Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2
Artwork for Shiwu Chinese - sidebar banner 1 Artwork for Coffee post sidebar 1

5/5

Chocolate Works

Delivery only


The Perfect Place To Get Your Chocolatey Cravings Satisfied!



දවල්ට කාලා ඇවිල්ල එක පැයක් නෑ. ඩෙසට් එකත් මේසෙටම කියන්නකො. ඊටත් හොඳේ කියන්නෙ, මම ආසම…

‘චොකලට් අනම් මනම්’ වලින්!

සෙනුරි ගෙනැල්ල මේසෙන් තිබ්බ මතකයි…

ආයෙ, දිග ඇරෙන ඇරෙන එක සිං සිං ගාලා යන්නෙ. කටක් දෙකක් කනවා පාස් කරනවා, කටක් දෙකක් කනවා පාස් කරනව.

ඒත්.. වැඩේ කියන්නෙ ඔය පාස් කරන එක පටන් ගත්තෙ විශ්විගෙන්නෙ. ඉතින් එයා හෙමිහිට රස කර කර කනකොට, ඔක්කොම ටික එතන ගොඩ ගැහිල. ඒකත්.. අවුලක් නෑ. මං කියන්නෙ, කොහොමද කියන්නකො එච්චර චොකලට් තොගයක් දිහා බලන් ඉන්නෙ?

විනාඩියක් දෙකක් බැලුවා.. හරියන්නෙ නැති තැන මම ඔලුව හැරෙව්ව ඒ පැත්තට, එච්චර වෙලා නොදැක්ක ගාණටනෙ හිටියෙ.

අන්න..

ඒ හරවල, එහෙක් කරල මෙහෙක් කරද්දි.. ඔය එන්නෙ චොකෝ ටික ලස්සනට, එක පෝලිමට!

මුලින්ම දුන්න එක නම් විශ්වි කියලමයි දුන්නෙ, “ඔය මින්ට් රසත් එක්ක උබට කොහොම වෙයිද දන්නෑ” කියල.

ඒත් ඉතින් මින්ට් වුණත් චොක්ලට්නෙ කියල මම කටක් දෙකක් කෑවා. ම්.. නරකමත් නෑ. හැබැයි ඇත්තටම ඒ මින්ට් රස නැති වුණා නම් පංකාදු ඩාර්ක් චොක්ලට් එක ඈ.. එහෙම නැත්නම් මින්ට් රස පොඩ්ඩක් අඩු වුණත් අවුලක් නෑ. මොකද ඒක, එහෙම හදන එකක් වෙන්න ඇතිනෙ. අනිත් කාරණය තමයි, ඒවා ‘බිස්කට් පුඩිම්ලු’ (රු. 750). සත්තයි, ඒක නම් හිතා ගන්න බෑ යාළු. බිස්කට් තියා.. තනිකරම කේක් වගේ. මං දන්නෑ මොනව දාලා හදලද කියල, මාරම සොෆ්ට්. අනික.. ඒ මින්ට් රස නෑ කියල හිතුවාම!

අර ඝන චොකෝ රස... ෂැහ්, දිව්‍යලෝකෙ ගියා වගේ ඈ…

ඊට පස්සෙ ආවෙ ටොබ්ලරෝන් බිස්කට් පුඩින් එක (රු. 700).

‘තරු පහයි’!

ආයෙ කතා දෙකක් නෑ තරු පහයි. ඒ කියන්නෙ, ඒකෙ කියන්න කිසිම වැරුද්දක් නෑ. මට වගේ නම් ඒකෙන් කිලෝ එකක් විතර කන්න බැරි කමකුත් නෑ. අනේ මංදා මේවා රෙසිපිද මොනවද කියල. දෙයියෝ.. චොකලට් බිස්කට් පුඩිං ඔච්චර රසට හදන්න පුළුවන් කියන්නෙ?

ඒකෙ යාළු.. සොෆ්ට් ගතියෙන් නම් අනූනයි. එතකොට බිස්කට් රසත් ලාවට එනවා. මිල්ක් චොක්ලට් තමයි උඩින් අතුරල තියෙන්නේ.. ඊට උඩින් පොඩි පොඩියට කපපු ක්‍රිස්පි ටොබ්ලරෝන් දාලා. කොටින්ම කියතොත් ‘චොක්ලට්, මිල්ක්, ක්‍රිස්පි’ හොඳම ගැලපුමේ සම්මානය දෙන්න පුළුවන් ඇස් පියාගෙන.

කිව්වට විශ්වාස කරන්න කටක් කෑවාම, හැන්ද නිකම්ම යන්නෙ අනිත් කටට හ්ම්…

වැඩේ කියන්නෙ ඊට පස්සෙ ආවා බ්‍රවුනි එකක් (රු. 480). ඒ.. කේ.. ඔක්කොම හොඳයි. මං කියන්නෙ අර සොෆ්ට් ගතියයි, චොකෝ රසයි ලෙසටම තියෙනව. ඒත් පොඩ්ඩක් බේක් වෙලා වැඩි ගතියකුත් ලාවට එනව. නිකම් කරවෙන්න ටිකක් කිට්ටු කරල වගේ.

හැබැයි ඉතින් එහෙමයි කියල අපි ඒක නොකා හිටියද? නොකා හිටියද මිත්‍රවරුනි?

නෑ..

ඒක කාලා ඊට පස්සෙ ආපු මූස් එකත් (රු. 220) කෑවා. අන්න, මූස් එකේ තියෙනව අර බිස්කට් පුඩිම්වල වගේ, නොම්මර එකේ පදම. කියල වැඩක් නෑ ආ.. සොෆ්ට් නම් අන්න සොෆ්ට්. අනික මිල්ක් චොක්ලට් රසත් ටොපේ ටොප්!

අන්තිමට කොහොමහරි කාලා කාලා, ටිකක් වෙලා වැටිල ඉඳල තමයි ආයෙ වැඩ පටන් ගත්තෙ. මොකද ‘මතේ’නෙ!


TIP

Get the Mint Choc-chip!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment