Artwork for PMF Negombo shoutout top banner 1
Artwork for PMF Negombo shoutout top banner 2

4/5

CityRest Fort 24/7 Ice Cream

No 46, Hospital Street, Colombo 01


The only spot in Colombo serving ice cream 24/7/365!



ඔය නයිට් අවුට් යන දවසක, මහ පාන්දර 2ට විතර අයිස්ක්‍රීම් කන්න දොළදුකක් ආවොත්; මොකද කරන්නේ?

පාන්දර 2 කියන්නේ සුපර්මාකට් ගොඩක් ඒවා වහලනේ. අයිස්ක්‍රීම්වලට වෙන් වුණු කඩවල් එහෙමත් සේරම වහලා. අන්න ඒ වගේ වෙලාවක යන්න පුළුවන්, සතියේ දවස් හත වගේ ම, දවසේ පැය 24ම ඇරලා තියෙන අයිස්ක්‍රීම් කඩයක් ගැන කියන්නයි මේ ලෑස්තිය. මේක තියෙන්නේ කොටුවේ සිටිරෙස්ට් එකේ.

තැන

සිටිරෙස්ට් එක තියෙන්නේ කොටුවේ හොස්පිටල් ස්ට්‍රීට් එකේ. ඒ කියන්නේ ඩච් හොස්පිටල් එක පිටිපස්සෙන් වැටිලා තියෙන පාරේ. මේක ඇත්තට ම පොඩි මොටෙල් එකක්. දොරෙන් ඇතුළු වෙද්දී ම තියෙන ලොබි එකේ තමයි මේ අයිස්ක්‍රීම් විකිණෙන්නේ. එක්කෝ ලොබි එකේ තියෙන පුටුවල වාඩි වෙලා මේවයේ රස බලන්න පුළුවන්. නැත්තන් අරගෙන යන්නත් පුළුවන්. කප්වලට දාලා වගේ ම, වොෆල් කෝන්වල දාලත් මේ අයිස්ක්‍රීම් ගැනීමේ හැකියාව තියෙනවා.

අයිස්ක්‍රීම් ජාති  

අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් පහළොවක් විතර සිටිරෙස්ට් එකේ තියෙනවා. එයින් ඕනේ ම එකක් රු.170යි. අපි ඔය අතරින් කීපයක ම රස බැලුවා.

ෂහ්! අපි ගත්ත චොකලට් චිප්ස් අයිස්ක්‍රීම් එක පංකාදු පහයිනෙ. චොකලට් රසත් තදට ම තියෙන, නියම ක්‍රීමි ගතියට තියෙන අයිස්ක්‍රීම් එකක් මේක. අතරින් පතර හැපෙන චොකලට් චිප්ස් නිසා මේකේ රස තවත් වැඩි වෙලා දැනුණා.

ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක ශේප්. කොහොමත් අපට සාමාන්‍යයෙන් රස බලන්න ලැබෙන ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්වල ස්වාභාවික ස්ට්‍රෝබෙරි රස නැහැනේ. මේකත් ඉතින් එහෙමම තමයි. හැබැයි ක්‍රීමි ගතිය සෑහෙන්න හොඳට තිබුණා. ඒක නිසා ආසාවෙන් කන්න පුළුවන්.

පීච් අයිස්ක්‍රීම් එකෙන් හොඳ ස්ට්‍රෝන්ග් පීච් රසක් ආවා. ඒ වගේමයි සුවඳත්. අනික ඇඹුල් ගතියයි, පැණි රසයි දෙක ම ගානට බැලන්ස් වෙලා.

හරි හරි, ඔය සේරම අයිස්ක්‍රීම් ජාති අපි කලින් කාලා තියෙනවනේ. හැබැයි ඕනේ ඔට්ටුවක්, ඔය කට්ටිය දූරියන් අයිස්ක්‍රීම් කාලා තියෙනවද? අපේ සමහර අයට දූරියන්වල ගඳවත් ඉවසගන්න බැහැනේ. ඒ වුණාට මේ අයිස්ක්‍රීම් එක ඔය කාට වුණත් හොඳට රස බලන්න පුළුවන් එකක්. ඇත්තට ම මේක කද්දී ලොකුවට දූරියන් සුවඳක් හෝ රසක් එන්නේ නැහැ. ඒ වුණාට කාලා ඉවර වුණාට පස්සේ එන ආෆ්ටර් ටේස්ට් එකේ දූරියන් රසයි, සුවඳයි දෙක ම හරි හරියට තියෙනවා.

සර්විස් එක

මේ අයිස්ක්‍රීම් පිළිගැන්වෙන්නේ මෙතැන සිටිරෙස්ට් හෝටලයේ රිසෙප්ෂන් එකේ ඉන්න කෙනාගේ අතින්. ඒක නිසා හරි ම මිත්‍රශීලී සර්විස් එකක් දැකගන්න ලැබුණා.

අවසාන වශයෙන්

ඔන්න එහෙනම් දවසේ කොයි වෙලාවේ අයිස්ක්‍රීම් බඩගින්නක් ආවත් බයක් සැකක් නැතුව යන්න පුළුවන් තැනක් තමයි මේ. කොටුවේ පැත්තේ රාජකාරි කරන, රස්තියාදුවේ යන අයට මේක සෑහෙන්න හොඳ ආරංචියක් වේවි කියලා අපි හිතනවා. මොකද රු.170 කියන්නේ ලොකු ගාණක් වගේ පෙනුණට, වොෆල් කෝන් එකේ රසයි, අයිස්ක්‍රීම් ස්කූප් එකේ සයිස් එකයි දැක්ක ම ඒවා ගානක්වත් වෙන එකක් නැහැ.

Address

No 46, Hospital Street, Colombo 01

Directions

Located at Hospital Street, right opposite THE.RE.PUB.LK

Contacts

Facebook E-Mail

Report Inaccuracy

Open until 12:00 AM

Price Range

Less than 200

Dish Types

Ice Cream

Ratings Breakdown

Overall Rating
4
Quality Rating
4
Service Rating
4
Ambience Rating
2
Similar Places

Have you visited this place?

Write your own review!
See 5 Comments