Artwork for PMF BF Top banner 1
Artwork for PMF BF Top banner 2

3/5

Chopsticks

317/1 Nawala Road, Nawala


Chopsticks is another spot that we love. It's quiet, unassuming and dishes up some bomb Sino-Lankan food fare.



චොප්ස්ටික්ස් කියන්නේ කාලයක් තිස්සේ මම ඇහැ ගහගෙන උන්නු තැනක්. මොකද සමහර කට්ටිය මෙතැනට පලු යනකම් බනිනවා. තවත් සෙට් එකක් මේක ගැන හොඳමයි කියන්නේ. ඉතින් මේකේ ඇත්ත නැත්ත බලාගැනීමේ ඕනෙකමක් තමයි මට තිබුණේ.

කොහොමින් කොහොම හරි මට ඕකට අවස්ථාව ලැබුණේ පහුගිය ඉරිදා නාවල පැත්තේ රවුමක් ගහපු වෙලාවේ. එහෙනම් ඔන්න අහගන්නකෝ විස්තරේ.

තැන

චොප්ස්ටික්ස් එක තියෙන්නේ රාජගිරිය පැත්තේ ඉඳලා එද්දී නාවල හන්දියට පොඩ්ඩක් වගේ මෙහා පැත්තේ. පාර අයිනේ ම තඩි බෝඩ් ලෑල්ලක් ගහලා තියෙන නිසා ලේසියකට මඟ හැරෙන්නේ නැහැ.

සාමාන්‍යයෙන් කොළඹ තියෙන චයිනීස් රෙස්ටෝරන්ට් එකක තරම් කලඑළියක් නැතත්, මෙතැන අවුලක් නැහැ. ටිකක් අඳුරු ගතියට තියෙන එක තමයි ප්‍රශ්නේ. හැබැයි අනං මනං සද්ද බද්ද නැතුව තමන්ගේ පාඩුවේ කෑම ටික ගන්න නියම තැන.

කෑම බීම

ලංකාවේ ට්විස්ට් එකක් එක්ක එන චයිනීස් කෑම තමයි මෙතැන තියෙන්නේ. මස්, මාළු ජාති තොගයක් එක්ක, බත් සහ නූඩ්ල්ස් වර්ග මෙතැනින් ගන්න ඇහැකි. අපි ඕඩර් කළේ “චොප්ස්ටික්ස්  ස්පෙෂල් රයිස්” (රු.500) එකකුයි, “පෝර්ක් ඉන් රෙඩ් වයින් සෝස්” (රු.550) එකකුයි, “හොට් බටර් මෂ්රූම්” (රු.425) එකකුයි. බීමට නම් මේ කට්ටිය ළඟ ඇල්කොහොල් ජාති තියෙනවා. ඒ වුණාට සුපර් මාර්කට් ගාණ වගේ දෙගුණයක් විතර ගාණ වැඩියි. අනික ටැක්ස් එහෙම වැදිලා එද්දී තවත් ඒ ගාණ ඉහළ යනවා. ඒ නිසා බියර් ගන්න එක පැත්තක තිබ්බ අපි කොකාකොලා දෙකක් (එකක් රු.120) ඕඩර් කළා.

චොප්ස්ටික්ස්  ස්පෙෂල් රයිස් එක නියමයි. චිකන්, බීෆ්, පෝක්, ඉස්සෝ ජාති හතර ම මදි නොකියන්න එක්කාසු කරපු මේ බතේ තෙල් ගතියක් නොතිබුණු නිසා සෑහෙන්න හොඳයි. අනික බාස්මති හාල හොඳ ගානට තැම්බිලත් තිබුණනේ. අතරින් පතර හැපෙන කැරට්, ලූණු කොළවලින් බතට රස එකතු වුණා විතරක් නෙවෙයි, ඒකෙ පෙනුමත් හෙන හැඩ වුණා.

පෝර්ක් කරියත් සිරා. විශ්වාස කරන්න මහත්තයෝ මේකෙන් වයින් රසයි සුවඳයි දෙකම ආවා. වැඩේ කියන්නේ බෙහෙතකටවත් මේ පෝර්ක් එකේ තෙල් කෑල්ලක් හොයාගන්න නෑ. තනිකරම තිබුණේ මස. අනික ක්‍රිස්පි ගතියට එන්න බැදිලා. බතත් එක්ක මික්ස් වෙද්දී තවත් මරු.

