Artwork for pat pat lk temp top banner 1 with blog post
Artwork for GOURMET GROCERS top banner 2 test
Artwork for PMF Dinner-Promo-July-Yamu-Side-Bar Artwork for providore.shop sbb 2

3/5

Classic Bites

Delivery only


Bites, burgers, submarines, wraps and more.



සංචරණ සීමා නිසා එළියට පහළියට බහින්නත් බෑ කියල ගෙදර කෑම ම කකා ඉඳලා, ඊයෙ පෙරේද පොඩි වෙනසකටත් එක්ක අපි පික්මී ෆුඩ් එකෙන් දැම්මා ඕඩරයක්. මොක වුණත් අපිට කඩ කෑම නැතුව ඉඳල පුරුද්දක් නෑනෙ. 

මේක ඩිලිවරිවලට විතරක් ම වෙන් වුණ තැනක්. තියෙන්නෙ පිටකෝට්ටේ. නම ක්ලැසික් බයිට්ස්. චිකන්, පෝක්, සීෆුඩ්, එග්, වෙජි කියන ඕන ජාතියකින් බයිට් වර්ග මේගොල්ලො ළඟ තියනවා. කිලෝ ගණන්වලින් වුණත් ගන්න පුළුවන්. ඊට අමතරව බර්ගර්, සබ්මැරීන්, රැප්ස්, පැස්ටා, සැලඩ් වගේ දේවලුත්.

අපි ගත්තා බේකන් ඇන්ඩ් එග් රැප් එකයි (රු. 563), ශ්‍රෙඩඩ් චිකන් බර්ගර් එකයි (රු. 688) එක්ක චිලි චීස් ෆ්‍රයිස් (රු. 375).

චිලි චීස් ෆ්‍රයිස් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තිබුණෙ නයි මිරිස් හරි කොච්චි හරි එක්ක චීස් ටොපිං දාපු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කියලා. ඒ හින්දා මේක හෙන සැර ඇති කියල හිතුවට මොකද එහෙමකට ස්පයිසි ගතියක් තිබුණෙ නෑ. කොටින් ම අමුමිරිස් කෑලිවලින් ආපු ළා සැර මිසක් නයි මිරිස් රහක් නං ආවෙ ම නෑ. චීස් ටොපිං එක නං හොඳහැටි දාල තිබුණා. මදි පාඩුවට බ්ලැක් ඔලිව් කෑලි එහෙමත් එකතු කරල නිසා පෙනුමත් නරක නෑ. ෆ්‍රයිස් ටික හොඳට බැදිලා කරස් ගාල හැපෙන මට්ටමේ තිබුණා.

බේකන් ඇන්ඩ් එග් රැප් එකට තම්බපු බිත්තරයක් පෙති කපලා දාලා, චීස් සහ හොඳ අලුත් තක්කාලි, ලූනු, පිපිඤ‍්ඤා, සලාද කොළ එහෙම පාවිච්චි කරලා තිබ්බා. ඒ නිසා ෆ්‍රෙෂ් ගතිය හොඳට දැනුණා. තව මෙයොනීස් ටිකක් ආව නං ඩ්‍රයි ගතිය අඩු වෙයි කියල හිතනවා. මොකද රැප් එක කටට සොෆ්ට් වුණාට ටිකක් වියළියි. මේකට පොඩි ම පොඩි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකක් වෙන ම ආවා.

මේ තියෙන්නෙ බර්ගර් එක. මොකද්දෝ හේතුවකට මේ බන් එකේ උඩ කොටස හොඳටෝම පොඩිපට්ටං වෙලයි ආවෙ. මේක දාල තිබුණ බෑග් එක පොඩ්ඩක්වත් පොඩි වෙලා තිබුණෙ නැති නිසා, ඩිලිවරි එකේ දි වෙච්ච දෙයක් කියල හිතන්නත් බෑ. පෙනුම කොහොම වුණත් රස අතින් නං බර්ගර් එක නියමයි. රැප් එකේ වගේ ම තක්කාලි, ලූනු, පිපිඤ‍්ඤා, සලාද කොළ ටික හොඳ ෆ්‍රෙෂ්. ලෝබ නැතුව චීස් ලේයර්ස් දෙකක් අතුරල තිබුණා.

හොඳට චීස් සහ සෝස් තැවරිලා තිබුණ ශ්‍රෙඩඩ් චිකන් ටික හොඳ රසයි. චිකන්වල තෙත ගතියයි, සෑහෙන ස්ටෆ් කරල තිබුණ නිසයි බර්ගර් බන් එක කඩන් වැටෙන්න ඔන්න මෙන්න තත්ත්වෙක තිබුණෙ. කොහොම වුණත් ඒ ගාණට පාඩු නෑ. මේකත් එක්ක පොඩි සයිස් කෝක් බෝතලේකුයි පොඩි ෆ්‍රෙන්ච් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් පෝෂන් එකකුයිත් හම්බෙනවා.

අවසන් වශයෙන්

කෝට්ටේ අවට ඉන්නව නං ක්ලැසික් බයිට්ස් එකෙන් ඕඩරයක් දැම්මට පාඩු නෑ. හැබැයි ඒගොල්ලො ස්පයිසි ෆ්‍රයිස් එකේ ස්පයිසි ගතිය තව අප් කරනව නං හොඳයි.


Similar Places

Have you visited this place?

Write your own review!
Leave a comment