Artwork for New PickMe Flash banner 15 June 2021
Artwork for PickMe marketplace sidebar banner -temp Artwork for Coffee post sidebar 1-Aga coffee

3/5

Chinese Dragon Cafe (Fort)

No. 07, Canal Row Road, Colombo 01


Another branch of popular Chinese Dragon Cafe.



චයිනීස් ඩ්‍රැගන් කැෆේ කියන්නෙ ලංකන් චයිනීස් කෑමවලට ටිකක් ප්‍රසිද්ධ තැනක් නේ. මෙයාලගෙ ශාඛා කීපයක් ම කොළඹ අවට තැන් තැන්වල තියනවා. චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ කොටුවෙ තියන බ්‍රාන්ච් එකට ළඟදි අපි ගියා. ඒ විස්තරේ තමයි මේ.

තැන

මේක තියෙන්නේ ඩච් හොස්පිටල් එකට ඇතුළු වෙනකොට ම වගේ. රෙස්ටොරන්ට් එකේ වාතාවරණය සාමාන්‍යයි. ලොකු අමුත්තක් නෑ. පිරිසිදු, පිළිවෙළ, ප්‍රසන්න තැනක් කියන්න පුළුවන්. අපි ගියේ රෑ කෑම වෙලාවෙ. එවෙලේ රෙස්ටොරන්ට් එකට ඇවිත් හිටියෙ කීප දෙනයි. ඒ නිසා අපිට කලබලයක් නැතුව නිදහසේ කන්න පුළුවන් වුණා.

කෑම

ස්ටාටර් එකක් විදිහට අපි ඕඩර් කළා ප්‍රෝන් ටෝස්ට් එකක්. (රු. 610) උණු උණුවෙ දුම් දදා ඉස්සො පුරවලා ආපු මේක හොඳට රන්වන් පාට වෙන්න බැදිලා තිබුණා. උඩින් තල ඇට ගොඩක් ඉහලා නිසා ක්‍රිස්පි ගතිය දෙගුණ වෙලා. ඒත් සෑහෙන තෙල් ගතියයි. මේකට ආපු සෝස් එක නං මරු. සැරයි පැණි රසයි තකට තක මික්ස් වුණ තික් සෝස් එකක්.

මේ තියෙන්නේ අපේ චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. (රු. 570) දෙන්නෙකුට බඩ පැලෙන්න කන්න ඇති. චිකන් කෑලි, බිත්තර කෑලි, ලීක්ස්, කැරට් ඔක්කොම මික්ස් කරලා. බත් ටික හොඳට තැම්බිලා. සාමාන්‍යයෙන් චයිනීස් කඩවලින් හම්බෙන ෆ්‍රයිඩ් රයිස් සෑහෙන වේලිලා නේ. ඒත් මේක හොඳ සොෆ්ට් සහ මොයිස්ට් ගතියට තිබුණා.

මෙන්න මේ මැන්චූරියන් චිකන් පෝෂන් එක (රු. 505) දෙන්නෙකුට හොඳ ගාණයි. අපි ගත්තේ හැම එකකින් ම ස්මෝල් පෝෂන්ස්. ලාජ් එක ගත්තොත් හතර දෙනෙකුට විතර ඇති වෙයි මං හිතන්නෙ. මේ චිකන් එක ටිකක් විතර ස්පයිසි. හැබැයි සෝස් මහ ගොඩක් දාල නිසා සෝස් රසෙන් චිකන්වල රස යට ගිහින්.

චයිනීස් කඩේකින් කද්දි අමතක කරන්න බැරි ජාතියක් නෙ හොට් බටර් කට්ල්ෆිෂ්. චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ හොට් බටර් කට්ල්ෆිෂ් එක (රු. 1125) රන්වන් පාටට ෆ්‍රයි වෙලා ක්‍රිස්පි ගතියට තිබුණට මොකෝ හොඳටෝම ලුණු. ලීක්ස්, මාළුමිරිස් කෑලි එහෙමත් එකතු කරලා රස කරල තිබුණා.

මීට අමතරව චිලි පේස්ට් එහෙමත් මදි පාඩුවට තිබුණ නිසා බඩ පැලෙන්න කන්න නං අපිට පුළුවන්කම තිබුණා. හැබැයි ඉතිං කාල ඉවර වුණාම බඩට බර වැඩි ගතියයි, දිව ගිලෙන්න වගේ එන, කොච්චර වතුර බිව්වත් නිවෙන්නේ නැති තිබහයි තමයි ඉවසන්න බැරි. අපි මෙයාලගෙන් ෆෘට් ජූස් ඕඩර් කරන්න බැලුවට ඒවා අවේලබල් නෑ කිව්වා. එවෙලේ තිබුණේ සොෆ්ට් ඩ්‍රින්ක්ස් විතරයි.

සර්විස් එක

ස්ටාෆ් එක ගැන විශේෂයෙන් කියන්න දෙයක් නෑ. කෑම ටික මේසෙට එන්න නං විනාඩි විස්සක් විසි පහක් විතර ගියා. 

අවසාන වශයෙන්

චයිනීස් කන්න බඩගින්නක් ආවොත් මේ පැත්තෙත් ගිහින් බැලුවට කාරි නෑ. හැබැයි කෑමවල ලුණු රහයි, කාල ඉවර වුණාම එන තිබහයි ගැනත් මතක තියාගෙනම යන්න!


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment