Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

4/5

Chocoholics

506, Havelock Rd, Colombo 05


They put chocolate on everything.



ඔය චොකලට් කියන්නේ ගෑවිචච තැන කන්න පුළුවන් කෑමක්නේ. කොටින් ම කිව්වොත් සමහරු කතාවට කියන්නේ චොකලට්වලට අකමැති ඈයෙක් හොයාගන්න එක කළුනික හොයනවා වගේ වැඩක් ය කියලා. අන්න ඒ කතාවට එක පයින් එකඟවෙන දෙන්නෙක් තමයි අපේ මේ දේශානි සහ දිනිති (සහ මම).

කෑම බීම ඕනේ ම එකක, මදි නොකියන්න චොකලට් දාන, චොකලට් පෙරේතයින් සඳහා ම වෙන්වුණු රෙස්ටෝරන්ට් එකක්, මීට මාස කීපයකට උඩදී පටන් ගැනුණා. මේකේ නම චොකොහොලික්ස්. ඉතින් ඔෆිස් එකේ ම ඉන්න තවත් චොකලට් කෑදරන් දෙන්නෙක් ව පිරිවරාගත්ත මම, පහුගිය දවසක මේ පැත්තට ඇදුණේ හිතේ හැටියට චොකලට් කෑම ටිකක් රස විඳලා එන්නයි.

තැන

චොකොහොලික්ස් එක තියෙන්නේ හැව්ලොක් රෝඩ් එකේ. සිග්මා එකට මෙහායින් තියෙන වට රවුමෙන් හැව්ලොක් රෝඩ් එකට දාපු ගමන් ම වගේ. චොකලට් පාටට ම හදපු බිත්ති ටිකයි Chocoholics බෝඩ් එකයි නිසා දුරට වුණත් හඳුනාගන්න පුළුවන්.

තට්ටු දෙකක් පුරා පැතිරුණු මේ රෙස්ටෝරන්ට් එකේ එක සැරේකට විසි දෙනෙක්ට වගේ කෑම බීම ගන්න පුළුවන් විදියට ඉඩ සලස්වලා තියෙනවා. මේකේ බිත්ති, පුටු සේරගේ ම තියෙන්නේ දුඹුරු පාට විතරයි. ඒක අවුලක් ම නැහැ, ඒ වුණාට අපේ දේශානිත් කිව්වේ තව මොනවා හරි පාට කීපයක් කෝර්ඩිනේට් කරලා ඉන්ටීරියර් එක ටිකක් හැඩ කළා නම් තමයි තවත් හැඩ කියලා.

කෑම බීම

අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ, චොකලට් නැති කෑමක් මේ රෙස්ටෝරන්ට් එකේ ඇත්තේ ම නැහැ. කෑම බීම ඕනේ ම එකක අඩුවක් පාඩුවක් නැතුව චොකලට් දැකගන්න පුළුවන්. වොෆල්, පෑන්කේක්, ක්‍රේප්, මිල්ක්ෂේක් ආදී වශයෙන් කෑම බීම තොගයක් මේ මෙනුවෙන් දැකගන්න ලැබෙනවා.

අපි ඕඩර් කරපු Mixed Fruit Pancake (රු.1200) එක සුපිරි. සම්පූර්ණයෙන් ම චොකලට්වලින් වැහුණු, දෙපැත්ත ම රන්වන් පාට වෙන්න හදපු රස ම රස පෑන්කේක් 4,5ක් ම මේ පිඟානේ තිබුණා. ඒ විතරක්යැ, ස්ට්‍රෝබෙරි කීපයක්, මිදි, ඊළඟට පෙති කපපු කෙසෙල් ටිකකුත් මේකේ පැත්තකින් තියලනේ. ඒවාට උඩිනුත් චොකලට් වත් කරලා. ඉතින් කන්නද අප්පේ බැරි?

