Artwork for byob_top banner_1
Artwork for 	Happy hour_top banner 2
Artwork for Coffee post sidebar 1

4/5

Chooty's Kitchen

Delivery only


Chooty's Kitchen does brilliant wonders with chicken, paired up with their homemade sauces.



අඟහරුවාදා ඉඳන්ම විශ්වි මාන බල බල හිටියෙ ඕකට. කොහොමහරි ඉතින් ඊයෙත් මිස් වුණානෙ. ඒකට අද අල්ලල.. ඕං ගෙදර ඉඳන්ම කාර්ට් එකට ඇඩ් කරගෙන ඇවිල්ල තියෙන්නෙ, ඕඩර් කරන කෑම ටික.

කොහොමහරි ඔෆිස් එකට ආවා.. 11 වෙනකම් ඇඟිලි ගැන ගැන හිටියෙ. කොටින්ම කියතොත් 11.05ට කඩේ ඇරල නෑ කියල හෙන බොරේ.

වෙලාවට ඊට තප්පරේ දෙක තියල කඩේ ඇරියෙ. අනේ මංදා, ඒ මනුස්සයටත් පොල්ලෙන් ගැහුව වගේ ඇති. ඇයි ඉතින් ඕපන් කියල දාපු ගමන්, තියෙන හැම ජාතියෙන්ම එක ගාණෙ  ඕඩරයක්නෙ.

වෙලාවට කඩෙත් ඒකට ලෑස්ති පිට ඉඳල තියෙන්නෙ. නැත්නම් බේරගන්න වෙන්නෙ නෑ. විශ්වි ගිහිල්ල හරි කෑම ගේන සීන් එකේ හිටියෙ. ඕඩරේ පැය බාගෙට, විනාඩි 40ට එනව කියල ඇප් එකේ පෙන්නුවට පස්සෙ තමයි පොඩ්ඩක් ඥංපදං ගෑවිල්ල නතර වුණේ. හැබැයි එහෙමයි කියල විනාඩි 5න් 5ට ෆෝන් එක බලන එකත් අමතක කරල නෑ..

වැඩේ වුණේ ටික වෙලාවක් යද්දි ඒක මට ගානක් නැතිවුණානෙ.

එහෙම ඉඳල ඉඳලා.. එක පාරටම,

“ආවා ආවා.. ඒ කෑම ටික ආවා. මං පල්ලෙහාට ගිහින් අරගෙන එන්නං..” කිව්ව. සල්ලි ගත්ත. දිව්..වා!

ආයෙ තප්පරයක්වත් පරක්කු කරල ඉතින් මොකටද කතන්දර කියල මාත්, ඒ ගැම්මටම වගේ ඇද්ද කෙලින්ම ලන්ච් රූම් එකට.

යද්දි ඔන්න ඉන්නව, තඩි පෙට්ටි ටිකකුත් ඉස්සරහින් තියාගෙන මේසෙට වාඩි වෙලා.

“හ්ම්.. පටන් ගමු නේ ඒනං” එයා කියන්න කලින් මමම වචනෙ දැම්ම. මොකද ඒක කෝකටත් හොඳයිනෙ.

ඉතින් ඉස්ඉස්සෙල්ලම කියල දිග ඇරියෙ ‘ෆේක් ටියර්ස් ලොලිපොප්’ (රු. 450) කියල ගහල තිබ්බ පොඩි පෙට්ටිය. මම හිතුවෙම අමුතු කෑමක් කියල. බැලින්නම් ඒකෙ, එක එක සෝස් අඩුම කුඩුම දාලා රස කරපු කුකුල් අඬු. ගත්ත එකක් අගින් අල්ලල, කෑවා කටට දෙකට.

“ෂැහ්, ඒ මේක බයිට් එකට මරුනෙ. හොඳ හැටි ලුණු ඇඹුල් තියෙනව. ඒ වගේම සෝස් රසත්. නිකම් සියඹල, සුදුලූණූ රසක් එන්නෙ නැද්ද යටින් යටින්?”

