින් පික්මියට ගොඩ වුණේ.

හප්පේ… වෙලාවට ස්කූල් ටයිප් පැනල. ට්‍රැෆික් නෑ. යාන්තම් විනාඩි 10ට වගේ අදාළ ස්ථානයට කිට්ටු කළා.

“අඩේ! මරු ප්ලේස් එකක්නෙ බං. පොඩි හයිෆයි ගතියකුත් තියෙනව” මගේ කටින් පැන්නෙ සනික ආපු හදපිරි සතුටකින්. ඇයි අප්පේ… කවද ඉඳන්ද පෙරුම් පිරුවෙ ඕපන් ප්ලේස් එකක පොඩි අඩියක් ගහන්න.

අඩියට දෙකට ඇතුලට ගියපු අපි ඉස්තෝප්පුව වගේ කෑල්ලෙ අයිනක් අල්ලල වාඩි වුණා. ආයෙ ඉතින්… වාඩි වෙලා පොඩ්ඩ හරිබරි ගැහෙන්න හම්බවුණේ නෑ. මෙන්න බොලේ ලස්සන සේවිකාවක් අපේ ළඟ. මෙනුවක් එහෙමත් අරගෙන! ඒ විතරක් නම් බැරියැ, අපි කෑම ටික තෝරනකම් පිඟන් කෝප්ප තියල මේසෙත් හදල දුන්න. ඒත් ඉතින් එක අවාසනාවන්ත කාරණයක්. චිලැක්ස් එකේ ස්ට්‍රෝන්ග් නෑ කියන්නකො. ඔක්කොම 4.8% ඒවයි, ස්ටවුට්, හාඩ් ලිකරුයි විතරයි.

“දැං මොකෝ බං කරන්නෙ. ස්ටවුට් එකක්වත් ගහමු”

හිතේ දුකෙන් වුණත්, කරන්න දෙයක් නැති කමට ස්ටවුට් බෝතල් 2ක් ඕඩර් කරපු අපි බයිට් එකට පෝර්ක් කොත්තුවකුයි, ක්‍රම්බ් ෆ්‍රයිඩ් ඉස්සො එකකුයි ගේන්න කිව්ව. ඔන්න ඊට පස්සෙ තමයි පොඩ්ඩක් ඔළුව හරවල වටපිටාවෙ හැඩ බැලුවෙ.

අවංකයෙන්ම නිදහසේ අඩියක් ගහන්න කියාපු ප්ලේස් එක යාළු. ඕපන් බාර් එකයි ඉස්තෝප්පුවයි හැරුණාම සුදු වැල්ලෙ ගහපු පොඩි හට් ටිකකුත් තියෙනව. අනික මුහුද අයිනෙ නිසා හුලං පාරත් හොඳ හැටි.

“එක්සියුස්මී සර්..”

“මොකක්? මෙච්චර ඉක්මනට. ඕකේ ඕකේ තෑන්ක්ස් අ ලොට්” පොඩ් මෙව්ව පාරක් දාපු මම හෙමින් සැරේ වීදුරුවට ස්ටවුට් පුරවගත්ත. පුරවගෙන සරියත් එක්ක චියර්ස් පාරකුත් දාලම තමයි පෝර්ක් කොත්තුවට බැස්සෙ.

ෂප්පේ… ඒක!

කොත්තුවක් වුණාට වැඩිය හොඳයි වෙන මොකක් හරි… වුණා නම්. ඇයි යකඩෝ, රස්නයක් කියල දෙයක් ගෑවිලාවත් නෑ. අනිවා කලින් දාපු එකක්ද කොහෙද අවන් එකේ රත් කරල එවල තියෙන්නෙ. ඊටත් රොටිවල පිටි අමුයි. යාන්තම් එළවලු කෑලි ටිකේ රස තිබ්බෙ. පෝර්ක් කෑලිත් මිරිස් තුනපහ නොගෑවෙන්න පරිස්සමට අරන් තියලද කොහෙද පස්සෙ එකතු කරල තියෙන්නෙ. අනේ මන්ද, අවංකයෙන්ම කොත්තුව කාපු පළවෙනි කටෙන්ම මට යකා නැගල හිටියෙ. බැරි දේවල් නොකර ඉන්නෝනි එක්කො. ආ.. නැද්ද කියන්නකො රු. 625කුත් අරගෙන, රෙද්ද!

