Artwork for Coke with food - top banner
Artwork for Heroes top banner 2
Artwork for amex sidebar banner Artwork for Promotional Artwork

4/5

Chocoholics

506, Havelock Rd, Colombo 05

Get it delivered on Pickme Food

They put chocolate on everything.



අර මිස්ට පැස්ටා ගිහින් යාළුව ඉස්සරහ චාටර් වෙච්ච දවසෙ?

මෙන්න මේ චොකෝලික්ස් එක නොතිබ්බ නම් ආයෙ රෙද්දක් ඇඳගෙන පාරෙ යන්න නෙවෙයි. ඇයි අප්ප ඒ කෑම...

එක්කො ඕන නෑ. මතක් කරන්නවත් ඕන නෑ.

කොහොම හරි ඉතින් එතනින් සනික වීල් එකකට ගොඩවෙලා ආවා හැව්ලොක් ටවුන් මේ ප්ලේස් එකට. ඇවිල්ල හෙමින් සැරේ නිදහස් අයිනක් අල්ලල ගැළපුනා. හිතටත් අවුල්, බඩටත් අවුල්... අනේ මන්දා.

වෙලාවට වාඩිවෙච්ච අනික් පැත්තට සේවක මිත්‍රයෙක් ඇවිල්ල මෙනුව දීලා ගියේ.

“බලාං බං ඔන්න ඔය හොඳ දෙයක්. උබ කැමති දෙයක් ගමු”

“ඒම අවුල් ගන්න එපා බං. උබ දැනගෙන ගියැයි එතනට. ඉඳාන්කො ඉඳාන්කො අපි මෙතනින් ගමු... ඩෙසට් එකට විතරක් නෙවෙයි, ඩයට් එකටත් හරියන්න ම. ම්ම්... මොකෝ කියන්නෙ ක්‍රිස්පි ක්‍රේප් (රු. 900) එකක්. ඒකයි... බොන්න කැෆේ මොකා (රු. 500) එකකුයි”

“අඩෙහ්, ඒක නම් එළ අදහස ඈ. ඒනං මං ගන්නව පීනට් බටර් වොෆල් (රු. 800) එකක්. මෙහ් ඒක නෙවෙයි, හදිස්සියෙවත් දෙකම මදි වුණොත් කියල, සිනමන් පෑන් කේක් (රු. 600) එකකුත් ගමුද?”

“හෑ... කොල්ල අල්ලන්න වගේ යන්නෙ කලින් එකේ ඇරියස් එකත් එක්කම. එළ එළ බං ගමු ඒනං. ආයෙ කන්න බැරියැ අපි දෙන්නට, ඊටත් චොකලට්”

කිව්වට විශ්වාස කරනන යාළු සේවක මිත්‍රයත් හොල්මන්.

“ඔක්කොම කෑමටද සර්...”

“ඔව් ඔව්. ඔක්කොම ටේබල් ගේන්න. ඉතුරු වුණොත් ටේකවේ දාගන්න පුළුවන්නෙ”

“හා සර්”

පස්සෙ ඉතින් විනාඩි 10-15ක පුංචි කතාබහක්. වෙලාවට ඒ අතරෙ නම් අර කඩේ ගැන ඇදුණෙ නෑ. නැත්නම් මේ කෑමත් එපා වෙනව. එහෙම ඉඳිද්දි, ඉඳිද්දී... මුලින්ම මේසෙට ආවෙ කැෆේ මොකා එක. යාළුව තමයි ඒකෙ වගකීම ගත්තෙ. සීනි පැකට් එකක් එහෙමත් දාලා... දන්නැද්ද. හැබැයි එයා බීපු පළවෙනි උගුරෙන්ම, මට වැඩේ තේරුණා...

“අඩෙහ් මටත් තියාං ඈ...”

