Artwork for Coke with food - top banner 1
Artwork for Yamu Promo Top Banner
Artwork for TEMP_sidebar Artwork for Excel restaurants sidebar banner 2

3/5

China Doll

8 Alfred House Avenue, Colombo 3


China Doll, once a fresh entry into the Chinese Restaurant tamasha is no longer the jaw dropping experience it once was.



චයිනා ඩෝල් ඉස්සර පිටත ගෙන යන්නට කෑම අලෙවි කිරීම හා නිවසට කෑම ගෙනැවිත් දීම කළ තැනක්. දැන් චයිනා ඩෝල් ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියුහි ලොකු, ලස්සන අවන්හලක් විවෘත කරලා. එහි මෙනුවේ කලින් නිවසට ගෙනත් කෑම ගත් අයගේ ප්‍රියතම ආහාර වෙලා තිබුණ චිකන් විං සමග නූඩ්ල්ස්  වගේ ම පවුලේ අයට සත්කාර කරන්න යෝග්‍ය ආසියානු භෝජන වන පෙනෑං කරි, උණු බටර් දැල්ලෝ, සිංගප්පූරු මිරිස් කකුළුවෝ ආදියත් තිබෙනවා.

අපි ටික කලකට ඉහත චයිනා ඩෝල් නිවෙසට ගෙනැවිත් දීමේ සේවාව ගැන ලිව්වා. මම ඔවුන්ගේ භෝජනවලට ආසා කරන්න කැමතියි. ඔවුන්ගේ වෙළඳ ලාංඡනය ලස්සනයි. ගෙනැවිත් දීමේ ‍සේවාවන් හොඳයි. ඒත්, මම හැම විට ම ‍ටිකක් කලකිරුණා. නූඩ්ල්ස් හැම තිස්සේ ම මඳක් පැණි රස වැඩියි. සාමාන්‍යයෙන් මොකක් හරි අඩු වගේ. සමහර විට ෆ්ලවර් ඩ්‍රම්, Kinjou වැනි තැන් නිසා අපගේ දිව හුරු වී තිබෙන MSG හෙවත් අජිනොමොටෝ සාන්ද්‍රණය මේ කෑමවල අඩු නිසා වෙන්න ඇති.

හැබැයි, අර ගෙනැවිත් දීමේ සේවාව අසමත් වූ දෙය මේ අලුත් අවන්හල විසින් සාර්ථකව කරනවා. අප ගියේ එය විවෘත කරන ලද මුල් දිනවල වුණත්, ඔවුන්ගේ සේවාව විශිෂ්ටයි. ඔවුහු හැම පුංචි දෙයක් ගැන ම සැලකිලිමත්. පාරිභෝගිකයකුට ආහාර විස වීම නිසා කලබල නො වන වේටර්වරයෙක් සිටින එක නගරයේ අවන්හලකට සම්පතක්.

ඔවුන්ගේ කෑමත් හොඳයි. ලංකාවේ චීන අවන්හල් කැපී පෙනෙන දෙවර්ගයකට අයත් වෙනවා. එක් වර්ගයක් දැඩිව ම ශ්‍රී ලාංකික චීන අවන්හල්. ඒවායේ තිබෙන්නේ සෑහෙන්න MSG යෙදූ උනු බටර් දැල්ලෝ, සුදුළූනු කන්කුන් හා සෝයාවල පොඟවන ලද චිකන් ආදිය සමග පිරිනමනු ලබන සැර-ලුණු රස බත් කඳු. මේවායේ මුල චීනයේ කොහේ හෝ ඇති. ඒත්, දැන් ඒවා මිරිස්‍ ලෝලී ලාංකිකයන්ගේ කටට ගැලපෙන විදියට පරිණාමය වෙලා. ඉතින් සූප ශාස්ත්‍ර ඇසකින් බැලුවාම මේ ශ්‍රී ලාංකික චීන ආහාරත්, සැබෑ චීන අවන්හල් විසින් පිරිනමනු ලබන ඩම්ප්ලිං, පිකල්ඩ් බිත්තර, දුරු යොදා පිසින ලද මස්, ෆන්ගස්, ඇලබෝන් ආදියත් අතර සුවිසල් වෙනසක් තිබෙනවා.

චයිනා ඩෝල් මේ අවන්හල් වර්ග දෙක අතර තිබෙන තැනක්. එහි ආහාර ශ්‍රී ලාංකික චීන කෑම හෝ සැබෑ චීන කෑම නොවෙයි. ඒ භෝජන කලාව වෙනත් ආසියානු රටවලින් සෑහෙන්න ආභාසය ලැබූ එකක්. අපි ඔවුන්ගේ ගෙනැවිත් දීමේ ‍සේවාවට කැමති අය නොවෙයි. ඒත්, ඔවුන්ගේ අවන්හලේ පිරිනමන බත්, ව්‍යංජන ආදිය නම් සෑහෙන්න හොඳයි.