ඇත්ත ම කිව්වොත් චොප්ස්ටික්ස් එකේ හොට් බටර් මෂ්රූම් එකේ රස අපට කාලෙකට අමතක වෙන එකක් නැහැ. මොකද සෑහෙන්න කාලෙකින් කෑව නියම ම එකක් මේක. මාර ම ක්‍රිස්පි. කරස් සද්දෙන් හැපෙන්නේ. ලූණු කොළ, කෑලි මිරිස්වලින් නියම ගානට සීසනින් කරලා. මේක නම් බයිට් එකට වුණත් නියමයි.

සර්විස් එක

අපේ කෑම බීම සේරම මේසෙට එන්න ගත වුණේ විනාඩි 20ක වගේ කාලයක්. හැබැයි එවෙලේ ම හදලා උණුඋණුවේ මේසෙට ආව නිසා ඒ වගේ වෙලාවක් ගත වුණාට කිසිම අවුලක් නැහැ. ලොකු හිනා කතා නැතත්, ස්ටාෆ් එකේ අයත් මිත්‍රශීලීයි.

අවසාන වශයෙන්

ටැක්ස්, සර්විස් චාර්ජ් සේරම එක්ක එද්දී රු.2169ක මුදලක් අපට මේ කෑම බීම ටිකට වැය වුණා. හැබැයි ඉතින් ඔය ගාණට ඉස්මුරුත්තාවට එනකන් කන්න ලැබුණු එක ම මදැයි. මොකද මෙයාලගේ හැම කෑමක ම පෝෂන් සයිස් එක හදලා තියෙන්නේ දෙන්නෙක්ට හරි යන්නනේ. ලාවට කන අය නම් තුන්දෙනෙක්ට වුණත් ඇති. නාවල පැත්තෙන් යන වෙලාවක චයිනීස් කෑම බඩගින්නක් ආවොත්, චොප්ස්ටික්ස් කියන්නේ ඒකට නියම තැනක්.

All Reviews

Chopsticks is a ritual escape for those of us who like to dine on some easily affordable and delicious Sino-Lankan cuisine.

Chopsticks is a quiet, almost invisible restaurant at Nawala. We like the place.

Chopsticks is a down to earth joint in Nawala serving a vast menu of cheerfully Sri Lankanised Chinese food. Fried rice, devilled chicken, black bean pork and so on - the Sino-Lankan side of the menu is huge, and most of what we devoured was incredibly satisfying

සිංහල ටැක්ස්, සර්විස් චාර්ජ් සේරම එක්ක එද්දී රු.2169ක මුදලක් අපට මේ කෑම බීම ටිකට වැය වුණා. හැබැයි ඉතින් ඔය ගාණට ඉස්මුරුත්තාවට එනකන් කන්න ලැබුණු එක ම මදැයි.

සිංහල චොප්ස්ටික් මේ භෝජන කලාවට උපරිම ආස්වාදය එක් කරලා. ඔවුන්ගේ ආහාර සරළයි, අව්‍යාජයි, හොඳයි. ශ්‍රී ලාංකික චීන භෝජන කලාව තුළ කොයි තරම් ආහාර වර්ග හැදුණත්, හොඳ ෆ්‍රයිඩ් රයිස් එකක් සොයාගැනීම ලෙහෙසි නැහැ. ඒත්, චොප්ස්ටික්ස් ඔබට පිරිනමනවා, හොඳ ෆ්‍රයිඩ් රයිස් (රු. 280ට) හා චිලි චිකන් (රු. 400).

User Reviews
C
1

4/5

1

ChrishanthaJayasinghe-cj

Next time you go you should try their Mixed Grill. They have the normal as well as the sea food both are super. Also they do a good pork knuckle. You can get it in the traditional manner or if you require they pull it apart and devil it in true Sri Lankan fashion and give it to you, and it tastes amazing. I have also had their baked crab which is good too. A lot of people fail to try their western menu thanks to their name.

Avatar for Kushan1987
1

5/5

0

Kushan1987

Great food and service. Thumbs up!!

C
1

4/5

1

ChrishanthaJayasinghe-cj

Next time you go you should try their Mixed Grill. They have the normal as well as the sea food both are super. Also they do a good pork knuckle. You can get it in the traditional manner or if you require they pull it apart and devil it in true Sri Lankan fashion and give it to you, and it tastes amazing. I have also had their baked crab which is good too. A lot of people fail to try their western menu thanks to their name.

Avatar for Kushan1987
1

5/5

0

Kushan1987

Great food and service. Thumbs up!!

See 20 Comments