ඔය Chocoholics Classic (රු.1100) කියන්නේ මේ කට්ටියගේ වොෆල් සෙට් එකෙන් එකක්. මේකත් නියමයි. බොහොම ෆ්ලෆී විදියට හදපු වොෆල් එකක් මැද්දට, ස්ට්‍රෝබෙරි තොගයක් පුරවලා වොෆල් එක උඩිනුයි, ස්ට්‍රෝබෙරි ටික උඩිනුයි චොකලට් වත් කරලා හදපු මේ වොෆල් එක කන්න අපි තුන්දෙනාට විනාඩි පහක් යන්නේ නැතුව ඇති. මොකද මේ වොෆල් එක පිට පැත්තෙන් ක්‍රිස්පි වුණාට ඇතුළෙන් හරි ම සොෆ්ට්. අනික මේකත් එක්ක එනවා තව චොකලට් ෂොට් එකකුත්. ඒ නිසා තවත් චොකලට් රස ඕනේ අයට, ඒ චොකලට් සෝස් එකත් දාගන්න ඇහැකි. ඕවා විතරක් නම් මදැයි! මේකට වැනිලා අයිස්ක්‍රීම් එකකුත් එනවනේ.

බීමට අපි ගත්ත Hot Chocolate Viennois (රු.699) එක එච්චර ගැම්මක් නැහැ. මොකද නම හොට් චොකලට් වුණාට මේක හොට් නැහැනේ. උණු ගතිය තිබුණේ හරි ම ලාවට. අනික උඩින් දාලා තියෙන මාශ්මෙලෝ ප්‍රමාණයත් වැඩියි. ඒ නිසා පොඩ්ඩක් පැණි රසත් වැඩියි. ඒ සීනි රස මැද්දෙන් චොකලට් රස එන්නේ යන්තමට වගේ.

ඒකට බලන්න එපැයි Coffee Cooler (රු.599) එකේ රස. චොකලට් රසයි, කෝපි රසයි නියමෙට ගළපපු මිල්ක්ෂේක් එකක් මේක. වැනිලා අයිස්ක්‍රීම් එකෙන් එන උකු ගතිය මේකේ හොඳට ම තිබුණා.

අපි තව ගත්තා Strawberry Mojito (රු.499) එකකුත්. ඒකත් පංකාදු පහයි! මේ දවස්වල රස්නෙට කියාපු බීම එක. ස්ට්‍රෝබෙරිවල රසත් එක්ක එන හරි ම රිෆ්‍රෙෂින් ටේස්ට් එකක් මේකෙන් දැනුණා. තිබහට වගේ ම මහන්සිය යවාගන්නත් මරු! කොහොම වුණත් මේ මොහීටෝ එකේ මින්ට් ගතිය එන්න මොනවහරි සිරප් එකක් දාලා තියෙන වග නම් හොඳට ම තේරුණා. මොකද ස්වාභාවික මින්ට් කොළවලින් එන මින්ට් රසට වඩා තරමක සැර එකක් තමයි මේ බීමෙන් ආවේ.

සර්විස් එක

චොකොහොලික්ස් එකේ සර්විස් එක සෑහෙන්න හොඳයි. රෙස්ටෝරන්ට් එකට ගොඩ වෙද්දී ම ඕඩර් එක දාගෙන ආව ම, කෑම බීම ටික මේසෙට එන්න යන්නේ විනාඩි 10ක වගේ කාලයක්. අනික මෙනුවේ තියෙන කෑම බීමවල වගතුග ගැනත් මේ ස්ටාෆ් එකේ අයට හොඳ අවබෝධයක් තියෙනවා.

අවසාන වශයෙන්

කොච්චර දුන්නත් බෑ නොකියා චොකලට් කන්න කැමති උදවියට කියාපු ම තැනක් විදියට මේ චොකොහොලික්ස් එක හඳුන්වන්න පුළුවන්. චොකලට් හැරෙන්න වැදගත් වෙන කිසිම දෙයක් මේ රෙස්ටෝරන්ට් එකේ නැහැ. ගණන් හිලව් එක්ක බැලුව ම නම් පොඩ්ඩක් විතර වැඩියි කියලත් හිතෙන්න පුළුවන්. හැබැයි මේ ගොඩක් කෑම දෙන්නෙක්ට බෙදාගෙන කන්න පුළුවන් විදියේ ෆිලින් ඒවා නිසා, ඒ හැටි ගැටලුවක් වෙන එකක් නැහැ.


TIP

Get the Chocoholics stack!

User Reviews
B
6

4/5

0

BaileyDar

They have AWESOME waffles! A bit too expensive…

B
6

4/5

0

BaileyDar

They have AWESOME waffles! A bit too expensive…

See 2 Comments