නිදසුනක් ලෙස චිකන් වොන්ටන් ගනිමු. මෘදු චිකන් නගට් එකක් ව‍ටේට දවටන ලද ඇති මෘදු, පහසුවෙන් කැඩෙනසුළු දවටනය දීප්තිමත් තැඹිලි පැහැති සිෂුවාන් තෙල්වලිනුත් තාරකා අසමෝදගම් හෙවත් star aniseවලිනුත් රසවත් හා අලංකාර කරලා. එළවළු සමග බදින ලද බත් ද වෙනස්. එහි එළවළු ගොඩයි. සාමාන්‍යයෙන් තිබෙනවාට වඩා වැඩියි. ශක්තිය සපිරි ආහාරවල තිබෙන පීස්, ගම්මිරිස්, බේබි කෝන් එහි කැපී පෙනෙනවා. එය රසවත් කර තිබෙන්නේ අජිනොමොටෝ ගොඩ ගහලා නොවෙයි. බිත්තර හා වෙනත් ස්වභාවික ද්‍රව්‍යවලින්.

අන්තිමට මිළ ගැන කතා කරමු. එය ඇත්තෙන් ම සෑහෙන්න මිළට වටිනවා. ආරම්භක ආහාරයකුත්, බල්ලකුට ගෙන යන්න බෑගයක් පුරා ඉතිරි වූ දේත් එක්ක සියල්ලට මිළ රු. 2100යි. මෙතැන ඇත්තෙන් ම ගිහින් කෑම කාලා බලන්න වටින තැනක්. ස්ථානයත් සුන්දරයි. බිත්තිවල ලස්සන චිත්‍රත් තිබෙනවා. සංගීතයත් මිහිරියි. කෑම ලංකාවේ සාමාන්‍යයෙන් ලැබෙන ශ්‍රී ලාංකික චීන කෑමවල රසයන්ගෙන් සපුරා වෙනස්. සමස්තයක් ලෙස රසවත් අත්දැකීමක් වූ එය අපි ඔබට ඉහළින් ම නිර්දේශ කරනවා.

TIP

Try going for a dry dish of prawns or cuttlefish, those still seem to be alright.
All Reviews

China Doll, once a fresh entry into the Chinese Restaurant tamasha is no longer the jaw dropping experience it once was.

China Doll has been known in the past for its awesome variety of well prepared noodles, wonton and fried rice, but lately their food just hasn't been up to the same mark.

The former delivery/take away only China Doll has opened up a large and lovely restaurant on Alfred House Avenue. The menu includes the delivery favourite noodles and chicken wings while also branching into big family servings of popular Chinese dishes: penang curries, hot butter cuttlefish, singapore chilli crab, the works

සිංහල චයිනා ඩෝල් ඉස්සර පිටත ගෙන යන්නට කෑම අලෙවි කිරීම හා නිවසට කෑම ගෙනැවිත් දීම කළ තැනක්. දැන් චයිනා ඩෝල් ඇල්ෆ්‍රඩ් හවුස් ඇවනියුහි ලොකු, ලස්සන අවන්හලක් විවෘත කරලා. එහි මෙනුවේ කලින් නිවසට ගෙනත් කෑම ගත් අයගේ ප්‍රියතම ආහාර වෙලා තිබුණ චිකන් විං සමග නූඩ්ල්ස් වගේ ම පවුලේ අයට සත්කාර කරන්න යෝග්‍ය ආසියානු භෝජන වන පෙනෑං කරි, උණු බටර් දැල්ලෝ, සිංගප්පූරු මිරිස් කකුළුවෝ ආදියත් තිබෙනවා.

Address

8 Alfred House Avenue, Colombo 3

Directions

Alfred House Avenue is a one-way street towards Galle Road, so one way to get there is through Alfred House Gardens off Galle Road - make two rights when you drive in. Or find the Dialog Arcade on the old Duplication Road, and turn right there.

Contacts

Facebook Website

Report Inaccuracy

This place has closed down

Cuisine

Chinese

Price Range

Between Rs. 200 - Rs. 500

Dish Types

Noodles

Ratings Breakdown

Overall Rating
3
Quality Rating
3
Service Rating
2
Ambience Rating
2
User Reviews
K
1

5/5

0

KrishniIresha

Came for dinner last night ( 11/12/12) as always the service was just superb !! Tried a new dish, a thai dish… it was superb !!!! Good portion too !!

K
1

5/5

0

KrishniIresha

Love them !! Me and my friends had the weirdest craving in the evening for tom yum as my friend was sick and alllllll the places in Colombo refused to serve us and these guys opened for us and served us really well… Probably the best customer service place in town !! KEEP UP THE GOOD WORK GUYS !!

K
1

5/5

0

KrishniIresha

Came for dinner last night ( 11/12/12) as always the service was just superb !! Tried a new dish, a thai dish… it was superb !!!! Good portion too !!

K
1

5/5

0

KrishniIresha

Love them !! Me and my friends had the weirdest craving in the evening for tom yum as my friend was sick and alllllll the places in Colombo refused to serve us and these guys opened for us and served us really well… Probably the best customer service place in town !! KEEP UP THE GOOD WORK GUYS !!

See 30 Comments