Artwork for PickMe Flash top banner 2 - August 2020
Artwork for Coke with food - top banner
Artwork for amex sidebar banner - temp Artwork for Excel restaurants sidebar banner 2 temp

4/5

Cimply Yummy

No 77A Mirihana Rd, Nugegoda


Cimply Yummy is a pretty rad place to get kottu in Kotte, just because they have the option of getting Bacon Kottu.



වෙන කොහෙවත් නැති විදිහෙ මරු බේකන් චීස් කොත්තුවක් කන්න පුළුවන් එකම තැන විදිහට තමයි ඇතුල්කෝට්ටේ තියන සිම්ප්ලි යමී රෙස්ටුරන්ට් එක ගැන අපිට හතරවටින්ම ආරංචි වුණේ. මේ කතාවෙ ඇත්ත නැත්ත හොයන්න අපි ගියා සිම්ප්ලි යමී හොයාගෙන.

තැන

එළියෙන් බැලුවම නම් මේක කිසිම විශේෂත්වයක් පේන්නෙ නැති රෙස්ටුරන්ට් එකක්. ඇතුළට ගියත් වෙනසක් නෑ. ප්ලාස්ටික් පුටු මේස තියපු සාමාන්‍ය කෑම කඩයක්. හැබැයි හුඟක් සාමාන්‍ය කෑම කඩ වගේ අපිරිසිදුකමක් නම් පේන්න තිබුණේ නෑ.

කෑම

රයිස් ඇන්ඩ් කරි, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, සුප්, සැලඩ් අනංමනං ජාති ගොඩක් සිම්ප්ලි යමී මෙනු එකේ තිබ්බට, අපි ගියේම බේකන් චීස් කොත්තු හොයාගෙන නිසා අපි මුලින්ම උණු උණුවෙම ඕඩර් කළෙත් බේකන් චීස් කොත්තුවක්. (රු. 650) තව මදි පාඩුවට මික්ස්ඩ් චිලී ෆ්‍රයිඩ් රයිස් එකකුත්. (රු. 600)

මික්ස්ඩ් චිලී ෆ්‍රයිඩ් රයිස් එක හොඳ පෙනුමයි. චිකන්, පෝක්, ඉස්සො, සොසේජස් මික්ස් කරලා අමුමිරිස් වියළි මිරිස් ගම්මිරිස් අඩුමකුඩුම අඩු නැතුව දාලා. ලීක්ස් කෑලියි කැරට් කෑලියි එක්ක තව පාටත් වැටිලා. ඉතිං අපි කටක්.. දෙකක්.. තුනක් කාල බැලුවා. නරක නෑ. එකම අවුල චිකන් කෑලි ටික හපන්න අමාරු තරම් හයිය වෙච්ච එක තමයි. ඒ ඇර කියන්න තරම් වරදක් නෑ. ආ! තව මේකත් එක්ක අපිට චොප්සි ටිකකුයි චිලි පේස්ට් එකකුයි හම්බුණා. හැබැයි ඒ දෙක දිහා නං අපි ඇහැක් ඇරලා බැලුවෙ නෑ.

මේක තමයි දවසේ තරුව! උණුවෙන් දුම් දදා මේසෙට ආව බේකන් චීස් කොත්තු එක ගැන නං කියන්න වචන නෑ. දෙන්නෙකුට බඩ පිරෙන්න කන්න පුළුවන් තරමට ලොකුයි. ඒ වගේමයි පෙනුමත්. දැක්කත් බඩ පිරෙනවා. හා හා පුරා කියල කටක් කෑවම සියලු රස නහර අවදි වුණා වගේ දැනුණ. ඊළඟට අපි කළේ මික්ස්ඩ් චිලී ෆ්‍රයිඩ් රයිස් එක පැත්තකින් තියල කොත්තුව කාගෙන කාගෙන ගියපු එක.

හැම කටක් ගානෙම මහ ගොඩක් බේකන් කෑලි හැපෙන එක තමයි මේ කොත්තුවෙ ලොකුම විශේෂත්වය. ඒ වගේම චීස් විදිහට දාල තිබ්බෙ ලොකු හැපි කව් චීස් කෑලි. ෆ්‍රෙෂ් කැරට් ලීක්ස් කෑලිත් එක්ක චීසුයි බේකන් කෑලියි හැපෙනකොට හිතාගන්න පුළුවන් ද රස! යස පදමට සැරයිත් එක්ක. පැණි රහත් එහෙන් මෙහෙන් ගාණට දැනෙනවා. කතා දෙකක් නෑ මං මෙච්චර කාලෙකට කාල තියන හොඳම කොත්තුව ඒක!

සර්විස් එක

කියන්න තරම් වරදක් නැති සුහදශීලී ප්‍රියමනාප සර්විස් එකක් සිම්ප්ලි යමී එකෙන් අපිට ලැබුණා. ඒ වගේම අපි ගිය වෙලාවෙ ලොකු සෙනඟක් හිටියෙ නැති හින්ද කලබලේකින් තොරව ඕන තරම් වෙලා අරං කෑම කන්නත් අපිට අවස්ථාව ලැබුණා.

අවසාන වශයෙන්

අපි මික්ස්ඩ් චිලී ෆ්‍රයිඩ් රයිස් එකේ කෙසේ වෙතත්, බේකන් චීස් කොත්තුවෙ නං ෆෑන්ස්ලා බවට පත් වෙලයි මෙතනින් පිටත් වුණේ. සාමාන්‍යයෙන් කෝට්ටේ පැත්තේ එවෙන්නේ නැති කෙනෙක් වුණත්, සිම්ප්ලි යමී බේකන් චීස් කොත්තුව වෙනුවෙන්ම කෝට්ටේ පැත්තේ ආවත් පාඩු නෑ!


Similar Places

User Reviews
S
1

5/5

0

Shanakamm

The best kottu I ever had. Their bacon cheese kottu is the best in the country. A must try place.
The service was really good and attentive. Higly recommended

H
1

5/5

0

hkthilina

Cimply the best kottu I had ever. Highly recommended. Would have been a frequent visitor if its somewhere closer to me 🥰🥰

A
1

5/5

0

Anuranga Goonatilleke

Love their Bacon Kotthu! Absolutely amazing with generous portions and they don't hold back on the bacon at all!

S
1

5/5

0

Shanakamm

The best kottu I ever had. Their bacon cheese kottu is the best in the country. A must try place.
The service was really good and attentive. Higly recommended

H
1

5/5

0

hkthilina

Cimply the best kottu I had ever. Highly recommended. Would have been a frequent visitor if its somewhere closer to me 🥰🥰

A
1

5/5

0

Anuranga Goonatilleke

Love their Bacon Kotthu! Absolutely amazing with generous portions and they don't hold back on the bacon at all!

S
1

5/5

0

Sandy_rodrigo

Best bacon kottu in town 🔥

See 5 Comments