Artwork for Senora delivery temp tb 1
Artwork for Astra Mayo top banner 2
Artwork for Alerics SBB 1 Artwork for new flash SBB 1

4/5

China Doll (Delivery)

8 Alfred House Avenue, Colombo 3


China Doll runs a reliable and good delivery service. It's not your usual Chinese (no MSG for example) but it's creative, tasty and original.



මේ අප ආදරය කරන්නට කැමති තැනක්. ලංකාවේ සාමාන්‍ය චීන ආහාරවලින් බොහෝ දුර ගිය පුළුල් පරාසයක නැගෙනහිර ආසියාතික ආහාර පිරිනමන මෙය පවත්වාගෙන යන්නේ තමන් කරන්නේ කුමක්ද යන්න දන්නා පිරිසකි. ඒ කෑම ඉක්මණින් ඔබේ දොරකොඩටම ගෙනත්ද දෙනු ලැබේ.

පිරිනැමුම් අතර char kway teow, mee siam, මුහුදු ආහාර laksa - සත්තකින්ම සාමාන්‍ය පැණිරස හා ඇඹුල් රස ඌරුමස් පියවර කීපයකින් ඉක්මවා ගිය ඌරුමස් ආදිය එහි පිරිනැමෙනවා.  ඔවුන්ගේ වෙබ් අඩවියත් ඉතා හොඳ එකකි. පුංචි කාරණාවලට පවා සැලකිලිමත්ව නිමවන ලද එහි එහා මෙහා යාම පහසුයි. මනස්කාන්ත කෑම පෙට්ටිද ඇත. ගෙදරට ඉත්මණින් ගෙනැවිත් දෙන සේවාව විශිෂ්ටයි.

අන්තර්ජාලය හරහා පහසුවෙන් ඇණවුම් කළහැකි සේවාව ඔස්සේ අපි අ‍පගේ ඇණවුම් ඇතුළත් චයිනා ඩොල් ගැන අසා ඇති විවරණ තුළින් ඇතිකරගත් බලාපොරොත්තු සහිතවයි. අපි ඇණවුම් කළේ නාසිගුරාං (රු.449), char kway teow (රු. 419) කළ බෝංච් සෝස් සමග නූඩ්ල්ස් (රු. 439). මිළ ගණන් හොඳයි. වෙබ් අඩවියේ ඡායාරූප කටට කෙළ උනවන්න සමත්. ගෙදරට ගෙනැවිත් දෙන්නා විනාඩි තිහෙන් දෙහිවලට ආවා. සියල්ල හරිම හොඳයි, හැබැයි, කෑමගැනීම පටන්ගන්නකල්.

මුල්ම ප්‍රශ්නය වුණේ නාසිගුරාං සමග අපි ඇණවම් කළ කළු ගම්මිරිස් චිකන් වෙනුවට අපට ලැබී තිබුණේ රතුපාට චිකන් කරි විශේෂයක්. ඒත්, කමක් නැහැ, මේ ආහාර වේල මිළ අඩු හා රසවත් වුණානම්. මිළ අඩු බව ඇත්ත. ඒත්, රසවත්කම? ඇත්තෙන්ම එය රසවත් නැහැ. එතන තමයි, ප්‍රධාන බලාපොරොත්තු සුන්කිරීම.

හැමදෙයක්ම ටිකක් පැතලියි. char kway teow සමග මුහුදු ආහාර ගොඩක් තිබුණත් ඒවා රස නැහැ. කළු බෝංචි සෝස් සමග නූඩ්ල්ස් වුණත් රසෙන් අඩුයි. මේ ගැන හොඳම අදහස් දැක්වීම කළේ ශ්‍රැති තමයි. ඇගේ අදහස් දැක්වීම වුණේ මේවා බටහිරින් ගත් නැගෙනහිර ඉන්දීය කෑම වගේය කියා.  මොළොක් හා පුරුදු රසයෙන් තොර ආහාර. ඔබටකැමති අන්දමින්  ලුණු සහ මිරිස් එකතු කරගන්න පුළුවන් බව ඇත්ත. ඒත්, ‍ලාංකිකයන් කැමති සුදුළූනු, ඉඟුරු වැනි කුළුබඩු රසයන් එහි තිබුණේ නැහැ.

නාසිගුරාං අත්දැකීම සාරාංශගත කරනවානම්, ගම්මිරිස් චිකන්එකනැතුවත් එය කන්න පුළුවන්. ඒත් පාර අයිනේ බත් කඩයකින් දෙන රසයවත් එහි තිබුණේ නැහැ. චයි‍නා ඩෝල් නාසිගුරාං වෙනුවට අපි පාර අයිනේ බත් කඩයක නාසිගුරාං මිළදී ගන්නවානම් අපි තෝරන්නේ  මිලෙනියම් අවන්හල. ඒත්, එතැනින් ඔබේ නිවසට කෑම ගෙන එන්නේ නැහැ.

මූලික වශයෙන් වැදගත් වන්නේ කෑමවල රසයි. සවිස්තර මෙනූපත්, සුන්දර ඇසුරුම්, ගෙදරට ගෙනැවිත්දීමේ වේගවත්කම ආදී හැමදෙයකටම වඩා වැදගත් වන්නේ කෑමවල රසයි. නැතිවුණේ එයයි. බත්කඩයක හෝ සාමාන්‍ය චයිනීස් ජොයින්ට් එකක කෑමට වඩා ඒවා රසවත් වුණේ නැහැ.

අපිට ඇත්තෙන්ම ඕනැ වුණා මේ ස්ථානයට කැමති වෙන්න. අපේ මිතුරන් බොහෝදෙනෙක් එතැන ගැන හොඳ කියන නිසා අපි කැමතියි එතැනට දෙවන අවස්ථාවක් දෙන්න. ඒත්, ළඟදී නම් නොවෙයි. අපේ චයිනා ඩෝල් ලෝලීන් අපට කියනවානම් ඔවුන්ගේ ප්‍රියතම කෑම  ගැන එවැනි දෙවෙනි අවස්ථාවකදී අපට එය උදව්වක් වේවි තෝරාගැනීම්වලදී.

TIP

You can order online via their website. Works quite well.


Similar Places

Have you visited this place?

Write your own review!
See 19 Comments