ඒ අතින් අර ඉස්සො දවටල බැදුම ටිකක් හොඳයි. විශේෂයෙන්ම ඒක එවෙලෙ බැදල තියෙන්නෙ. අනික ක්‍රිස්පි ගතියෙනුත් අනූනයි. ඉස්සො රසත් ටොප් එකටම. ඒ විතරක් නෙවෙයි, ඒකත් එක්ක ෆ්‍රෙන්ච් ෆ්‍රයිසුත් එනවනෙ. සෝස්, මයොනිස් පොඩ්ඩක් ගා ගත්තම කටට රහට කන්න පුළුවන්. හැබැයි ඉතින් වැල්ල පැත්තෙ කොල්ලෙක් ආවොත් නම් ගහනව පිඟාන පොළවෙ. ඇයි ඒකෙත් රු. 1290ට මැඳගිල්ලක් සයිස් ඉස්සො 10දෙනයිනෙ.

බියර් බල්ලට ගියාදෙන් කියල දැන් සරිතයටයි මටයි අසූහාරදාහට නැගල.

“බලහංකො බං. කට්ටිය මේ පොෂ් පොෂ් කියල ඇවිල්ල කන්නෙ මේවද? ෂිකේ බං. නැගිටල යනවද තව මොනවහරි ගෙන්නල බලනවද? උඹම කියාන්කො”

“දැන් ඉතින් මොනව කරන්නද ඉතිං. ඔන්න ඔහෙ තව ජාතියක් දෙකක් ගෙන්නල බලමු. දැන් දේශානිලත් එයිනෙ.”

කරන්න දෙයක් නැතිම තැන ආයෙත් මෙනුව බලපු අපි දෙන්න බොහොම පරිස්සමට කල්පනා කරල සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකකුයි ග්‍රිල්ඩ් චිකන් එකකුයි ගෙන්නුව.

අන්න ඒ පාර!

මුලින්ම රස බැලුවෙ ග්‍රිල්ඩ් චිකන් එක. ඒක නම් පංකාදු පහයි. රු. 835ට තඩි චිකන් පලු දෙකක් පදමට ග්‍රිල්ඩ් කරල. රස වෑහෙන සෝස් එකකුත් උඩින් දාලා.. ආ… තව තම්බපු එළවලුත් සෑහෙන ප්‍රමාණයක් වට කරල තිබ්බ. ඇත්තටම ඒ චිකන් කෑල්ලෙ රස නම් සුපිරි. බියර් වලට හරියන ගාණට මිරිස්, ලුණු පදමත් ගලපලා…

ඒකට දෙවනි නෑ කියන්නකො ෆ්‍රයිඩ් රයිස් එක.

සරිතුයි මායි විතරක් නෙවෙයි මගදි සෙට් වෙච්ච දේශානිලත් ඒකෙ සීෆුඩ් හෙව්ව. අනේ… නෝර්මල් ඉස්ස කෑලි වලට කපල දාලා තිබ්බෙ යාළු. දැල්ලො එහෙම… හිටියද මංදා. මාළුත්…?  හැබැයි ක්‍රෂර් එකේ දාපු කැරට් ලීක්ස් වගයක්ද කොහෙද නම් දාලා තිබ්බ. අනේ! අන්තිමට ඒ රු. 660ත් අපරාදෙ.

තව මුකුත් කියන්නෙ නෑ. අර ඔයාලට අයිඩියා එකක් ගන්න ඕන නිසා කියන්නෙ යාළු. දේශානිල ආවට පස්සෙ ඕඩර් කරපු පෝර්ක් ඩෙවිල් එක. ඒකෙ නම් රස හොඳයි. හොඳ සැරට, සෝස් ජාතිත් දෙක තුනක් දාලා ලූණු, මාළු මිරිස් එහෙමත් පොඩි පොඩියට දාලා… හැරත් අර හීනියට ලියල තිබ්බ පෝර්ක් කෑලි ගැඹුරු තෙලේ බැදලනෙ. ඉතින්… රු. 625ට?

එක්කො ඕන නෑ.

කිව්වට විශ්වාස කරන්න යාළු, එදා බිව්වෙ නම් අන්තිමට, දුකට හොඳේ… අමුවෙන් ගැහුව වගේ තමයි. ඇයි ඉතින් බයිට් නෑනෙ?

අපරාදෙ සල්ලි තමයි අවසානයෙ!


TIP

You can send your drink back if you're not happy with it. The staff are happy to help.

Address

11 Marine Drive, Colombo 6

Directions

If you're coming from Wellawatte, it's to your left, just before you enter Bambalapitiya.

Contacts

Facebook

Report Inaccuracy

Closed right now

Cuisine

Pub Food

Price Range

Between Rs. 500 - Rs. 1000

Dish Types

Alcoholic Spirits Bites


Similar Places

User Reviews
L
1

5/5

0

luckmal

My favorite I place for a beer and kottu

L
1

5/5

0

luckmal

My favorite I place for a beer and kottu

See 1 Comment