“හරි හරි. ඉඳිං බීලා දෙන්නං. එතකං, ඔන්න ඔය එකක් ගලපාන්කො”

විශ්වාසය තියල, මම අතට ගත්ත ක්‍රේප් එක. අරගෙන ඉතින් අයිනෙන් කෑල්ලක් කපල, හෙමින් සැරේ ගැලපුව කටට. ස්… හීතල වෙලා ගියේ යාළු, උණු උණු චොක්ට් එකට. නිකම් අමෘතය වගේ. අර වෙනමම දුන්නු ඩාර්ක් චොකෝ ෂොට් එකත් මම උඩින් හලාගත්තනෙ. ඉතින් කට ඇලෙනව, රස නහර පිනා යනව, ආ...ස හිතනෙව අප්ප. අනික ඒ ක්‍රෙප් එකේ තිබ්බ ෆ්‍රෙෂ් ගතියයි, ක්‍රිස්පි ගතියයි... මැද්දට දාලා තිබ්බ ස්ට්‍රෝබෙරි, රයිස් ක්‍රිස්පි තොගයයි... හප්පේ කතහැකි ඉතින් මත්වෙලා වැටෙන ගාණට. ඇත්තටම පුදුම රසක් ඈ...

ඒත් කොහෙද මම ඒකෙන් කට දෙක රස බලද්දි යාළුවට වැඩේ තේරිලා, එයා ඉල්ලගත්තනෙ ඒක. පස්සෙ මට උරුම වුණා ලටේ එක.

උගුරයි දෙකයි බිව්වෙ. ෂප්පේ… මට හිතාගන්න බැරුව ගියා ආයෙ ඒක කනවද මේක බොනවද කියල. ඒ තරම් රසයි හොඳේ. හොඳ කොලිටි, තද කෝපි රසත් එක්ක පදමට එකතු වුණු කිරියි... ඩාර්ක් චොක්ලටුයි! හිතා ගන්න පුළුවන්නේ... ආන් ලටේ ඈ...

ඔය අතරෙ ලටේ එක ඉවර නොකරම මම බැස්ස පීනට් බටර් වොෆල් එකට. මොකද ඒකත් නිවෙන්න කලින් කටක් හරි කන්න එපැයි. ම්ම්... කපල කෑල්ලක් ගත්ත නම් තමයි ගෑරුප්පුවට. හැබැයි ටිකක් රබර් ගතියයිනෙ. ඒත් ඉතින් පීනට් බටර් නම් දාලා තියෙනව රස පදමටම ආයෙ. ඒකට ඩාර්ක් චොකෝ ෂොට් එකෙන් ටිකකුත් දාගත්ත නිසා... නරකම නෑ. හැබැයි කියන්න තේරෙන්නෙ නෑ මොකක්දෝ අඩුවකුත් දැනෙන නොදැනෙන ගාණයි. මගෙ හිතේ අර වොෆල් එක ටිකක් ඝනකම නිසාද දන්නෑ. ඒත් ඉතින් ඒකෙත් ක්‍රිස්පි ගතියෙ නම් අඩුවක් නෑ හොඳේ.

ක්‍රේප් එක පැත්තකින් තියල සිනමන් පෑන් කේක් එක රස බල බල ඉඳපු යාළුව හෙමින් සැරේ මගේ පැත්තට ඒක තල්ලු කළේ වොෆල් එක බලාපොරොත්තුවෙන් වෙන්න ඕන. ඉතින් මාත් ඒක දුන්න. දීලා ගත්ත චොකලට් ටිකක් උඩින් දාපු සිනමන් පෑන්කේක් එකෙන් කෑල්ලක්, කපල කරල ගෑරුප්පුවට. අරගෙන... හෙමින් සැරේ කටට ලං කරද්දි, පුදුම සුවඳක් ඈ... ආයෙ කුරුඳු සුවඳයි කියන්නේ.. ටොප් එකටම. ඊටත් කොහොමද ඒ කුරුඳු සුවඳ, රස එක්ක චොකලටුත් ගැළපුනාම.

ඇත්තටම ඉතින් අර කෑදර කමට මිසක් නැත්නම් කාගන්නත් බෑ අන්තිමට. ආයෙ වතුර බෝතල් දෙකකුත් ඉවර කරල විනාඩි 10-15ක් එහෙම්මම වැටිල හිටිය, යාගන්න බැරුව. ඇත්තටම ලැජ්ජාවෙ බෑ ආ... වැල ගිලපු කිඹුල්ලු වගේ. හැබැයි ඉතින් හිතට සන්තෝසයි, මොකද බඩකට හොඳහැටි පිරිලනෙ හරි හැටියට!


TIP

Get the Chocoholics stack!


Similar Places

User Reviews
B
6

4/5

0

BaileyDar

They have AWESOME waffles! A bit too expensive…

B
6

4/5

0

BaileyDar

They have AWESOME waffles! A bit too expensive…

See 2 Comments