“එනව එනව ඒ, ලෙසටම එනව. ඊටත් බලන්නකො මේකෙ මස් ගැලවෙන විදිය. නියමෙටම පදම් වෙලා ඈ..”

ඒකෙන් අඬු දෙක තුන යාගෙන එද්දි අපි දිග ඇරිය ‘ලාස්ට් රිසෝට් වින්ග්ස්’ (රු. 650) කියල ගහපු තව පෙට්ටියක්.

“කිරි අප්පේ.. ඒකෙත් චිකන්. වින්ග්ස් නේ..” කෑවා එකක් අරගෙන හෙමින් සැරේ කෑල්ලක් කඩල.

“අඩෙහ්! මේකෙ චොකලට් රසක් එනවනෙ බං” මට නිකම් පළවෙනි කටෙන්ම වෙනසක්. බැලින්නම් ඇත්තටම ඒකට ස්වීට් වෙන්නත් මොනවද දාලා. හැබැයි ලාවට ෆ්‍රයි කරල ලුණු ඇඹුල්, සුදුලූණු රසත් හොඳ හැටි තියෙන සෝස් අඩුම කුඩුම එකක පදම් කරල නිසා කාගෙන කාගෙන ගිය හැකි කතාවක් බහක් නැතුවම. අනික කෑලිත් 6, 8ක්ම පෙට්ටියෙනෙ.

ඔක්කොමත් හරි වැඩේ පිටින්, දෙපිටින් ගියේ ‘සනි ඩේ ක්වාටර්’ (රු. 500) කියල ආපු චිකන් තයි එක කන්න පටන් ගත්තාම. දෙහි බෑයත් මිරිකල ගත්තා.. පංකාදුයි ඒක! ආයෙ අතටයි කටටයිත් නිවනක් නෑ දෙන්නගෙ. මාරුවෙන් මාරුවට, කඩනව කනව, කඩනව කනව. ඇත්තටම ඒක නම් සුපිරිම යාළු. ඉඟුරු සුදුළූණු වගේම, සියඹල ඇඹුල්, ලා සැර ගතියකුත් සෙට් වෙන්න ටොප් එකට හදල. අනික පදමට ෆ්‍රයි වෙලත් නිසා, කන්න කන්න ආසාවෙ බෑ.

දුකයි දුකයි දුකයි.. කියන්න ඇත්තටම දුකයි, ඒක නම් අපි දෙන්නම කාලා.. ඉවරයි!

වෙලාවට අන්තිමට කන්න ෆ්‍රයිඩ් රයිස් එකත් එක්ක ආපු ‘වේකප් ස්ලැප් වින්ග්ස්’ (රු. 650) කියල තව එකක් තිබ්බෙ. හැබැයි ඒ.. කේ… නෑනෙ ලොකු වෙනසක් අර චිකන් තයි එකත් එක්ක. එකම වගේ. මගෙ හිතේ බතත් එක්ක බෙදල හින්දද දන්නෙ නෑ. ඇඹුල් ගතිය, ලා සැර ගතිය, සෝස් රස.. සියල්ල නියම පදමට තිබ්බට.. අනේ මන්දා. අනික ඒ රයිස් එකෙත් කිසිම නෑ ෆ්‍රයිඩ් රයිස් ගතියක්. මොකක්දෝ අමුතු රසක් එනව, හැබැයි සෙට් වෙන්නෙ නෑ. වැඩේ කියන්නෙ බැලූ බැල්මට එහෙම නම් කටට කෙල උනන ගානයි. ඒත් කද්දි?

ඇත්තටම ඉතින් ඒකෙ වෙච්ච අවුල දන්නෙ එයාලම තමයි.

කොහොම වුණත් චිකන් ටික නම්.. මල් හතයි ඈ..

මට හිතුනෙම.. පොඩියට මොනවහරි තිබ්බ නම්… කියල, හ්ම්..!

Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment